Home Sinhala නීශම් – ෆර්ගියුසන් සුසංයෝගය ඇෆ්ගනිස්තානයට හරස් වෙයි!

නීශම් – ෆර්ගියුසන් සුසංයෝගය ඇෆ්ගනිස්තානයට හරස් වෙයි!

297
මේ දිනවල සමස්ත ක්‍රිකට් ලෝකයේම අවධානය යොමුවී ඇති 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගය ඊයේ (08) ක්‍රියාත්මක වූයේ නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතරයි. බොහෝ දෙනා සිතූ පරිදිම මෙම තරගයෙන් කඩුලු 7ක පහසු ජයක් හිමි කර ගත් ප්‍රබල නවසීලන්ත කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය රැක ගැනීමට ද සමත් විය. ඒ තරග 3කට සහභාගි වී එම තරග 3න්ම ජයග්‍රහණ හිමිකර ගනිමිනි.

රෝයිගේ අනුකම්පා විරහිත ප්‍රහාරය හමුවේ බංගලියෝ අසරණ වෙති!

ජේසන් රෝයිගේ විශිෂ්ට පිතිහරඹය හමුවේ 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය හා බංගලාදේශය අතර…

තරගය වෙනුවෙන් වේගපන්දු යවන්නන්ට උචිත තණතිල්ලක් ටෝන්ටන් පිටියේ සැකසී තිබූ අතර නවසීලන්තයට පහසු ජයග්‍රහණයකට අවස්ථාව උදාකර දෙමින් කාසියේ වාසිය දිනා ගැනීමට නායක කේන් විලියම්සන් සමත් විය. ඒ අනුව ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී ඇෆ්ගනිස්තානුවන් වේගපන්දු යවන්නන් හමුවේ පෙන්වූ දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගැනීමේ අටියෙන් මුලින් පන්දු යැවීම තෝරා ගැනීමට ඔහු කටයුතු කළේය.

කෙසේ වෙතත් පළමු පවර්ප්ලේ අවස්ථාව නිමා වන තුරුම මෙම තීරණයේ ප්‍රතිඵල දකින්නට නොලැබුණු අතර ඇෆ්ගනිස්තානුවන් මුල් පන්දුවාර 10 තුල කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 61ක් ලබා ගන්නට සමත් විය. ඒ අතරතුරේ දී නවක පිතිකරුවෙකු ලෙස දස්කම් දක්වන හස්රතුල්ලා සසායි ලකුණු 34ක් වාර්තා කර ගත්තේ හතරේ පහර 5ක් සහ එක් හයේ පහරක් සමඟිනි. ආබාධයට ලක්වීම නිසා ලෝක කුසලානයේ ඉදිරි තරග අහිමි වූ මොහොමඩ් ශසාඩ් වෙනුවට ආදේශ කළ නූර් අලි හතරේ පහර 5ක් සමඟින් ලකුණු 31ක් ලබා ගත්තේය.

කෙසේ වෙතත් පළමු පවර්ප්ලේ අවස්ථාවෙන් පසු පන්දුවෙන් විශ්මිත දස්කම් ප්‍රකට කළ ජිමී නීශම් සහ ලොකී ෆර්ගියුසන් අනුයාත පන්දුවාර 5ක් තුල දී ප්‍රතිවාදී කඩුලු 4ක් දඩයම් කරමින් තරගය නවසීලන්තයේ අණසකට යටත් කර ගත්හ. ඒ ලකුණු 66ට කිසිදු කඩුල්ලක් නොදැවී තිබුණු ඇෆ්ගනිස්තාන ඉනිම ලකුණු 70ට කඩුලු 4ක් බවට පත් කරමිනි. මෙම අනපේක්ෂිත ප්‍රහාරය හමුවේ අසරණ වූ ඇෆ්ගනිස්තානුවන් දැඩි ආරක්ෂාකාරී පිළිවෙතක් අනුගමනය කරමින් වැටුණු වළෙන් ගොඩට එන්නට උත්සාහ දැරූව ද නීශම් – ෆර්ගියුසන් සුසංයෝගය හමුවේ එය නිෂ්ඵල ව්‍යායාමයක් විය.

>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<

මැදපෙළ පිතිකරුවෙකු ලෙස හශ්මතුල්ලා ශහිදි රැස්කළ ලකුණු 59 නොවන්නට ඇෆ්ගනිස්තානයට ලකුණු 172ක් හෝ රැස්කර ගැනීම සිහිනයක් වන්නට ඉඩ තිබුණි. පන්දු 99ක් වැයවුණු ශහිදිගේ සටන්කාමී ඉනිම හතරේ පහර 9කින් හැඩ විය. පන්දු යැවීමේ දී නවසීලන්තය තුන් ඉරියව් දක්ෂතා මෙන්ම පරිණත අත්දැකීම් ගැන සලකා සංචිතයට ඇතුල් කළ ජිමී නීශම් තම තේරීම සාධාරණීකරණය කරමින් ලකුණු 31ට කඩුලු 5ක් බිඳ හෙලීය. අනෙක් අන්තයෙන් ඇෆ්ගනිස්තානුවන්ට හිසරදයක් වූ ලොකී ෆර්ගියුසන් ලකුණු 37ට කඩුලු 4ක් දවා ගත්තේය.

දෝනිට අත් ආවරණ ගලවන්නට වෙයි ද?

ඉන්දියානු යුධ හමුදා පැරා කණ්ඩායම් වල සංකේතය වන බලිදාන් සංකේතය සහිත අත් ආවරණ සමඟින් කඩුලු රකින මහේන්ද්‍ර සිං දෝනිව…

මෙම ලකුණු සංඛ්‍යාව හඹා යාමට නවසීලන්තයට පන්දුවාර 32ක් පමණක් ප්‍රමාණවත් වූ අතර ඒ වන විට කඩුලු 3ක් පමණක් ඔවුන්ට අහිමි විය. අද ඔවුන්ගේ පිතිපෙළ නියෝජනය කරමින් අසාර්ථක වූයේ ඉනිමේ පළමු පන්දුවෙන්ම දැවී ගිය මාටින් ගප්ටිල් පමණි. නායකත්වයේ සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කේන් විලියම්සන් අද නොදැවී ලකුණු 79ක් වාර්තා කර ගත්තේ පන්දු 99කට මුහුණ දෙමිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 9කින් වර්ණවත් විය. මීට අමතරව රොස් ටේලර් සහ කොලින් මන්රෝ පිළිවෙළින් ලකුණු 48 සහ 22 බැගින් රැස් කරමින් මෙම පහසු ඉලක්කය යථාර්ථයක් බවට පත් කළහ.

පන්දු යැවීමෙන් සාර්ථක වූ එකම ක්‍රීඩකයා ලෙස අෆ්තාබ් අලාම් බිඳ වැටුණු කඩුලු 3ටම හිමිකම් කීවේය. කෙසේ වෙතත් තරගයේ වීරයා ලෙස සම්මාන හිමි වූයේ සුපිරි පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ ජිමී නීශම්ටයි. මෙම ජයග්‍රහණයත් සමඟ නවසීලන්තය ප්‍රසාද ලකුණු 6ක් ලබා ගනිමින් ලකුණු සටහනේ අංක එක ස්ථානයේ පසුවන අතර එංගලන්තය, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව ඔවුන්ට පහළින් ස්ථානගත වී ඇත. නවසීලන්තය හැරුණුකොට මෙම තරගාවලියේ තවමත් අපරාජිතව සිටින කණ්ඩායම් ද්විත්වය වන ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර උණුසුම් තරගය අද (09) ඕවල් පිටියේ දී ක්‍රියාත්මක වීමට නියමිතව ඇත.

Result


Afghanistan
172/10 (41.1)

New Zealand
173/3 (32.1)

Batsmen R B 4s 6s SR
Gulbadin Naib c Tom Latham b Jimmy Neesham 4 4 1 0 100.00
Mohammad Nabi c Tom Latham b Jimmy Neesham 9 24 0 0 37.50
Najibullah Zadran c Tom Latham b Jimmy Neesham 4 3 1 0 133.33
Ikram Alikhil c Martin Guptill b Colin de Grandhomme 2 22 0 0 9.09
Rashid Khan b Lockie Ferguson 0 4 0 0 0.00
Aftab Alam c Tom Latham b Lockie Ferguson 14 10 3 0 140.00
Hamid Hassan not out 7 11 1 0 63.64


Extras 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0)
Total 172/10 (41.1 Overs, RR: 4.18)
Fall of Wickets 1-105 (23.3) Mohammad Nabi, 2-103 (23.6) Najibullah Zadran, 3-130 (32.4) Ikram Alikhil, 4-131 (33.4) Rashid Khan, 5-147 (35.4) Aftab Alam, 6-70 (41.1) Gulbadin Naib,

Bowling O M R W Econ
Henry Nicholls 8 0 50 0 6.25
Trent Boult 10 0 34 0 3.40
Lockie Ferguson 9.1 3 37 4 4.07
Jimmy Neesham 10 1 31 5 3.10
Colin de Grandhomme 4 1 14 1 3.50


Batsmen R B 4s 6s SR
Martin Guptill c Najibullah Zadran b Aftab Alam 0 3 0 0 0.00
Colin Munro c Hamid Hassan b Aftab Alam 22 24 4 0 91.67
Kane Williamson not out 79 99 9 0 79.80
Ross Taylor b Aftab Alam 48 52 6 1 92.31
Tom Latham not out 13 18 1 0 72.22


Extras 11 (b 0 , lb 4 , nb 1, w 6, pen 0)
Total 173/3 (32.1 Overs, RR: 5.38)
Fall of Wickets 1-0 (0.1) Martin Guptill, 2-41 (7.5) Colin Munro, 3-130 (25.6) Ross Taylor,

Bowling O M R W Econ
Aftab Alam 8.1 0 45 3 5.56
Hamid Hassan 7 0 30 0 4.29
Gulbadin Naib 9 1 55 0 6.11
Mohammad Nabi 3 0 18 0 6.00
Rahmat Shah 5 0 21 0 4.20



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<