2019 IPL අවසන් තරගයේ ක්‍රීඩාංගණය තීන්දුයි

308

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ඇෆ්ගනිස්ථානය කුළුඳුල් ටෙස්ට් ජය වාර්තා කරයි

සංචාරක අයර්ලන්ත කණ්ඩායම සමඟ පැවති එකම ටෙස්ට් තරගයෙන් කඩුලු 7ක විශිෂ්ට ජයක් වාර්තා කරමින් ඇෆ්ගනිස්ථානය සිය ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් ජයග්‍රහණය…

ඒ අනුව 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය මැයි මස 12 වැනිදා ඉන්දියාවේ චෙන්නායි නුවර එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මූලික වටයේ තරග කාලසටහන පසුගිය දා නිවේදනය කළ ද තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටයේ තරග කාලසටහන නිවේදනය කළේ නැත.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග එළඹෙන මැයි මස 5 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. කණ්ඩායම් 8ක් මෙවර තරගාවලියට සහභාගී වන අතර තරගාවලිය පුරා තරග 60ක් පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව මූලික වටයේ තරගවලින් පසුව මැයි මස 7 වැනිදා අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමේ පළමු තරගයත්, මැයි මස 8 වැනිදා දෙවන තරගයත්, ඉන්පසුව මැයි මස 10 වැනිදා තුන්වැනි තරගයත් පැවැත්වීමට සැලසුම් යොදා තිබේ.

එලෙසම යම් හෙයකින් මෙවර තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරගයක් යම් ක්‍රීඩාංගණයක පැවැත්වීමට නොහැකි වුවහොත්, එම තරගය පැවැත්වීමට අතිරේක ක්‍රීඩාංගණයක් වෙන් කිරීමට ද ඉන්දීය ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබීම විශේෂත්වයකි.

පසුගිය ජනවාරි මාසයේ දී ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග එළඹෙන මාර්තු මස 23 වැනිදා සිට අප්‍රේල් මස 5 වැනිදා දක්වා පැවැත්වෙන බව නිවේදනය කළේය.

අලුත් වෙන ටෙස්ට් ක්‍රිකට් නීති අතරට ෆ්‍රී හිට් පහරකුත්

වෙනස් වන ලෝකය අනුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව ද වෙනස් කරමින් ප්‍රේක්ෂක හදවත් තුළ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වැඩි ආකර්ෂණයක් ලබා දීම සඳහා හඳුන්වා දෙන නවතම නීති කිහිපය…

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ දී තරග 17ක් පැවැත්වීමට නියමිතයි. ඉන්දීය ක්‍රිකට් ආයතනය මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා දින නියම නොකළේ එරට මැතිවරණය ද මෙම කාල සීමාවේ දී පැවැත්වීම හේතුවෙනි.

ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් මස 9 වැනිදා සිට මැයි මස 23 වැනිදා දක්වා පැවැත්වෙන බව එරට රජය නිවේදනය කිරීමෙන් පසු මෙලෙස තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයට දිනය නිවේදනය කර තිබේ.

එලෙසම තරගාවලියේ දිවා රාත්‍රි තරග එරට වේලාවෙන් සවස 4ටත්, රාත්‍රී තරග රාත්‍රි 8ටත් ආරම්භ කිරීමට කටයුතු සූදානම් තර තිබේ.

එම්. ඒ. චිදම්බරම් ක්‍රීඩාංගණය 1916 වසරේ දී විවෘත කර තිබෙන අතර ඉන්දියාවේ කල්කටා නුවර ඊඩන් ගාඩ්න් ක්‍රීඩාංගණය හා දිල්හි හි ෆෙරෝශා කොට්ලා ක්‍රීඩාංගණයට පසු එරට ඇති පැරණිතම ක්‍රිකට් ක්‍රීඩාංගණය වන්නේ මෙයයි. මෙහි නරඹන්නන් 50000කට අධික පිරිසකට පහසුකම් තිබීම විශේෂත්වයකි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායමක් ලෙස සැලකෙන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ නිල ක්‍රීඩාංගණය වන්නේ ද මෙම ක්‍රීඩාංගණයයි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<