සමස්ත බාලක ශූරතාව පීතරයින්; බාලිකා ශූරතාව වලලට

147

89 වැනි ‘Ritzbury’ ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව අද (12) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී නිමාව දුටුවේ දින 3ක් පුරාවට පැවති උණුසුම් තරග ඉසව් රැසක් අවසානයේ නව තරගාවලි වාර්තා 15ක් බිහිකරමින්.

වලල ඒ. රත්නායක විද්‍යාලය තරගාවලියේ සමස්ත බාලිකා ශූරතාවයත්, බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය තරගාවලියේ සමස්ත බාලක ශූරතාවයත් ජයග්‍රහණය කිරීමට සමත් විය.

මීටර් 800 සම්පූර්ණ අයිතිය වලල බාලිකාවන්ට

“89 වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව” අද (11)….

තරගාවලියේ පළමු හා දෙවන දිනවල දී පිළිවෙළින් තරගාවලි වාර්තා 4ක් සහ 7ක් බැගින් බිහිකිරීමට තරගාවලියට එක්වූ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වූ අතර එහි දී පළමු දිනයේ බිහි වූ වාර්තා 3ක් දෙවන දිනයේ දී නැවතත් අලුත් වීම විශේෂත්වයකි. ඒ අනුව තරගාවලියේ තෙවැනි හා අවසාන දිනය වූ අද දිනයේ බිහි වූ නව තරගාවලි වාර්තා ගණන 7කි. 

දිනයේ පළමු තරගාවලි වාර්තාවට හිමිකම් කියනු ලැබුවේ වයස අවුරුදු 18න් පහළ බාලිකා යගුලිය විසි කිරීමේ ඉසව්වට එක්වූ කොළඹ බිෂොප් විද්‍යාලයේ ඔවිනි චන්ද්‍රසේකර විසිනි. එහි දී ඇය දැක්වූ දක්ෂතාවය මීටර් 14.14ක් ලෙස සටහන් විය. 

>> දිනයේ පැවති සියලු තරග ඉසව්වන් හි ජයග්‍රාහකයින්ගේ ලැයිස්තුව මෙතැනින් <<

දිනයේ දෙවැනි තරගාවලි වාර්තාව බිහි කරනු ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය නියෝජනය කරමින් තරගාවලියට එක්වූ සෙනුරි අනුත්තරා විසිනි. වයස අවුරුදු 18න් පහළ බාලිකා මීටර 100 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ අවසන් තරගයේ දී තත්පර 14.63ක කාලයක් වාර්තා කරගනිමින් එම ඉසව්ව අවසන් කරමින් එහි පළමු ස්ථානය දිනා ගත් ඇය එම වාර්තාවට හිමිකම් කියනු ලැබීය. 

වයස අවුරුදු 18න් පහළ බාලක මීටර 110 කඩුලු මතින් දිවීමේ ඉසව්වට එක්වූ කොළඹ රාජකීය විද්‍යාලයේ නදුන් කවීෂ බණ්ඩාර විසින් එම ඉසව්වේ අවසන් තරගයේ දී තරගාවලි වාර්තාවක් පිහිටුවනු ලැබුවේ තත්පර 13.93ක දක්ෂතාවක් දක්වමිනි. 

දිනයේ බිහි වූ මීළඟ තරගාවලි වාර්තාවට හිමිකම් කියූ වලල ඒ. රත්නායක විද්‍යාලයේ ඉමාෂා හසන්ති වයස අවුරුදු 18න් පහළ බාලිකා හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දී මීටර 46.97ක වාර්තාගත දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් එහි රන් පදක්කම දිනා ගනිමින් එම වාර්තාව පිහිටුවන්නට සමත් විය. 

ලුම්බිණි, ඇලෝසියස්, වලල සහ සෙබස්තියන් බාලිකාවෙන් නව වාර්තා

“89 වැනි Ritzbury ශ්‍රීමත් ජෝන් ටාබර්ට් ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාව” අද (10)….

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ රුමේෂ් තරංග විසින් වයස අවුරුදු 18න් පහළ බාලක කවපෙත්ත විසිකිරීමේ තරගාවලි වාර්තාව සිය නම ඉදිරියේ සටහන් කරගත්තේ එම ඉසව්වේ දී මීටර් 48ක දක්ෂතාවයක් දක්වමිනි. 

අවුරුදු 18න් පහළ බාලක මීටර 400 ඉසව්වෙන් තරග කළ මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයේ නවිෂ්ක සංදීශ් එහි අවසන් තරගයේ දී තත්පර 48.01ක කාලයක් වාර්තා කරගනිමින් එම ඉසව්ව අවසන් කරමින් එහි රන් පදක්කම දිනා ගැනීමට සමත් වූයේ එහි තරගාවලි වාර්තාව ද තමන් සතුකර ගනිමිනි. 

Photos: Sir John Tarbat Athletics Championship 2019 – Day 03

දිනයේ බිහි වූ අවසන් තරගාවලි වාර්තාව බිහි කරනු ලැබුවේ වයස අවුරුදු 16න් පහළ බාලිකා 4×400 අවසන් තරගයේ දී පළමු ස්ථානය තහවුරු කර ගත් වලල ඒ. රත්නායක විද්‍යාලයේ සහය දිවීමේ කණ්ඩායම විසිනි. එහි දී ඔවුන් වාර්තා කර ගත් කාලය මිනිත්තු 04:02.79ක් ලෙස සටහන් විය. 

ගතින් දුබල වුවත් මනසින් දුබල නැති විශිෂ්ටයින්ගේ ක්‍රීඩා උළෙල

2019 ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවය ඊයේ (05) සුගතදාස ක්‍රීඩාංගණයේ දී….

දින 3 පුරාවට සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් පිරිනැමුණු තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය වයස අවුරුදු 20න් පහළ බාලක දුර පැනීමේ ඉසව්වේ දී මීටර 7.43ක දක්ෂතාවයක් සහ මීටර 100 ඉසව්වෙ දී තත්පර 10.80ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව් ද්විත්වයේම රන් පදක්කම දිනා ගත් කෑගල්ල සාන්ත මේරි විද්‍යාලයේ චමෝද් යෝධසිංහ විසින් දිනා ගන්නා ලදි. 

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය වයස අවුරුදු 20න් පහළ බාලිකා මීටර 100 සහ මීටර 200 ඉසව් පිළිවෙළින් තත්පර 12.13ක හා තත්පර 24.69ක කාලයක් වාර්තා කරගනිමින් අවසන් කරමින් එම ඉසව්වල රන් පදක්කම දිනා ගනු ලැබූ රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ශෙලින්ඩා ජැන්සන් විසින් දිනා ගැනීමට සමත් විය.

>> සමස්ත ශූරතා කුසලාන පිරිනැමූ ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව <<

තරගාවලියේ වැදගත්ම සම්මාන ද්විත්වය වන සමස්ත බාලක ශූරතාවය බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය දිනා ගනු ලබද්දී සමස්ත බාලිකා ශූරතාවයට හිමිකම් කියන්නට සමත් වූයේ වලල ඒ. රත්නායක විද්‍යාලයීය කණ්ඩායම යි.

තරගාවලියේ දක්ෂතා දැක්වූ සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com අපෙන් උණුසුම් සුබ පැතුම්!

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<