අකිල දනංජයට අපල කාලයක්!

64

ශ්‍රී ලාංකික දඟපන්දු යවන්නෙකු වන අකිල දනංජය හට වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනමක් පැනවීමට ICCය අද (19) තීරණය කළේය.

පාකිස්තානෙට යන්න කොළ එළි වැටෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය නියමිත පරිදිම පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් …

පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පළමු ටෙස්ට් තරගය අතරතුර අකිලගේ පන්දු යැවීම නීත්‍යනුකූල නොවන බවට පිටියේ විනිසුරුවරුන් විසින් ICC වෙත දැනුම් දෙනු ලැබුවේ පසුගිය අගෝස්තු 20 වැනිදා ය.

ඉන්පසුව අගෝස්තු 29 වැනිදා අකිල චෙන්නායි හි පිහිටි ශ්‍රී රාමචන්ද්‍ර සරසවියේ ක්‍රීඩා විද්‍යා මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවේ පන්දු යැවීමේ ඉරියව් පිළිබඳව පරීක්ෂණයක් උදෙසාය.  

මේ වන විට සම්මත වී තිබෙන ජාත්‍යන්තර ක්‍රිකට් නීතිරීති හා රෙගුලාසිවලට අනුව ඕනෑම දඟපන්දු යවන්නෙක් හට ඔහුගේ අත අංශක 15කට ගෙන ඒමට අවස්ථාව දෙන නමුත්, පැවති පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඔහුගේ අත අංශක 20ක් දක්වා යන බවයි. ඒත් සමඟින් ඔහුගේ පන්දු යැවීමේ ඉරියව් ක්‍රිකට් පිටියේ දී නීත්‍යනුකූල නොවන බව තහවුරු විය.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නීතිරීති පද්ධතියේ 11.1 හා 11.5 යන වගන්තිවලට අනුව අකිලට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුල පන්දු යැවීමට අවස්ථාවක් නොලැබෙන නමුත් දේශීය මට්ටමින් පැවැත්වෙන තරගාවලි තුලින් ඔහුට යම් විරෝධයක් එල්ල නොවන්නේ නම් හෝ ඒ ඒ අදාළ ආයතනවලින් ඔහුගේ පන්දු යැවීම තහනම් නොකරන්නේ නම් දේශීය ක්‍රිකට් පිටියේ ‍පන්දු යැවීම සඳහා ‍ඔහුට හැකියාවක් ඇත. 

අකිලගේ පන්දු යැවීමේ ඉරියව්ව නීත්‍යනුකූල නොවන බවට පසුගිය වසර අවසානයේ දී ද තහවුරු වූ නමුත්, සිය පන්දු යැවීමේ ඉරියව්ව නිවැරදි කර ගනිමින් නැවත වතාවක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසීමට ඔහුට වරම් හිමි විය. 

නමුත් දෙවන වතාවටත් ඔහු පන්දුව දමා ගැසීමේ චෝදනාවට හසුව තිබෙන නිසාවෙන්  ජාත්‍යන්තර පිටියේ පන්දු යැවීම වසරකට තහනම් කිරීමට ICC විසින් පියවර ගනු ලැබීය.

“ඉන්දියාව අපිට කිසිම බලපෑමක් කළේ නැහැ” – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් පාකිස්තාන තරග සංචාරයට එක්වීම වැළැක්වීම සඳහා ඉන්දියාව බලපෑම් එල්ල කළ …

සිය පන්දු යැවීමේ ඉරියව්ව නිසියාකාරයෙන් සකස් කර ගත් පසුව ඔහුට පනවා තිබෙන තරග තහනම ඉවත් කර ගැනීම වෙනුවෙන් නැවත වතාවක් පරික්ෂාවකට ලක් කිරීමට අවස්ථාවක් තිබෙන නමුත් ඒ සඳහා ඔහුට තහනම නිමා වන තෙක් බලා සිටිය යුතු වේ. 

මේ දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් තරග 64කට ක්‍රීඩා කර ඇති අකිල දනංජය එම තරගවල දී දවා ගෙන තිබෙන කඩුලු සංඛ්‍යාව 106ක්. ඔහුගේ දක්ෂ පන්දු යැවීම නිසාවෙන් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් හා මුම්බායි ඉන්දියන්ස්  කණ්ඩායම් නියෝජනය කිරීමට ද අකිලට අවස්ථාව හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<