හේලීස් සහ සම්පත් මහා වැසි නොතකා ජය ලබයි

98

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවති තරග සියල්ලම පාහේ ඉතාමත් තියුණු මුහුණුවරක් ගන්නා බවක් පෙන්නුම් කළත් තරග සියල්ලමටම පාහේ වර්ෂාවෙන් බාධා එල්ල විය. 

ශ්‍රී ලංකා පොඩ්ඩෝ හමුවේ චන්දිමාල් ඇතුළු ඩිමෝ කණ්ඩායම ඇඳ වැටෙයි

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන….

කෙසේ නමුත් සම්පත් සහ හේලීස් කණ්ඩායම් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව අද දිනයේ තරග ජයග්‍රහණය කළහ. 

සම්පත් බැංකුව සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කොළඹ වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 110ක දැවැන්ත ජයක් ලබා ගැනීමට ජීවන් මෙන්ඩිස් ප්‍රමුඛ සම්පත් බැංකු කණ්ඩායම සමත් විය. 

කාසියේ වාසිය දිනාගත් සම්පත් බැංකු කණ්ඩායමේ නායක ජීවන් මෙන්ඩිස් පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ප්‍රබල පිතිකරණ ලැයිස්තුව ශ්‍රී ලංකා 19න් පහළ පන්දු යවන්නන් හමුවේ ලකුණු 334ක දැවැන්ත ලකුණක් වාර්තා කිරීමට සමත් විය. එහිදී නායකත්වයේ පිතිකරණයක නිරත වෙමින් නැවතත් කරලියට පැමිණි ජීවන් මෙන්ඩිස් ලකුණු 122ක් වාර්තා කළේය. ඉනිමේ දෙවන වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිතිකරණයේ නිරත වන සමීන් කන්දආරච්චි ලකුණු 75ක් රැස්කර ගන්නා ලදි. 

පන්දු යැවීමේ දී රිච්මන්ඩ් විද්‍යාලයේ දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක අම්ෂි ද සිල්වා ලකුණු 66කට කඩුලු 3ක් දවා ගනිමින් සම්පත් බැංකු පිතිකරුවන් තරමක් දුරකට පාලනය කළ අතර චමිඳු වික්‍රමසිංහ හා චමිඳු විජේසිංහ අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

ලකුණු 335ක දැවැන්ත ඉලක්කයක් හඹායාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ මුල්පෙළ කඩුලු කිහිපයක් අවම ලකුණු ප්‍රමාණයක් තුළ දවා ගැනීමට දුෂ්මන්ත චමීර ඇතුළු සම්පත් බැංකු ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ නමුත් සටන්කාමී පිතිකරණයක නිරත වූ තවීෂ අභිෂේක් සහ සොනාල් දිනූෂ පිළිවෙළින් ලකුණු 57ක් සහ ලකුණු 40ක් වාර්තා කිරීමට සමත් විය. 

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම පන්දුවාර 22කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 126ක් වාර්තා කරගෙන සිටියදී වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නවතා දැමීමට තරග සංවිධායකයින් හට සිදුවිය. 

අනතුරව තරගයේ ප්‍රතිඵලය ලබාදීම සඳහා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය රැගෙන ආ අතර  ඒ නිසාවෙන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම ඒ වනවිට ලකුණු 236ක් ලබාගෙන තිබිය යුතුව තිබුනි. එය සපුරාගෙන නොතිබූ නිසා මෙම තරගයේ ජය හිමිවූයේ සම්පත් බැංකු කණ්ඩායමට යි. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර, තරිඳු කෞෂාල් සහ මලින්ද පුෂ්පකුමාර කඩුලු 2ක බැගින් දවා ගත්හ. 

සම්පත් බැංකුව – 334/8 (50): ජීවන් මෙන්ඩිස් 122, සමීන් කන්දආරච්චි 75, හසන්ත ප්‍රනාන්දු 38, රොමේෂ් බුද්ධික 33, අම්ෂි ද සිල්වා 3/66, චමිඳු විජේසිංහ 2/49, චමිඳු වික්‍රමසිංහ 2/52.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 126/6 (22.3): තවීෂ අභිෂේක් 57, සොනාල් දිනූෂ 40, දුෂ්මන්ත චමීර 2/11, තරිඳු කෞෂාල් 2/13, මලින්ද පුෂ්පකුමාර 2/42.

Video – ‘කවුරු බලයට ආවත් ක්‍රීඩාව දියුණු කළ යුතුයි’ – හරීන් ප්‍රනාන්දු

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන තත්වය පිළිබඳ පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවක් ….

හේලීස් සහ ඩීමෝ

කාසියේ වාසිය දිනාගත් ඩීමෝ නායක නිසල තාරක පළමුව පන්දු යැවීම සඳහා තීරණය කළ අතර ඩීමෝ පන්දු යවන්නන් හමුවේ හේලීස් කණ්ඩායම ලකුණු 289ක්රැස්කර ගැනීමට සමත් විය. එහිදී හේලීස් ඉනිමෙන් අර්ධ ශතක 3ක් වාර්තා වූ අතර ලකුණු 84ක් ලබාගත්  රොන් චන්ද්‍රගුප්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. ඊට අමතරව සචිත්‍ර සේරසිංහ නොදැවී ලකුණු 70ක් වාර්තා කරගන්නා විට කිත්රුවන් විතානගේ ලකුණු 50ක් රැස්කර ගෙන හේලීස් ලකුණු සටහන ඔසවා තබන ලදි. 

Photos: Hayleys Vs DIMO | 27th Singer-MCA Premier League 2020

ඩීමෝ කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ නිසා තරගය නවතා දැමුනු අතර පසුව නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය. ඒ වනවිට ඩීමෝ කණ්ඩායම වෙනුවෙන් හෂාන් දුමිඳු නොදැවී ලකුණු 57ක් රැස්කර ගෙන තිබිනි.

ඒ නිසාවෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 25ක් අවසානයේ ඩීමෝ කණ්ඩායම ලකුණු 132ක් ලබාගෙන තිබිය යුතු වුවත්, ඒ වනවිට ඔවුන් රැස්කරගෙන තිබුනේ ලකුණු 113ක් පමණි. ඒ නිසාවෙන් හේලීස් කණ්ඩායම ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව ලකුණු 19ක තියුණු ජයක් ලබාගත් අතර එය ඔවුන් මෙවර තරගාවලිය තුළ ලබාගත් පළමු ජයග්‍රහණය විය.

හේලීස් – 289/5 (50): රොන් චන්ද්‍රගුප්ත 84, සචිත්‍ර සේරසිංහ 70*, කිතුරුවන් විතානගේ 50, මදුරංග සොයිසා 34, ලහිරු තිරිමාන්න 20.

ඩීමෝ – 113/3 (25): හෂාන් දුමිඳු 57*, දිනේෂ් චන්දිමාල් 39.


MAS සහ එල්. බී. ෆිනෑන්ස් 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක්ම තරග වැදුනු මෙම තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී අවසන් වූයේ ප්‍රතිඵලයක් රහිතවයි. 

කාසියේ වාසිය දිනාගත් එල්. බී. ෆිනෑන්ස් නායක ලක්ෂාන් රොද්‍රිගෝ පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ අවසරයෙන් පළමුව පිටියට පිවිසි MAS යුනිචෙලා කණ්ඩායම පන්දුවාර 48ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 229ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභීන් බවට පත්වූ වමතින් පිතිකරණයේ නිරත වන මහේල උඩවත්ත සහ ප්‍රියමාල් පෙරේරා පිළිවෙළින් ලකුණු 65ක් සහ ලකුණු 48ක් රැස්කර ගැනීමට සමත් විය. 

Photos: LB Finance vs MAS Unichela – 27th Singer-MCA Premier League 2020

පන්දු යැවීමේ දී චතුරංග කුමාර කඩුලු 3ක් දවා ගන්නා විට ශිරාන් ප්‍රනාන්දු, චරිත් අසලංක සහ ධනංජය ද සිල්වා අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. 

පිළිතුරු ඉනිම දියත් කළ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායම පන්දුවාර 15කුත් පන්දු 3ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 69ක් ලබාගෙන සිටින විට තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා තරගය නවතා දැමීමට විනිසුරුවරුන් හට සිදුවිය. කෙසේ නමුත් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව හෝ ප්‍රතිඵලයක් ලබාදීමට නොහැකි තත්වයක් මතුවූයේ තරගය නවතා දමන විට එල්. බී කණ්ඩායම පන්දුවාර 20ක් ක්‍රීඩා කර නොතිබීම හේතුවෙනි. මන්දයත් පන්දුවාර 50 තරගයකට ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය ආදේශ කිරීමට නම් කණ්ඩායම් දෙකම අවම ලෙස පන්දුවාර 20ක් හෝ ක්‍රීඩාකර තිබිය යුතුය.

MAS යුනිචෙලා – 229 (48): මහේල උඩවත්ත 65, ප්‍රියමාල් පෙරේරා 48, ලහිරු මදුසංක 30, චතුරංග කුමාර 3/33, ශිරාන් ප්‍රනාන්දු 2/28, චරිත් අසලංක 2/31, ධනංජය ද සිල්වා 2/50.

එල්. බී. ෆිනෑන්ස් – 69/4 (15.3): ලහිරු උදාර 22, ලහිරු මදුසංක 3/15. 

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7කට T10 තරගාවලියට වරම්

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග රැල්ලට තවත් අලුත් රැල්ලක් එකතු කළ T10 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරග..

මෙම තරගාවලියේ තවත් තරග තුනක් එළඹෙන 21 වනදා පැවැත්වීමට නියමිතව ඇති අතර එහි තරග තොරතුරු ද ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<