දෝනිට අත් ආවරණ ගලවන්නට වෙයි ද?

532

ඉන්දියානු යුධ හමුදා පැරා කණ්ඩායම් වල සංකේතය වන බලිදාන් සංකේතය සහිත අත් ආවරණ සමඟින් කඩුලු රකින මහේන්ද්‍ර සිං දෝනිව ප්‍රේක්ෂකයන්ගේ සහ ICCයේ උකුසු ඇසට ලක්වී ඇත.

ICC සාමාන්‍යාධිකාරී ක්ලෙයාර් ෆර්ලොන්ග් සඳහන් කරන ආකාරයට කඩුලු රකින්නේකුගේ අත් ආවරණ මත තිබිය හැක්කේ නිෂ්පාදකයන්ගේ ව්‍යාපාරික සංකේත දෙකක් පමණි. තෙවැනි සංකේතයක් සහිත අත් ආවරණ පැළඳීම නීති රීති උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය හැකිය. එමෙන්ම දේශපාලනික සහ ආගමික සටහන් නිල ඇඳුමේ පැළඳ සිටීම ICC නීති රීති වලට අනුව තහනම් වේ.

Video – ඉන්දියානු ලකුණු මැෂිම – Virat Kohli

විරාත් කෝලිගේ ජීවිත කතාව. ඇසිදිසි!

ඕස්ට්‍රේලියාවට එරෙහිව පසුගිය මාර්තුවේ තරග වැදුණු ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායම යුධ හමුදා වර්ණ සහිත කැප් තොප්පි පැළඳීම ගැන ද මෙවැනිම කතාබහක් ඇතිවිය. ඔවුන් එසේ සිදු කළේ පුල්වාමා ප්‍රදේශයේ දී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙනි. එමෙන්ම මහේන්ද්‍ර සිං දෝනි යුධ හමුදා වර්ණ සහිත අත් ආවරණ පැළඳ කඩුලු රැකි අවස්ථා ද අප දැක තිබේ. ඔහු ඉන්දීය පැරා හමුදාවේ ලුතිනන් කර්නල් වරයෙකි.

ආරක්ෂාවට වග කියමින් ක්‍රිකට් ගහපු සෙබළු

2019 අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් බියෙන් සහ ……

කෙසේ වෙතත් මේ පිළිබඳ ට්විටර් ගිණුම් හරහා අදහස් දක්වන ඉන්දියානු ප්‍රේක්ෂකයන් සිටින්නේ දෝනිගේ පැත්තේය. ඔවුන් #DhoniKeepTheGlove යනුවෙන් ඒ සඳහා සටන් වදිමින් සිටියි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<