කොළඹ ජය ගනිද්දී වැඩි වාසිය ගාල්ලට

378

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දේශීය ක්‍රිකට් නංවාලීමේ අරමුණ ඇතිව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 23න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (25) අවසන් විය.

ඒ අතරින් කොළඹ කණ්ඩායම මහනුවර කණ්ඩායම පරාජය කරමින් කඩුලු 6ක ජයක් ලබා ගන්නා විට දඹුල්ල හා ගාල්ල අතර පැවති තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

පටිල්ගේ දක්ෂතා සමඟින් ඉන්දීය ක්‍රීඩිකාවෝ තරගාවලිය ජය ගනිති

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති…

මහනුවර හා කොළඹ

කොළඹ කණ්ඩායමට කඩුලු 6ක ජයක් හිමි වූ මේ තරගය කොළඹ BRC පිටියේ දී නිමාව දිටීය. පළමුව පන්දුවට පහර දුන් මහනුවර විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 255ක් රැස්කරගත් අතර එහි දී මාධව නිමේෂ් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් අර්ධ ශතකයක් රැස්කර ගත්තේ ලකුණු 92ක් ලබා ගනිමිනි. ඩිලාන් ජයලත් හා ක්‍රිෂාන් සංජුල ලකුණු 46 බැගින් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී කෞමල් නානායක්කාර  ලකුණු 67කට කඩුලු 5ක් දවා ගනිමින් කොළඹ කණ්ඩායම වෙනුවෙන් වැඩි දස්කම් දැක්විය.

මහනුවර පළමු ඉනිමට පිළිතුරු දීමේ අරමුණ ඇතිව පිටියට පැමිණි කොළඹ කණ්ඩායමේ සියලුම දෙනා ලකුණු 224ක් වන විට දවා ගැනීමට නිම්සර අත්තනගල්ල ඇතුළු මහනුවර කණ්ඩායමේ පන්දු යවන්නන් සමත් විය. මනරම් පිතිකරණයක නිරත වෙමින් කොළඹ ලකුණු පුවරුව සවිමත් කළ දකුණතින් පිත්ත හසුරුවන අයන සිරිවර්ධන ලකුණු 95ක් ලබාගෙන සුපිරි පිතිකරණයක නිරත විය. මාලිංග අමරසිංහ ලකුණු 26යි.

පළමු ඉනිමේ ජය ලබා ගත් මහනුවර කණ්ඩායම සිය දෙවන ඉනිම ආරම්භ කිරීම වෙනුවෙන් තණතීරුව මතට අවතීර්ණ වන විට කොළඹ පළමු ඉනිමට වඩා ලකුණු 31ක් මහනුවර කණ්ඩායම පෙරමුණේ පසු විය. නමුත් දකුණතින් මද වේගපන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් ප්‍රනාන්දු ලකුණු 50කට කඩුලු 7ක් දවා ගනිමින් තරගය සම්පූර්ණයෙන්ම කණපිට හැරවූයේ මහනුවර දෙවන ඉනිම ලකුණු 184කට සීමා කරමිනි.

ශ්‍රී ලංකා ඉලක්කයට ඉන්දියාවෙන් සාර්ථක පිළිතුරක්

6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලියේ තවත් තරග…

ලකුණු 216ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ගමනේ දී අකීල් ඉන්හාම් ඉතාමත් මනරම් පිතිකරණයක නිරත වෙමින් නොදැවී ලකුණු 84*ක් ලබා ගත්තේ කොළඹ කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමිනි. ඊට අමතරව හිමාෂ ලියනගේ හා යෙසිත් උපමාන්න අර්ධ ශතක ලබාගෙන අකීල් ඇතුළු කොළඹ කණ්ඩායමට සවියක් විය.

මහනුවර පළමු ඉනිම – 255 (71.5): මාධව නිමේෂ් 92, ඩිලාන් ජයලත් 46, ක්‍රිෂාන් සංජුල 46, කෞමල් නානායක්කාර 5/67, සවිඳු පීරිස් 3/48, ෂෙහාන් සඳරුවන් 2/52

කොළඹ පළමු ඉනිම – 224 (66): අයන සිරිවර්ධන 95, මාලිංග අමරසිහ 26, හිමාෂ ලියනගේ 22, නිම්සර අත්තනගල්ල 3/49, නිමේෂ් මෙන්ඩිස් 2/43, ටිරෝන් සිවකුමාර් 2/47, තිසරු ඩිල්ශාන් 2/49

මහනුවර දෙවන ඉනිම – 184 (52): උදයවංශ පරාක්‍රම 38, තිසරු ඩිල්ශාන් 34, තනුක දාබරේ 32, ඩිලාන් ජයලත් 27, ලක්ෂාන් ප්‍රනාන්දු 7/50, කෞමල් නානායක්කාර 2/41.

කොළඹ දෙවන ඉනිම –  216/4 (55.4): අකීල් ඉන්හාම් 84*, හිමාෂ ලියනගේ 65, යෙසිත් උපමාන්න 54*, තනුක දාබරේ 2/25.


දඹුල්ල හා ගාල්ල

පනාගොඩ යුද හමුදා පිටියේ පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් දඹුල්ල කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය. දඹුල්ල කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලබා ගත් ලකුණු 126 වෙනුවෙන් ගීත් පෙරේරා පුද්ගලිකව ලකුණු 20ක් ලබා ගන්නා ලදි. ගාල්ල කණ්ඩායමේ ආරම්භක පන්දු යවන්නා වන මද වේගපන්දු යවන ක්‍රීඩක ධනංජය ලක්ෂාන් හා දඟපන්දු යවන ක්‍රීඩක හරීන් බුද්ධිල අතරේ කඩුලු 3 බැගින් බෙදී ගියේය.

ඉන්දීය ක්‍රීඩිකාවෝ අවසන් තරගයත් ජය ගනී

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළෙඳ කලාප…

දකුණතින් පිතිකරණයේ නිරත වන දිනුක ඩිල්ශාන්ගේ ලකුණු ප්‍රමාණයෙන් සිය ජවය ලබා ගත් ගාල්ල කණ්ඩායම සිය පළමු ඉනිම ඉතාමත් දැවැන්ත ඉනිමක් බවට පරිවර්තනය කර ගත්තේ නොදැවී ලකුණු 112*ක් ලබා ගනිමිනි. ඊට අමතරව රමින්ද විජේසූරිය හා ධනංජය ලක්ෂාන් යන දෙදෙනා පිළිවෙළින් ලකුණු 78ක් හා ලකුණු 59ක් ලබාගෙන සිය සහය කණ්ඩායමට ලබා දුන්නේය.

මිලාන් රත්නායක කඩුලු 4යි. තෙවන හා අවසන් දිනයට පැවති මේ තරගය අවසන් වන විට දඹුල්ල කණ්ඩායම සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 6ක් දැවී ලකුණු 149ක් ලබාගෙන සිටින ලදි.  

දඹුල්ල පළමු ඉනිම – 126 (40.2): ගීත පෙරේරා 20, රවින්ද අකුරුගොඩ 19, කේෂාන් වන්නිආරච්චි 17, ධනංජය ලක්ෂාන් 3/23, හරීන් බුද්ධිල 3/31, චානුක ඩිල්ශාන් 2/22.

ගාල්ල පළමු ඉනිම – 347 (70): දිනුක ඩිල්ශාන් 112*, රමින්ද විජේසූරිය 78, ධනංජය ලක්ෂාන් 59, හරීන් බුද්ධිල 59, ලහිරු ලක්ෂාන් 21, මිලාන් රත්නායක 4/78, දමිත සිල්වා 3/64.

දඹුල්ල දෙවන ඉනිම – 149/6 (36): මිලාන් රත්නායක 36, දමිත් පෙරේරා 26, අසිත ගිශාන් 25, චානුක ඩිල්ශාන් 2/47.

> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <