ලසිත් මාලිංග තවත් තරගයක් කණපිට හරවයි

843
IPLT20.COM

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් තරගය ලෙස ඊයේ (5) රාත්‍රියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර පැවති තරගය කඩුලු 9කින් ජය ගැනීමට මහේල ජයවර්ධනගේ පුහුණුකාරිත්වයෙන් යුත් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ලෝක කුසලානෙට කලින් මාලිංගට රෙස්ට් එකක්

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කිරීම ………..

මුම්බායි කණ්ඩායම මේ ලබා ගත් දැවැන්ත ජයග්‍රහණයත් සමඟම IPL තරගාවලියේ මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනා ගත්තේ මේ දක්වා දින ගණනාවක් එහි පෙරමුණේ සිටි චෙන්නායි හා දිල්ලි යන කණ්ඩායම් පිළිවෙළින් දෙවැනි හා තෙවැනි ස්ථාන දක්වා පහතට ඇද දමමිනි.

කෙසේ නමුත් මේ තරගයේ දී ලසිත් මාලිංග නායක දිනේෂ් කාර්තික්, නිතිෂ් රානාගේ කඩුල්ල හා මේ දක්වා කොල්කටා කණ්ඩායමේ ලකුණු මැෂිම බඳු වූ අන්ද්රේ රසල්ගේ කඩුල්ල පළමු පන්දුවෙන්ම දවා ගැනීම තරගයේ ප්‍රතිඵලය කණපිට හැරවීමක් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයින් පෙන්වා දී තිබුණි.

මුම්බායි කණ්ඩායමේ සත්කාරක ක්‍රිකට් ක්‍රීඩාංගණය වන මුම්බායි හි වන්කඩේ ක්‍රිකට් පිටියේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් මුම්බායි නායක රෝහිත් ශර්මා පළමුව පන්දුවට පහර දීමට කොල්කටා කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් වාර්තා කළහ.

කොල්කටා කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ සුහබ්මන් ගිල් හා ක්රිස් ලින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවයක් ගොඩනංවා තිබිය දී ලකුණු 9ක් ලබා සිටි ගිල් ඉනිමේ පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් කිරීමට හර්ඩික් පාන්ඩ්‍යා සමත් විය.

කොල්කටා කණ්ඩායම මෙවැනි ලකුණු මට්ටමකට හෝ ඔසවා ගෙන ගිය ක්‍රිස් ලින් හා රොබින් උත්තප්පා පිළිවෙළින් ලකුණු 41ක් හා ලකුණු 40ක් වාර්තා කර ගත්තේය. කෙසේ නමුත් ක්‍රිස් ලින් එම ලකුණු 41 ඉතාමත්  රැස්කරගත් නමුත් උත්තප්පා එම ලකුණු 40 ලබා ගැනීමට පන්දු 47ක් වැය කළේ නිලකුණු පන්දු වාරයක් ද මුම්බායි කණ්ඩායමට ලබා දෙමිනි. එම නිලකුණු පන්දුවාරය යොමු කළේ මිචෙල් මැක්ලනගන් විසිනි.

ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකුට ප්‍රථම වරට එක්දින වරම්

ස්කොට්ලන්තය හා ඇෆ්ගනිස්තානය අතර …….

එහි දී සුපිරි පන්දු යැවීමක නිරත වූ ලසිත් මාලිංග සිය නියමිත පන්දුවාර 4 තුළ ලකුණු 35කට කඩුලු 3ක් බිඳ දමමින් කොල්කටා ඉනිම සුනුවිසුනු කර දමන ලදි. එම කඩුලු 3 ද සමඟින් මේ දක්වා තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් ක්‍රීඩකයින් අතර 11 වැනි ස්ථානය දිනා ගැනීමට මාලිංග සමත්ව තිබෙන්නේ තරග 10ක් තුළ කඩුලු 15ක් දවා ගනිමිනි.

සිය පිළිතුරු ඉනිම දියත් කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 16යි එක් පන්දුවක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී සිය නියමිත ලකුණු ප්‍රමාණය වාර්තා කර ගත් අතර එහි දී මුම්බායි කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා කණ්ඩායමේ නැංගුරම බවට පත්වෙමින් හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 55*ක් රැස්කළ අතර ඒ සඳහා ඔහුට වැය වූයේ පන්දු 48ක් පමණි. ඊට අමතරව සූර්යකුමාර් යාදෙව් නොදැවී ලකුණු 46*ක් රැස් කළේය. ක්වින්ටන් ඩි කොක් ලකුණු 30යි.

බිලියන 1.37ක සිහින සමඟ සෙල්ලම් කරන ඉන්දියාව

එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා ඇත්තේ තවත් …….

ඒ අනුව මෙවර IPL ක්‍රිකට් තරගාවලියේ මූලික වටය අවසානයේ දී මුම්බායි ඉන්දියන්ස්, චෙන්නායි සුපර් කිංග්ස්, දිල්ලි කැපිටල්ස් හා සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් තරගාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගත් අතර තරගාවලියේ දෙවන වටය හෙට (7) සිට ආරම්භ වේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<