මැරතන් ඉසව්වේ ප්‍රථම ස්ථානය ධම්මික හා නිසංසලාට

159

45 වන වරට පැවැත්වෙන ජාතික මහා ක්‍රීඩා උළෙල මෙවර අනුරාධපුරයේදී ආරම්භ වූ අතර මැරතන් සහ ඇවිදීමේ තරග ඉසව්වන් ප්‍රථමයෙන්ම පවත්වන ලදී. එහිදී පිරිමි මැරතන් තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ධම්මික ක්‍රීඩකයා සමත්වූ අතර කාන්තා මැරතන් තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට නිසංසලා බණ්ඩාර ක්‍රීඩිකාවට හැකිවිය.

තහනම් උත්තේජක චෝදනාවකින් ගයන්තිකාට ලෝකඩ පදක්කම

පසුගිය දා කටාර් හිදී නිමාවට පත් වූ 23 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවයේ දී මීටර 800 කාන්තා ඉසව්වේ…..

පිරිමි මැරතන් තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට උතුරු මැද පළාත නියෝජනය කරමින් තරග වැදුනු ධම්මික අරුණසිරි සමත්වූ අතර ඔහු දැක්වූ දක්ෂතාවය පැය 2.29.16ක කාලයකි. දෙවන ස්ථානය හිමිකර ගනු ලැබුවේ බස්නාහිර පළාත නියෝජනය කළ ජී.ඩී. සඳරුවන් ක්‍රීඩකයාය. ඔහු ඒ සඳහා ගතකළ කාලය වන්නේ පැය 2.32.00ක කාලයකි. බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුනු තිස්ස ගුණසේකර ක්‍රීඩකයා තුන්වන ස්ථානය හිමිකර ගත් අතර ඔහු වාර්තා කළ කාලය වන්නේ පැය 2.32.03කි. කාන්තා මැරතන් ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට සබරගමු පළාත නියෝජනය කළ නිසංසලා බණ්ඩාර ක්‍රීඩිකාවට හැකිවිය. ඇය වාර්තා කළ කාලය වන්නේ පැය 2.59.40කි. මධ්‍යම පළාත නියෝජනය කරනු ලැබූ වේලු ක්‍රිෂාන්ති ක්‍රීඩිකාව දෙවන ස්ථානය හිමිකර ගත් අතර ඇය වාර්තා කළ කාලය වන්නේ පැය 3.03.28ක කාලයකි. සබරගමු පළාත නියෝජනය කළ දිල්හානි ලියනගේ ක්‍රීඩිකාව තුන්වන ස්ථානය දිනාගත් අතර ඇය වාර්තා කරනු ලැබූ කාලය වන්නේ පැය  3.04.40කි.

පිරිමි ඇවිදීමේ තරගයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට උතුරු මැද පළාත නියෝජනය කරනු ලැබූ එස්. එස්. දුනුකාර ක්‍රීඩකයා සමත් විය. ඔහු වාර්තා කළ කාලය වන්නේ පැය 1.38.38ක කාලයකි. එහි දෙවන ස්ථානය දිනා ගැනීමට ජී. එස්. චන්දික ක්‍රීඩකයා සමත්වූ අතර ඔහු වාර්තා කරනු ලැබූ කාලය වන්නේ පැය 1.39.09කි. නිරෝෂන් අප්පුහාමි ක්‍රීඩකයා පැය 1.42.19ක කාලයක් වාර්තා කරමින් එහි තුන්වන ස්ථානයට පත්විය. එම ක්‍රීඩකයන් දෙදෙනාම බස්නාහිර පළාත නියෝජනය කළ ක්‍රීඩකයන් දෙපලකි.

ඉතියෝපියානු ජාතික වීරයන්ගේ ලැයිස්තුවට එකතු වූ “අබේබේ බිකිලා”

පළමු වරට පාවහන් නොමැතිව (barefoot) ඔලිම්පික් මැරතන් තරගයට සහභාගී වූ ක්‍රීඩකයා වන්නේ ….


කාන්තා ඇවිදීමේ තරගයේ ප්‍රථම, දෙවන සහ තෙවන යන ස්ථානයන් තුනම දකුණු පළාත නියෝජනය කළ ක්‍රීඩිකාවන් තිදෙනෙකුට හිමිවීම විශේෂත්වයකි. පී. බී. ගයනි ක්‍රීඩිකාව ප්‍රථම ස්ථානය දිනා ගැනීමට සමත්වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය වන්නේ පැය 1.54.28ක කාලයකි. දෙවන ස්ථානය දිනා ගැනීමට දිනූෂා දිල්හානි ක්‍රීඩිකාව සමත්වූ අතර ඇය දැක්වූ දක්ෂතාවය වන්නේ පැය 2.04.24ක කාලයකි. තුන්වන ස්ථානය දිනා ගැනීමට පැය 2.08.11ක කාලයක් වාර්තා කළ ලක්ෂ්මි කල්‍යාණි ක්‍රීඩිකාවට හැකිවිය.  


          >> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<