පන්දුවක් හෝ ක්‍රීඩා නොකරම ශ්‍රී ලංකාව තරගාවලියෙන් ඉවතට!

362
ACC U19 Asia Cup 2019

මේ දිනවල ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන යොවුන් ආසියානු කුසලාන එක්දින තරගාවලිය දෙස ඇස ගසාගෙන සිටි මෙරට ක්‍රීඩා ලෝලීන්ට අද (12) අසන්නට ලැබුනේ ඉතාමත් අවාසනාවන්ත ප්‍රවෘත්තියකි. එනම් මූලික වටයේ තරග වලින් අනතුරුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ ශ්‍රී ලංකා යොවුන් පිළට අද එකදු පන්දුවක් හෝ ක්‍රීඩා නොකරම තරගාවලියෙන් සමු ගන්නට සිදුවීමේ අභාග්‍ය සම්පන්න සිදුවීමයි. 

ශ්‍රී ලංකාව පැරදවූ බංග්ලාදේශය අපරාජිතව අවසන් පූර්ව වටයට!

මෙවර යොවුන් ආසියානු කුසලානයේ පළමු පරාජයට මුහුණ දීමට අද (10) ශ්‍රී ලංකා පිළට සිදුවිය…

මෙම අවනඩුවේ ප්‍රධානතම වගකිවයුත්තා අද සමස්ථ දිවයින පුරා බල පැවැත්වුනු අයහපත් කාලගුණ තත්ත්වයයි. එය කොළඹ පී. සරා ඕවල් පිටියටද එලෙසම ක්‍රියාත්මක විය. ඒ හේතුවෙන් අද අඩුම තරමේ කාසිය වාසිය උරගා බැලීමටවත් අවස්ථාවක් උදාවූයේ නැත. ඒ අනුව නිතරගයෙන්ම අවසන් මහා තරගය කරා යෑමේ වාසනාව හිමිකර ගත්තේ ඉන්දීය යොවුන් කණ්ඩායමයි.

අද දිනයේ මොරටුව ප්‍රදේශයේ කාලගුණික තත්ත්වය ද කිසිදු වෙනසක් නොවූ නිසා ටිරෝන් ප්‍රනාන්දු පිටියේ දී පැවැත්වීමට සැලසුම් කර තිබූ දෙවැනි අවසන් පූර්ව තරගයට ද අත්වූයේ මෙම ඉරණමයි. ඒ අනුව පාකිස්තානු යොවුන් පිළ පළමු වටයේ දී පරාජය කරමින් පෙරළිකාර ලෙස අවසන් පූර්ව වටයට පිවිසුණු ඇෆ්ගනිස්තානයට තම කුසලාන බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවිය. ඒ බංග්ලාදේශයට එරෙහිව අද තරගයේ එකදු පන්දුවක් හෝ ක්‍රීඩා කිරීමකින් තොරවයි.

මේ ආකාරයට ශ්‍රී ලංකාවට සහ ඇෆ්ගනිස්තානයට තරගාවලියෙන් අවාසනාවන්ත ලෙස ඉවත් වීමට හේතු වූයේ මෙවර යොවුන් ආසියානු කුසලාන නීති රීති වලට අනුව අවසන් පූර්ව වටයේ තරගයක් අත්හැර දැමුවහොත් මූලික වටයේ එම කාණ්ඩයේ පෙරමුණ ගත් කණ්ඩායමට අවසන් මහා තරගයට පිවිසීමට වරම් ලබා දීමට ගෙන තිබූ තීරණයයි. නමුත් ඒ වෙනුවට එක් අතිරේක දිනයක් බැගින් හෝ තිබුනේ නම් මීට වඩා සාධාරණ අන්දමින් අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක තෝරා ගැනීමට ඉඩ තිබුණි.

ප්‍රබලයින් රැසක් නොයන පාකිස්තානයට යන නිල ශ්‍රී ලංකා සංචිත

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වීමට නියමිත එක්දින හා විස්සයි විස්ස තරග තුන සඳහා සහභාගී..

කෙසේවෙතත් මූලික වටයේ දී දක්ෂතාවය අතින් ද, අද දිනයේ දී වාසනාව අතින් ද ඉදිරියෙන් සිටි ඉන්දියාවට සහ බංග්ලාදේශයට අනිද්දා (14) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී යොවුන් ආසියානු කුසලානය වෙනුවෙන් අවසන් මහා තරගයේ දී තරග වැදීමට මේ වනවිට අවස්ථාව උදා වී ඇත. එම සියලු තොරතුරු වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<