ස්කොට්ලන්ත ක්‍රීඩකයෙකුට ප්‍රථම වරට එක්දින වරම්

240

ස්කොට්ලන්තය හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා 14 දෙනකුගෙන් යුත් ස්කොට්ලන්ත සංචිතය නම් කර තිබේ. මේ සඳහා මෙතෙක් එක්දින වරම් නොලැබූ ගැවින් මේන් ද කැඳවා ඇත.

>>  මෝර්ගන් පාකිස්තානය සසල කරවයි  <<

මෙම 14 දෙනෙකුගෙන් යුත් සංචිතයේ ක්‍රීඩකයන් 10 දෙනෙකුම නිමා වූ ඕමාන් සංචාරයකට එක්වූ ක්‍රීඩකයන් වේ. එම ඕමාන සංචාරය ස්කොට්ලන්තයට සාර්ථක තරගාවලියක් විය. එහි දී සංචාරයක ස්කොට්ලන්ත කණ්ඩායම ඕමානය තරග 2-1ක් ලෙස එක්දින තරගාවලියේ දී පරාජය කරන ලදි.

ඇෆ්ගනිස්තානය සමඟින් ස්කොට්ලන්තය එක්දින තරග දෙකකට මුහුණ දීමට නියමිතය. එම තරග මැයි මස 8 වැනිදා හා 10 වැනිදා Edinburgh හි The Grange හිදී පැවැත්වෙනු ඇත. ස්කොට්ලන්ත සංචිතයට එක්වූ නවක ක්‍රීඩක ගැවින් මේන් එහි දී එක්දින වරම් ලබා ගනු ඇත. ඔහු පන්දු යවන්නෙකු ලෙස කණ්ඩායමට සේවය සපයනු ඇත. ගැවින් මේන් 24 හැවිරිදි වන අතර ඔහු Durham කණ්ඩායම සමග තරග කොන්ත්‍රාත්තුවකට ද එක්වී ඇත.

ඇෆ්ගනිස්තාන කණ්ඩායම මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම්වල 7 වැනි ස්ථානය ලබාගෙන ඇති අතර ස්කොට්ලන්තය 12 වැනි ස්ථානය ලබාගෙන ඇත. ඒ 13 වැනි ස්ථානය සිම්බාබ්වේ කණ්ඩායමට හිමිකර දෙමිනි.

මෙම වසරේ මුල් භාගයේ දී ස්කොට්ලන්ත සාර්ථක ඕමාන සංචාරයකට එක්විය. ස්කොට්ලන්ත කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශේන් බර්ගර් කියා සිටියේ තම කණ්ඩායම මෙම තරගාවලිය සඳහා හොඳ ආත්ම විශ්වාසයකින් පසුවන බවයි.

“අපි ගොඩක් සතුටු වෙනවා Edinburghවලට නැවතත් එක්දින තරග ගෙන ඒමට හැකි වීම ගැන. මොකද 2018 ජුනි මාසයෙන් පස්සේ කිසිම කණ්ඩායමක් Edinburgh වල එක්දින තරගයක් ක්‍රීඩා කරලා නෑ. අපි මේ අවුරුද්දේ මුල ඕමාන් වල සහභාගි වූ තරගාවලියේ අපි සාර්ථක ප්‍රතිඵල ලබා ගත්තා. තරගාවලි ජයග්‍රහණයක් ද ලබා ගැනීමට හැකි වුනා.” ඔහු පැවසීය.

“අපි හොඳ සූදානමකින් වගේම ජයග්‍රාහී මානසිකත්වයකින් තරගාවලියට එක්වෙනවා. ශක්තිමත් ඇෆ්ගනිස්තානයට එරෙහිව අභියෝගයට මුහුණ දීමට අපි සූදානම්. අපි හැම අංශයක්ම ආවරණය වෙන ආකාරයට පුහුණුවීම් කරලා තියෙනවා. මම හිතන්නේ අපේ ක්‍රීඩාලෝලීන්ට මෙම තරගාවලියේ දී හොඳ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේක ස්කොට්ලන්තයට වැදගත් වසරක් විදිහට සැලකීමට හැකි වෙනවා ”

“Northamptonshire කණ්ඩායමේ ටොම් සෝල්, Hampshire කණ්ඩායමේ බ්‍රැඩ් වීල්, Durham කණ්ඩායමේ ගැවින් මේන් වගේම මයිකල් ජෝන්ස් කණ්ඩායම කැඳවලා තියනවා. අපිට ඕන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට්වලට එන්න. මම හිතනවා මෙම ක්‍රීඩකයන් ඒකට ගොඩක් ප්‍රයෝජනවත් කියලා. අපි සතුටු වෙනවා ඔවුන්ට සංචිතයේ අවස්ථාවක් දීමට හැකි වීම ගැන.”

“අවාසනාවන්ත ලෙස ඕමාන් සංචාරයට සහභාගි උන ක්‍රීඩකයන් කිහිප දෙනෙක් ආබාධ නිසා මෙවර තරගාවලියෙන් ඉවත් කරලා තියනවා. නමුත් අපි හිතනවා ශක්තිමත් කණ්ඩායමක් අපි ඉදිරි තරග දෙක සඳහා තෝරාගෙන තියනවා කියලා.”

අයර්ලන්ත නායකයා එංගලන්ත කඩුලු රකින්නා ගැන නොසතුටින්

අයර්ලන්ත නායක විලියම් පොටර්ෆිල්ඩ් එංගලන්තයේ බෙන් ෆොක්ස් විසින් කරන ලද ස්ටම්ප්…………

ඇෆ්ගනිස්තානය 2019 ක්‍රිකට් ලෝක කුසලානය සදහා ක්‍රීඩා කරන අතර ස්කොට්ලන්ත සංචාරයෙන් අනතුරුව ඔවුන් අයර්ලන්තය සමග එක්දින තරග 2කට එක්වීමට නියමිතයි.

ස්කොට්ලන්ත සංචිතය

කයිල් කෝට්සර් (නායක), රිචී බෙරින්‍ටන්, මැතිව් ක්‍රොස්, අලස්ඩායිර් එවාන්ස්, මයිකල් ජෝන්ස්, මයිකල් ලීඅස්ක්, කැලම් මැක්ලියොඩ්, ගැවින් මේන්, ජෝර්ජ් මුන්සි, සෆ්‍යාන් ශරීෆ්, ටොම් සෝල්, ක්‍රේග් වොලස්, මාර්ට් වොට්, බ්‍රැඩ් වීල්

ඇෆ්ගනිස්තාන සංචිතය

ගුලාබ්දීන් නයීබ් (නායක), මොහොමඩ් ශසාඩ්, නූර් අලී සද්රාන්, හස්රතුල්ලා සසායි, රහ්මත් ශාහ්, අස්ගාර් ඇෆ්ගන්, හශ්මතුල්ලා ශහීඩි, නජිබුල්ලා සද්‍රාන්, ශමිඋල්ලා ශින්වාරි, මොහොමඩ් නබි, රශීඩ් ඛාන්, දව්‍ලට් සද්‍රාන්, අෆ්ටබ් අලාම්, හමීඩ් හසන්, මුජිබ් උර් රහමන්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<