ජාතික වොලිබෝල් පුහුණුකරු තනතුරුවලට අයදුම්පත් කැඳවයි

158

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය (SLVF) ජාතික වොලිබෝල් කණ්ඩායම් 5ක පුහුණුකරුවන් තෝරා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇත.

ඒ අනුව ජ්‍යෙෂ්ඨ කාන්තා කණ්ඩායම, යොවුන් පිරිමි හා කාන්තා කණ්ඩායම් සහ කනිෂ්ඨ පිරිමි කණ්ඩායම සඳහා නව පුහුණුකරුවන් තෝරාපත් කර ගැනීමට මෙම අයදුම්පත් කැඳවීම සිදුකර ඇත. ඒ අනුව අදාළ කණ්ඩායම්වල ප්‍රධාන පුහුණුකරු, සහය පුහුණුකරු සහ අභ්‍යාසක යන තනතුරු සඳහා මෙම නව පත්කිරීම් සිදු කරනු ඇත. කෙසේ නමුත් ජ්‍යෙෂ්ඨ පිරිමි කණ්ඩායමේ පුහුණුකාර තනතුර සඳහා විදෙස් පුහුණුකරුවෙක් පත්කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සැලසුම් කර ඇත.

නාත්තන්ඩිය ක්‍රීඩකයන්ගේ අවහිර මැද කටානට ශූරතාවය

බර අවි කිහිපයකම වෙඩි බලය සමඟින් 2017 ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ………….

එළඹෙන 2018 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම් පහත වොලිබෝල් තරගාවලි සඳහා සහභාගී වීමට නියමිතය.

  1. 19 වන වයස අවුරුදු 19න් පහළ ආසියානු කාන්තා වොලිබෝල් ශූරතාවලිය
  2. 12 වන වයස අවුරුදු 18න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය
  3. 19 වන වයස අවුරුදු 20න් පහළ ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවලිය
  4. 1 වන ආසියානු අභියෝගතා කුසලානය – කාන්තා
  5. 1 වන ආසියානු අභියෝගතා කුසලානය – පිරිමි

සඳහන් කරන ලද තනතුරු සඳහා අයැදුම් කරනු ලබන පුහුණුකරුවන් තමා විසින්ම සකස් කරන ලද අයදුම්පත් නම, ලිපිනය, වයස, අධ්‍යාපන සුදුසුකම් සහ ක්‍රීඩා සුදුසුකම් ඇතුළත් කරමින් ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව එම අදාළ අයදුම්පත් 2018 ජනවාරි මස 10 වන දිනට පෙර ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවීමට කටයුතු කළ යුතුය.

ප්‍රධාන ලේකම්,                                                                                                                                                            ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය,                                                                                                                          අංක. 33,                                                                                                                                                                     ටොරිංටන් පෙදෙස,                                                                                                                                             කොළඹ 07.

>> වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<