ශ්‍රී ලංකීය ක්‍රිකට් වංශකතාවට දයාද වන දක්ෂ ක්‍රිකට් තරු සොයා යන ගමනේ අද අපේ නවාතැන උතුරු මැද පළාතේ අනුරාධපුර  මධ්‍ය මහා විද්‍යාලයයි.

අනුරාධපුර මධ්‍ය විදුහල් ක්‍රිකට් කණ්ඩායමේ ඡයාරෑප ඇල්බමය

1980 දශකය ආරම්භයේදි ක්‍රිකට් මුලකුරු කියවන අනුරාධපුර මැදි විදුහලේ ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ වු දා සිට  අද වෙනතුරු ආ ගමන ඉතා දුෂ්කරය සහ කටුක එකක් විය. ඉදිරියට යෑමට ආ බාධක මෙතකැයි කියා කිව නොහැක. කොපමණ දුෂ්කරතා මධ්‍යයේ වුවද ක්‍රීඩකයන්ගේ අනගිභවනීය  කැපවිම මත යම් තලයකට ක්‍රීකට් ක්‍රීඩාව ඉස්මතු වුවත් නිසියාකාරව පුහුණුකරුවෙකු නැති අඩුපාඩුවෙන් දශකයකට නොවැඩි කාලයක් ක්‍රිකට් ක්‍රීඩාව පාසලෙන් අතුරුදන් කිරිමට සමත් විය. කාලයාගේ ඇවෑමෙන්  පාසලට ආ කිර්ති ගුණරත්න පුහුණුකරුවා අද පාසලේ වත්මන් පුහුණුකරු ලෙස කටයුතු කරයි. ඔහුගේ කැපවිම හා ක්‍රීඩකයින් දක්ෂතා මත අද අනුරධපුර මැදි විදුහල් ක්‍රිකට් කණ්ඩායම  පාසල් මට්ටමෙන් විවිධ වු ජයග්‍රහණ රැසක්  අත්පත්කරගෙන ඇත.

අපත් සමඟ අදහස් දැක්වු  කිර්ති මහතා පැවසුවේ “අපට තිබෙන ප්‍ර‍ධානම දුෂ්කරතාවය වන්නේ අනෙක් පාසල් මෙන් අපට ක්‍රීකට් ක්‍රීඩාව ගැන ඉගෙන ගත්තු ක්‍රීඩකයින් නැහැ. අපේ පාසලෙන්ම තමයි ක්‍රීඩකයන් සුදානම් කරගන්නේ”

Anuradhapura Central College“අපේ වගේ පාසලක් රජරට ප්‍රදේශයේ තිබිම ඇත්තටම ආඩම්බරයට කරැණක් ඒවගේමයි ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අත දෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පාසල් ක්‍රිකට් සංගමයේ සහයෝගය අනාතයේ දි ලැබේ වි” යැයි සිතන බවත් ඔහු වැඩිදුරටත් අදහස් දක්විය.

කොළඹ පාසල් වලටද අද උතුරු මැද මෙම පාසල් ක්‍රීඩා කණ්ඩායම සැබැවින්ම අභියෝගයකි. අව්‍යාජ සිනහවකින් මුව සරසාගත් ක්‍රිකට්  කණ්ඩායමේ නායක තුන් ඉරියව් ක්‍රීඩක රන්දිම ඉන්ද්‍රරත්න අප හා මෙලෙස එක්විය.

Anuradhapura Central College

” අප ඉතා හොද කණ්ඩායමක්. මේ දිනවල අප  ඉතා හොදින් පුහුණුවිම් කටයුතු කරනවා. අපි ඉදිරියේදී පැවැත්වීමට නියමිත තරග හොඳින් ක්‍රීඩා කිරීම තමයි ඇති එකම බලාපොරොත්තුව. පාසලේ විදුහල්පති තුමාගෙන් ආචාර්ය මණ්ඩලයෙන් විශේෂයෙන්ම කිර්ති සර්ගෙන් ඒ සදහා  අපට හොඳ පිටුවහලක් ලැබෙනවා…. “

අනුරාධපුර  ගුරුපැහැ පිටියේ පුහුණුවිම් ලබන මේ ක්‍රීඩකයින්ට  නගරබද කොළපැහැ  තණතිල්ල මත ක්‍රීඩා කිරිම සැබැවින්ම අභියෝගයක්. එහෙත් ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්යය, ජයග්‍රහණ හඹායෑමේ අශාව සහ ආදරය ඔවුන් ව ජයග්‍රහණය සදහා කැදවාගෙන යනු ඇතැයි අපගේ විශ්වාසයයි .

සැබැවින්ම ඔවුන්ගේ සිහින යථාර්තයක් වේවා යැයි ThePapare.com අපෙත් ප්‍රාර්තනයයි.