අවස්ථාවක් ලැබුනොත් ආපසු එනවා – ඩිල්ෂාන්

494

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නොසිතූ විරූ ලෙස ආසියානු කුසලානයෙන් ඉවත් වීමත් සමඟ හිටපු ප්‍රවීණ ක්‍රීඩක තිලකරත්න ඩිල්ශාන් සමාජ මාධ්‍ය ඔස්සේ නැවත කණ්ඩායමට පැමිණීමට සිය කැමැත්ත ප්‍රකාශ කර තිබුණා.

ශ්‍රී ලංකාව ඇෆ්ගන් ක්‍රීඩකයන් ඉදිරියේ දනින් වැටෙයි

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන්ට ද යමක් කළ හැකි බැව් ඔප්පු කළ ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ක්‍රීඩකයෝ අද (17) අබුඩාබි හි ෂෙයික් ෂායෙට්…

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මුහුණ දී ඇති අර්බුදකාරී තත්වය හමුවේ ක්‍රීඩකයෙකු ලෙස හෝ විශේෂඥ උපදේශකයෙකු ලෙස කණ්ඩායමට සිය සහය දැක්වීමට තවමත් තමාට හැකියාව ඇතැයි දිල්ශාන් www.dailymirror.lk වෙබ් අඩවියට අදහස් දක්වමින් පවසා තිබුණා.   

සමාජ මධ්‍ය ඔස්සේ පළවන වාර්තා පිළිබඳ ඔහුගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හෝ ක්‍රීඩා අමාත්‍යංශය ඔහුගෙන් ඉල්ලීමක් කළහොත් නැවත ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩා කිරීමට ඔහු සූදානම් බවයි.

“මම දේශීය තරග ක්‍රීඩා කළා, එම නිසා නැවතත් ජාත්‍යන්තර ක්‍රීඩා පිටියට පිවිසීම මට ලොකු අභියෝගයක් නොවෙයි” යැයි දිල්ශාන් ප්‍රකාශ කර තිබුණා.

“මම සෑම වෙලාවෙම මගේ රට ගැනයි සිතන්නේ, මම හිතනවා විශ්‍රාම ගන්න කලින් මම මගේ උපරිමය කළා, කෙසේ වෙතත් මට හිතෙනවා රට වෙනුවෙන් තවත් යම් දෙයක් කළ යුතුයි කියලා”

ඩිල්ශාන් අවසන් වරට එක්දින ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කළේ 2016 වසරේ අගෝස්තු මාසයේදීයි.

මීට පෙර, ඔහු 2019 ලෝක කුසලානය තෙක් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි නමුත් යම් යම් හේතු කිහිපයක් නිසා ඔහුට ඊට කලින් විශ්‍රාම ගැනීමට සිදු වූ බව ප්‍රකාශ කර තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<