සමස්ත ලෝකයේම වෙසෙන ක්‍රිකට් ක්‍රීඩාවට ලැදි ප්‍රේක්ෂකයින්ගේ දෙනෙත් මේ දිනවල එංගලන්ත සහ වේල්සය දෙසට යොමු වී ඇත්තේ එළඹෙන ජූනි මස පළමු වැනිදායින් ආරම්භ වන්නට නියමිත 8 වැනි ශූරයින්ගේ කුසලාන තරගාවලිය නිසාවෙනි.
ශ්‍රී ලංකාව දස්කම් දැක්වූ 2002 ශූරයින්ගේ කුසලානය
වසර 19ක පමණ කුරිරු යුද්ධයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සාමයේ අරුණලු උදා වෙමින් පැවතුණි.
ඒ සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට දින කිහිපයකට පෙරාතුව දිවයිනෙන් පිටත්ව ගියේ මිලියන දෙකක ප්‍රේක්ෂක බලාපොරොත්තු කඳ මලු බැඳ ගෙනයි. මීට පෙර ශූරයින්ගේ කුසලානය පැවැත්වුණු අවස්ථා 7කදී තරගාවලිය විකාශනය වූ ආකාරය සහ සහභාගි වුනු කණ්ඩායම් දැක්වූ දක්ෂතා පිළිබඳව ThePapare.com විසින් කෙරෙන විපරමක් මේ!
වෙනස්කම් සමඟින් ඉදිරියටම
ලොව ඇති සුපිරිතම ක්‍රිකට් තරගාවලි අතරින් ICC ශූරයින්ගේ කුසලානය දෙවැනි වන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියටම පමණි. මෙය “පුංචි ලෝක කුසලානය” ලෙසින් ක්‍රිකට්ලෝලීන් අතර මහත් වූ ජයප්‍රියත්වයක් දිනා ඇත්තේ ද ඒ නිසාවෙනි.
1998 වර්ෂයේ දී අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් මෙම තරගාවලිය ආරම්භ කරන අවස්ථාවේ දී ඊට නම් තැබුවේ “ICC පිළිමළුන් පිටු දැකීමේ තරගාවලිය” (ICC Knockout Tournament) ලෙසයි. නමුත් 2002 වර්ෂයේ සිට එය “ICC ශූරයින්ගේ කුසලානය” (ICC Champions Trophy) ලෙසට වෙනස් කරන ලදි.

සාමාන්‍යයෙන් ලෝක කුසලාන තරගාවලියක ජයග්‍රාහකයින් තීරණය කිරීමට මාසයක පමණ දිගු කාලයක් ගත වුවද ශූරයින්ගේ කුසලාන තරගාවලියක දී එය සති දෙකක් වැනි කෙටි කාලයක් තුල දී සිදු වේ. මූලික වටයේ සුළු තරග සංඛ්‍යාවකින් අනතුරුව පිළිමළුන් පිටු දැකීමේ ක්‍රමය මගින් කණ්ඩායම් ඉදිරියට ගමන් කිරීම ඊට හේතුවයි. තරගාවලියේ සෑම තරගයක්ම අතිශය උණුසුම් මුහුණුවරක් ගැනීමට සහ ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි වැඩියෙන් දිනා ගැනීමට මෙම සාධකය බොහෝ දුරට හේතු වී ඇත.
නමුත් මෙවර තරගාවලියේ උණුසුම කොදෙව් ප්‍රේක්ෂකයින් අතරින් මැකී ගොස් ඇත්තේ කොදෙව් ක්‍රිකට් කණ්ඩායම වෙනුවට බංග්ලාදේශය මෙවර තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමත් සමඟයි. තරගාවලිය ඇරඹීමට මාස 6ක පෙරාතුව ලෝක එක්දින ශ්‍රේණිගත කිරීම්වල මුල්ම කණ්ඩායම් 8 ශූරයින්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගන්නා නිසා කොදෙව් ක්‍රිකට් පිළට 2017 තරගාවලිය අහිමි වී ගියේය. බංග්ලාදේශය මෙවර ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියකට එක්වන්නේ වසර 11ක දීර්ඝ විරාමයකින් අනතුරුවයි.
ඉතිහාසයේ සප්ත පිය සටහන්
1998 – ශූරයින්ගේ කුසලානයේ ආරම්භය සනිටුහන් වුනු මෙම තරගාවලියේ සියලුම තරග බංග්ලාදේශයේ බංගාබන්ධු ජාතික ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක විය. එහි දී ශූරයින් බවට පත්වූයේ, ප්‍රතිවාදී කොදෙව් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කළ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි. මෙය ඔවුන් ICCය විසින් සංවිධානය කරනු ලැබූ තරගාවලියක ශූරතාවය දිනා ගත් පළමු සහ එකම අවස්ථාවයි. තරගාවලියේ වීරයා: ජැක් කලිස්.
2000 – කෙන්යාවේ නයිරෝබි නුවර දී සියලුම තරග පැවැත්වුණු මෙම තරගාවලිය ජය ගත්තේ නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමයි. ඒ කඩුලු 4කින් ප්‍රතිවාදී ඉන්දියානු කණ්ඩායම පරාජය කරමිනි. නවසීලන්තය ICC ශූරතාවයක් ජය ගත් පළමු සහ එකම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්වේ. තරගාවලියේ වැඩිම ලකුණු සහ වැඩිම කඩුලු ඉන්දීය ක්‍රීඩකයින් දෙපළක් වන සෞරව් ගංගුලි සහ වෙන්කටේශ් ප්‍රසාද් හිමිකර ගන්නා ලදි.

2004 – සුපිරි පිතිකරු බ්‍රයන් ලාරාගේ නායකත්වයෙන් යුතු කොදෙව් ක්‍රිකට් කණ්ඩායම ශූරතාවය දිනා ගත් මෙම තරගාවලිය එංගලන්තයේ දී පැවැත්විය. එහි දී සත්කාරකයින් පරාජය කරමින් කොදෙව් දේශය අවසන් තරගය ජය ගත්තේ කඩුලු 2කිනි. තරගාවලියේ වීරයා: රාම්නරේෂ් සර්වාන්.
2006 – ඉන්දියාව සත්කාරකත්වය දැරූ මෙම තරගාවලිය ජය ගැනීමට එවකට සිටි සුපිරිතම ක්‍රිකට් කණ්ඩායම වන ඕස්ට්‍රේලියාව සමත් විය. ඒ ඩක්වර්ත් – ලුවිස් න්‍යායට අනුව කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව කඩුලු 8ක ජයග්‍රහණයක් හිමි කර ගනිමිනි. තරගාවලියේ වීරයා: ක්‍රිස් ගේල්.
2009 – පකිස්තානයේ දී පැවැත්වීමට යෝජනා වී තිබුනත් පසුව ආරක්ෂක තත්වය අයහපත් වීම නිසා දකුණු අප්‍රිකාවට ගෙන ගිය මෙම තරගාවලිය වර්ෂයක් පමා වී පැවැත්විය. අවසන් තරගයේ දී අසල්වැසි නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කළ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමට ශූරතාවය හිමි විය. තරගාවලියේ වීරයා: රිකී පොන්ටින්.
2013 – එංගලන්තය සහ වේල්සය සත්කාරකත්වය දැරූ මෙම තරගාවලිය ජය ගත්තේ ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමයි. ඒ තියුණු තරගයකින් අනතුරුව සත්කාරක එංගලන්තය ලකුණු 5කින් පරාජය කරමිනි. වර්ෂාව හේතුවෙන් අවසන් තරගය පන්දුවාර 20 බැගින් වූ කෙටි තරගයක් බවට පත්විය. තරගාවලියේ වීරයා: ශිකර් ධවාන්.
ශූරයින්ගෙත් ශූරයෝ

කලක් ලොව ක්‍රිකට් ආධිපත්‍යය දරා සිටි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ද අවස්ථා 2කදී ශූරයින්ගේ කුසලානයේ පහස විඳින්නට වාසනාවන්ත විය. බටහිර ඉන්දීය කොදෙව්, නවසීලන්තය, ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව එක් අවස්ථාවක දී ජයග්‍රාහකයින් බවට පත්ව තිබේ. එසේම අඛණ්ඩව වැඩිම තරග සංඛ්‍යාවක් ජය ගත් රටවල් වන්නේ තරග 6 බැගින් නොකඩවා ජය ගත් ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමයි.
ශූරයින් අතර ශ්‍රී ලාංකීය සලකුණ
මෙතෙක් පැවති සියලුම ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලි නියෝජනය කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2002 වර්ෂයේ දී කුසලානය දිනා ගැනීම ඔවුන් දක්වා ඇති ඉහළම දක්ෂතාවයයි. මීට අමතරව 1998 සහ 2013 වර්ෂවල දී අවසන් පූර්ව වටය දක්වා ගමන් කිරීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණි. 2000 වර්ෂයේ දී අර්ධ අවසන් පූර්ව වටයෙන් සෑහීමකට පත්වන්නට සිදුවුනු ඔවුන්ට අනෙකුත් තරගාවලිවල දී මූලික වටයෙන්ම ඉවත් වන්නට සිදු විය.
මේ දක්වා ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලි 7ක දී ශ්‍රී ලංකාව මුළු තරග 23කට සහභාගි වී ඇති අතර ඉන් තරග 13ක් ජය ගැනීමට ඔවුන්ට අවස්ථාව උදා වී ඇත. තරග 9ක් පරාජයෙන් කෙළවර වුනු අතර අනෙක් තරගය ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත්විය. ඒ අනුව ශ්‍රී ලංකාව ශූරයින්ගේ කුසලාන තරගයකින් ජයග්‍රහණය ලැබීමේ ප්‍රතිශතය සටහන් වන්නේ 59.09%ක් වශයෙනි. ශ්‍රී ලංකාවට වඩා ජයග්‍රහණය ලැබීමේ ප්‍රතිශතයකට හිමිකම් කියන්නේ නවසීලන්තය, ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව (71.42%) පමණි.
ඉතිහාසයේ සාක්ෂිකරුවන්

මේ දක්වා පැවති තරගාවලිවල දී පන්දුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් බිඳ දමා ඇත්තේ නවසීලන්ත දකුණත් වේග පන්දු යවන ක්‍රීඩක කයිල් මිල්ස් විසිනි. ඔහු 

මීට අමතරව එදා මෙදාතුර පැවති ශූරයින්ගේ කුසලාන තරගයක දී හොඳම පන්දු යැවීම වාර්තා කරමින් ලක් මවට අභිමානයක් ගෙන එන්නට තුන් ඉරියව් ක්‍රීඩක ෆර්වීස් මහරූෆ් සමත් වී ඇත. ඒ 2006 වර්ෂයේ දී ප්‍රතිවාදී කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව ලකුණු 14කට කඩුලු 6ක් බිඳ දමමිනි. මෙතෙක් ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගයක දී වාර්තා වුනු දැවැන්තම ඉනිම ලෙසින් සැලකෙන්නේ නවසීලන්ත පිතිකරු නේදන් ඇස්ට්ල් 2004 දී ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව නොදැවී රැස්කළ ලකුණු 145යි.
බොඳවුණු ඉදිරි අනාගතය?
තවත් නොබෝ දිනකින් එංගලන්තයේ දී සහ වේල්සයේ දී ඇරඹෙන ශූරයින්ගේ කුසලානයේ 8 වැනි අදියරෙන් අනතුරුව නැවතත් තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ 2021 වර්ෂයේදීයි. ඒ අසල්වැසි ඉන්දියාව කේන්ද්‍ර කොට ගනිමිනි. කෙසේ වෙතත් මීළඟ ශූරයින්ගේ කුසලානය පැවැත්වීම තවමත් ඇත්තේ අවදානම් කලාපය තුලයි. ඒ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මගින් 2019 වසරේ දී හඳුන්වා දීමට සූදානම් වන “එක්දින ලීග් තරගාවලිය” හේතුවෙනි. යම් හෙයකින් මෙම තරගාවලිය ආරම්භ වුවහොත් 2021 ශූරයින්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය අවලංගු වීමේ ඉඩකඩක් පවතියි.






















