UAE ක්‍රීඩකයින් තිදෙනෙක්ට ICCයෙන් දූෂණ චෝදනා

76

එක්සත් අරාබි එමීර් ක්‍රීඩකයින් තිදෙනෙක් හට ICC දූෂණ-මර්දන පනතේ වගන්ති 13ක් කඩ කිරීම පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා. ඒ අනුව ඔවුන් තිදෙනාටම නැවත දැනුම් දෙන තුරු තරග තහනමක් ද පනවා තිබෙනවා. 

ICC සාමාජිකත්වය ලැබුනත් නේපාලයට තවත් ගැටලුවක්

නේපාල ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායක පරාස් …….

එක්සත් අරාබි එමීර් කණ්ඩායමේ නායක මොහොමඩ් නවීඩ් ද ඒ අතර වන අතර ඔහුට ICC දූෂණ මර්දන පනතේ වගන්ති දෙකක් කඩ කිරීම පිළිබඳ චෝදනා එල්ල වී තිබෙනවා.

  • 2.1.1 වගන්තිය – 2019 ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තේරීම් තරගවල ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා (Fix) තරග පාවාදීමට උත්සාහ කිරීම හෝ උත්සහ කිරීමට එකඟ වීම.
  • 2.4.4 වගන්තිය – 2019 ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ තේරීම් තරගාවලියේ තරග පාවා දීමට ලැබෙන ආරාධනා ICCයේ දූෂණ මර්දන අංශය වෙත වාර්තා නොකිරීම.

T10 තරගාවලියේ සිදු වී සිදුවීමක් නිසා UAE ක්‍රිකට් පාලක මණ්ඩලයත් නවීඩ් හට වගන්ති දෙකක් කඩ කළේ යැයි චෝදනා දෙකක් එල්ල කර තිබේ. ICCය විසින් එක්සත් අරාබි එමීර් ක්‍රිකට් පාලක මණ්ඩලය T10 තරගාවලියේ නිල දූෂණ මර්දනය බලධරයා ලෙස නම් කර තිබෙනවා.

  • 2.1.1 වගන්තිය – 2019 T10 තරගාවලියේ තරගවල ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා (Fix) තරග පාවා දීමට උත්සාහ කිරීම හෝ උත්සහ කිරීමට එකඟ වීම.
  • 2.4.4 වගන්තිය – 2019 T10 තරගාවලියේ තරග පාවා දීමට ලැබෙන ආරාධනා ICCයේ හෝ UAE ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන අංශය වෙත වාර්තා නොකිරීම.

පන්දු 100 ක්‍රිකට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 24ක්; වැඩිම ලංසුව මාලිට

එළඹෙන වසරේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත ./

Qadeer Ahmed Khan විසින් ICC දූෂණ විරෝධී පනතේ වගන්ති හයක් කඩ කළේ යැයි චෝදනා එක්ව සිටිනවා.

  • 2.4.4 වගන්තිය – 2019 අප්‍රේල් මාසයේ දී පැවැත්වුණු සිම්බාබ්වේ හා එක්සත් අරාබි එමීර් තරගාවලියේ තරග පාවා දීමට ලැබුණු ආරාධනා ICCයේ හෝ UAE ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන අංශය වෙත වාර්තා නොකිරීම.
  • 2.3.2 වගන්තිය – 2019 අගෝස්තු මාසයේ දී ඔට්ටු දමන්නන්ට වාසි විය හැකි රහසිගත තොරතුරු Mehar Chhayakar වෙත ලබා දීම. 
  • 2.4.4 වගන්තිය – 2019 අගෝස්තු මාසයේ දී පැවැත්වුණු නෙදර්ලන්ත හා එක්සත් අරාබි එමීර් තරගාවලියේ තරග පාවා දීමට ලැබුණු ආරාධනා ICCයේ හෝ UAE ක්‍රිකට් පාලක මණ්ඩලයේ දූෂණ මර්දන අංශය වෙත වාර්තා නොකිරීම.
  • 2.4.5 වගන්තිය – වෙනත් අයෙකු ගැන තමන් දැන ගත් ICC දූෂණ මර්දන පනතට අදාළ එම පනත උල්ලංඝනය වන කරුණු දූෂණ මර්දන ඒකකයට දැනුම් නොදීම. 
  • 2.4.6 වගන්තිය – ICC දූෂණ මර්දන ඒකකය පවත්වා ගෙන යන පරීක්ෂණයකට සහය නොදැක්වීම.
  • 2.4.7 වගන්තිය – තමන් සතුව ඇති වැදගත් තොරතුරු ICC දූෂණ මර්දන ඒකකයට ලබා නොදීම මගින් දූෂණ මර්දන පරීක්ෂණයක් පමා කිරීම. 

මේ අතරම Shaiman Anwar Butt හට ද වගන්ති දෙකක් කඩ කිරීම පිළිබඳ චෝදනා එල්ල කර තිබෙනවා. 

  • 2.1.1 වගන්තිය – 2019 ICC විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තේරීම් තරගවල ප්‍රතිඵල වෙනස් කිරීම සඳහා (Fix) තරග පාවා දීමට උත්සාහ කිරීම හෝ උත්සහ කිරීමට එකඟ වීම.
  • 2.4.4 වගන්තිය – 2019 ICC විස්සයි විස්ස ලෝක කුසලානයේ තේරීම් තරගාවලියේ තරග පාවා දීමට ලැබෙන ආරාධනා ICCයේ දූෂණ මර්දන අංශය වෙත වාර්තා නොකිරීම.

එක්සත් අරාබි එමීර් හි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධව කටයුතු කළ Mehardeep Chhayakar නමැති තැනැත්තාට ද ICCය චෝදනා එල්ල කර ඇත්තේ, “2.4.6 වගන්තිය – ICC දූෂණ මර්දන ඒකකය පවත්වා ගෙන යන පරීක්ෂණයකට සහය නොදැක්වීම” වගන්තිය යටතේයි.

මෙම චෝදනාවලට පිළිතුරු ලබා දීම සඳහා ක්‍රීඩකයින්ට ඔක්තෝබර් 16 වැනිදා සිට දින 14ක කාලයක් ලැබෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<