ශ්‍රී ලංකා පොඩ්ඩෝ හමුවේ චන්දිමාල් ඇතුළු ඩිමෝ කණ්ඩායම ඇඳ වැටෙයි

77

වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා සිංගර් ශ්‍රී ලංකා ආයතනය එක්ව 27 වැනි වරටත් සංවිධානය කරන ප්‍රමුඛ පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (17) පැවති තරග සියල්ලම පාහේ ඉතාමත් තියුණු මුහුණුවරක් ගන්න ලදි.

ඒ අතරින් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හමුවේ ඩීමෝ කණ්ඩායම පරාජය වීම කාගේත් දැඩි අවධානයකට ලක්විය.

ආසියානු නැගී එන කුසලානයේ කාලසටහන නිකුත් වේ

පළමු වතාවට පැවැත්වීමට නියමිත 2019 ආසියානු කුසලාන නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලිය මේ මස 22 වැනිදා ……….

ඩීමෝ හා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

කොළඹ වෙළඳ සංගම් ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 6ක ජයක් ලබා ගැනීමට නිපුන් ධනංජය ඇතුළු ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා ගත් ඩීමෝ නායක නිසල තාරක පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඔවුන්ගේ ප්‍රබල පිතිකරණ ලැයිස්තුවට ශ්‍රී ලංකා 19න් පහළ පන්දු යවන්නන් හමුවේ වාර්තා කරගැනීමට හැකි වූයේ ලකුණු 134ක් පමණි.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ වමතින් පිතිකරණයේ නිරත වන තික්ෂිල ද සිල්වා ලකුණු 27ක් ලබා ගත් නමුත් එම කණ්ඩායමේ සිටි දිනේෂ් චන්දිමාල්, සම්මු අශාන්, හෂාන් දුමිඳු ඇතුළු ඩීමෝ අනෙක් එකඳු ක්‍රීඩකයෙක් හට තික්ෂිල ලබාගත් ලකුණු ප්‍රමාණය අබිබවා ලකුණු වාර්තා කරගැනීමට නොහැකි විය.

Photos: DIMO vs Sri Lanka U19 | 27th Singer-MCA Premier League 2020

පන්දු යැවීමේ දී දකුණතින් දඟපන්දු යවන කළුතර විද්‍යාලයේ අවිශ්ක ලක්ෂාන් ලකුණු 22කට කඩුලු 4ක් දවා ගනිමින් ඩීමෝ පිතිකරුවන් අසරණ කළ අතර දිලුම් සුධීර, චමිඳු වික්‍රමසිංහ හා ලසිත් මාලිංගගේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන මතීෂ පතිරණ අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

ලකුණු 135ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් මහානාම විද්‍යාලය හරහා ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට පැමිණි සොනාල් දිනූෂ ලකුණු 43ක් වාර්තා කරගනිමින් ශ්‍රී ලංකා 19න් පහළ ජය තහවුරු කිරීම සඳහා පිතිකරණයෙන් සවියක් විය. සොනාල් හට සහය වූ තවීෂ අභිෂේක් ලකුණු 36යි.

පන්දුවාර 29කුත් පන්දු 5ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 137ක් වාර්තා කරගෙන නියමිත ඉලක්කය සපුරා ගත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම මේ තරගයෙන් කඩුලු 6ක පහසු ජයක් ලබා ගන්නා ලදි.

ඩීමෝ – 134 (33.5): තික්ෂිල ද සිල්වා 27, අවිශ්ක ලක්ෂාන් 4/22, දිලුම් සුධීර 2/20, මතීෂ පතිරණ 2/31, චමිඳු වික්‍රමසිංහ 2/38.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – 137/4 (29.5): සොනල් දිනූෂ  43, තවීෂ අභිෂේක් 36, චිහාන් කළිඳු 20, නිසල තාරක 3/30.

UAE ක්‍රීඩකයින් තිදෙනෙක්ට ICCයෙන් දූෂණ චෝදනා

එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් තිදෙනෙක් හට ICC දූෂණ-මර්දන පනතේ වගන්ති 13ක් කඩ කිරීම පිළිබඳ චෝදනා…………..

ජෝන් කීල්ස් හා එල්. බී. ෆිනෑන්ස්

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් රැසක්ම තරග වැදුණු මේ තරගය කොළඹ බී. ආර්. සී. පිටියේ දී අවසන් වූයේ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත ජයක් හිමිකර දෙමිනි.

ඊයේ සවස් කාලයේ සිට ඇදහැළුණු වර්ෂාව නිසා මේ තරගයේ ආරම්භය තරමක් පමා විය. කාසියේ වාසිය දිනා ගත් එල්. බී. ෆිනෑන්ස් නායක ලක්ෂාන් රොද්‍රිගෝ පළමුව පන්දු රැකීමට තීරණය කරන ලදි.

ඒ අවසරයෙන් පළමුව පිටියට පිවිසි ජෝන් කීල්ස් කණ්ඩායම පන්දුවාර 30කුත් පන්දු 2ක් අවසානයේ සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 89ක් පමණි. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කඩුලු රකින පිතිකරු  මිනෝද් භානුක ලකුණු 26ක් වාර්තා කරගන්නා විට, දිමුත් කරුණාරත්නගේ ඉනිම ලකුණු 20කට සීමා විය.

පන්දු යැවීමේ දී චරිත අසලංක කඩුලු 3ක් දවා ගන්නා විට ධනංජය ද සිල්වා හා කවික ඩිල්ශාන් අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම දියත් කළ එල්. බී. ෆිනෑන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ නායක රොද්‍රිගෝ හා සධීර සමරවික්‍රම පන්දු 64ක් තුල නොදැවුණු ලකුණු 93*ක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායමට කඩුලු 10ක දැවැන්ත ජයක් හිමිකර ගත්තේය. මේ තරගයෙන් ඔවුන් දැවැන්ත ජයක් ලබා ගත් නිසා ඔවුන්ගේ ප්‍රසාද ලකුණු සටහනට ලැබෙන ලකුණු 4ට අමතරව තවත් එක් ප්‍රසාද ලකුණක් ද ලැබුණි.

ජෝන් කීල්ස් – 89 (30.2): මිනෝද් භානුක 26, දිමුත් කරුණාරත්න 20, චරිත් අසලංක 3/20, ධනංජය ද සිල්වා 2/21, කවික ඩිල්ශාන් 2/22.

එල්. බී. ෆිනෑන්ස් – 93/0 (10.4): ලක්ෂාන් රොද්‍රිගෝ 52*, සධීර සමරවික්‍රම 35*.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් 7කට T10 තරගාවලියට වරම්

ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරග රැල්ලට තවත් අලුත් රැල්ලක් එකතු කළ T10 ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරග අදියර මේ වසරේ…………..

හේලීස් සහ සම්පත් බැංකුව

ඊයේ සවස් කාලයේ සිට ඇදහැළුණු වර්ෂාව නිසා මේ තරගයේ ආරම්භය තරමක් පමා වීම නිසා තරගයේ තරග ප්‍රතිඵලය ලබා දීම සඳහා ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය භාවිතා කිරීමට තරග තීරක ලෙස කටයුතු කළ බැසිල් පෙරේරා මහතා තීරණය කළේය. ඒ අනුව තරගය ජය ගත්තේ සම්පත් බැංකු කණ්ඩායමයි.

කාසියේ වාසිය දිනා ගත් හේලීස් නායක ලහිරු තිරිමාන්න පළමුව පන්දුවට පහර දීම සඳහා තීරණය කළ අතර මලින්ද පුෂ්පකුමාර ඇතුළු සම්පත් බැංකු පන්දු යවන්නන් හමුවේ හේලීස් කණ්ඩායම ලබා ගත්තේ ලකුණු 137ක් පමණි. ලහිරු තිරිමාන්න ලකුණු 42යි.

Photos: Hayleys Group vs Sampath Bank | 27th Singer-MCA Premier League 2020

ජීවන් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් සම්පත් බැංකු කණ්ඩායම පන්දුවට පහර දෙමින් සිටින විට තරගය අයහපත් ආලෝක තත්වය නිසා නැවතීමට සිදු වුවත් ඉන් පසුව නැවතත් තරගය ආරම්භ කිරීමට නොහැකි විය.

ඒ නිසාවෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 34ක් අවසානයේ සම්පත් බැංකු කණ්ඩායම ලබාගත යුතුව තිබුණේ ලකුණු 108ක් වුවත් ඒ වන විට ඔවුන් ලකුණු 122ක් ලබාගෙන තිබූ නිසා තරගයේ ජය හිමි වූයේ සම්පත් බැංකු කණ්ඩායමටයි.

හේලීස්  – 137 (37.4): ලහිරු තිරිමාන්න 42, බිනුර ප්‍රනාන්දු 20, මලින්ද පුෂ්පකුමාර 3/24, තරිඳු කෞශාල් 2/16, විශ්ව ප්‍රනාන්දු 2/21

සම්පත් බැංකුව – 122/6 (34): නිසල් ෆ්‍රැන්සිස්කෝ 21*, බිනුර ප්‍රනාන්දු  2/21.

මේ තරගාවලියේ තවත් තරග තුනක් අනිද්දා (19) පැවැත්වෙන අතර ඒ අතරින් එස්. එස්. සී. පිටියේ පැවැත්වෙන ඩීමෝ හා හේලීස් තරගය සජීව ලෙස ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<