සහිරා ක්‍රීඩකයින් පරදා ත්‍රිත්වයින් හයට

298

2018 සිංගර් කුසලාන පාසල් රග්බි ලීග් තරගාවලියේ අවසන් සතියේ තරගයක් වූ සහිරා විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය මහනුවර පල්ලෙකැලේ පිටියේ දී පැවැත්වූ අතර එම තරගය ලකුණු 34-15ක් ලෙස ජය ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය.

රාජකීයයෝ අපරාජිතව ශූරතාවයට උරුමකම් කියති

සාන්ත පීතර විද්‍යාලය ලකුණු 32-13ක් ලෙස පරාජය කළ කොළඹ රාජකීය විද්‍යාලය අපරාජිතව දෙවන වරටත් සිංගර් අන්තර් පාසල් රග්බි තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස අභිෂේක ලැබීමට අද…

සවස 4ට පමණ ආරම්භ වූ මේ තරගයේ පළමු ලකුණ තරගයේ 6 වැනි මිනිත්තුවේ දී ප්‍රවින්ද විජේතිලක විසින් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් වාර්තා කළේය. නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් අපොහොසත් විය. (05-00)

තරගයේ 15 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සහිරා විද්‍යාලයේ මින්හාජ් සම්සුදීන් ත්‍රිත්ව විද්‍යාලයේ වරදක් නිසා සහිරා විද්‍යාලයට ලැබුණු දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේ සහිරා විද්‍යාලයේ ලකුණු සටහනට ද තරගයේ මුල් මිනිත්තු කිහිපය තුලම ආරම්භය ලබා දෙමිනි. (05-03)

අනතුරුව ගෙවී ගිය මිනිත්තු 15 සහිරා විද්‍යාලයට එතරම් සුබදායී නොවූයේ ත්‍රිත්ව විද්‍යාලය සහිරා විද්‍යාලයේ ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටා හා තරග සැලසුම් කල්තියාම හඳුනා ගත් බැවිනි. එයින් උපරිම ප්‍රයෝජන ලබා ගත් ත්‍රිත්ව විද්‍යාලය තරගයේ 24 වන මිනිත්තුවේ දී උපක්‍රමශීලී ලෙස තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් සාර්ථක කරගත්තේය. එම ලකුණු කිහිපය ප්‍රවින්ද විජේතිලකගේ නමට ඉදිරියෙන් සටහන් විය. එහි ප්‍රවර්තන අවස්ථාව සාර්ථක කර ගැනීමට අකිත සකලසූරිය සමත් විය. (12-03)

එම ලකුණු ප්‍රමාණයෙන් ද සෑහීමකට පත් නොවූ ත්‍රිත්ව විද්‍යාලය තවත් උත්සාහක දිනුම් කිහිපයක් සඳහා මාන බැලුව ද, සහිරා විද්‍යාලයේ ආරක්ෂක බැමි හමුවේ එය එතරම් පහසු කාර්‍යක් නොවීය. කෙසේ නමුත් රෙෂාන් බණ්ඩාරනායක තරගයේ 26 වැනි මිනිත්තුවේ දී සහිරා ක්‍රීඩකයින් මුලාවට පත්කරමින් ධවල රේඛාව වෙත විදුලි වේගයෙන් ගමන් කළේ සහිරා විද්‍යාලයට දැඩි අභියෝගයක් ලබා දෙමිනි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (19-03)

තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර අවිශ්ක ෂේයික්, වැරන් වීරකෝන්ගේ ද සහය ඇතිව ත්‍රිත්ව විද්‍යාලයට තවත් උත්සාහක දිනුමක් ලබා දුන්නේ තරගයේ 30 වන මිනිත්තුවේ වන අතර එහි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් නොවීය. (24-03)

පළමු අර්ධය: ත්‍රිත්ව විද්‍යාලය 24 – 03 සහිරා විද්‍යාලය

සහිරා විද්‍යාලය තරගයේ පළමු අර්ධයේ දී දැඩි ලෙස පසුබෑමකට ලක්විය. නමුත් එම අර්ධයේ දී සිදු වූ අඩුපාඩුකම් හැකිතාක් අවම කරගෙන සහිරා ක්‍රීඩකයින් තරග වැදීම නිසා ඔවුන් හමුවේ දෙවන අර්ධයේ මුල් මිනිත්තු කිහිපය ත්‍රිත්ව විද්‍යාලය තරමක් පසුබසින ආකාරයක් පෙන්නුම් කරන්නට විය.

එහි ප්‍රතිඵලයක් ලෙස මුමාර් ඩීන් සහිරා විද්‍යාලය මේ තරගයේ ලබා ගත් පළමු උත්සාහක දිනුම වාර්තා කළේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (24-08)

ත්‍රිත්ව විද්‍යාලයේ විශ්ව රණරාජා ඉතාමත් ජවසම්පන්න ලෙස ධවල රේඛාව මතට පන්දුව රැගෙන ගියේ තවත් උත්සාහක දිනුම් අවස්ථාවක් ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් සාර්ථක කර දෙමිනි. 54 වන මිනිත්තුවේ වාර්තා වූ එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථක නොවීය. (29-08)

සත්කාරකයින් පරදා ආගන්තුකයින් දෙවැනි තැන දිනා ගනී

2018 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් ඊයේ (8) මහනුවර ධර්මරාජ විද්‍යාලය හා කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවති අතර…

60 වන මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ සහිරා විද්‍යාලයේ ෆුල් බැක් ක්‍රීඩක ලුක්මන් අහමඩ් සහිරා විද්‍යාලයට තවත් ලකුණු 05ක් එකතු කළේ දැකුම්කළු උත්සාහක දිනුමක් මඟිනි. මින්හාජ් සම්සුදීන් එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේ ලුක්මන් ලබා ගත් උත්සාහක දිනුමට සම්පූර්ණ වටිනාකම එක් කරමිනි. (29-15)

අවසානයේ තරගය නිමා වීමට මිනිත්තු කිහිපයකට පෙරාතුව ත්‍රිත්ව විද්‍යාලයේ ලකුණු සටහනට තවත් උත්සාහක දිනුමක් එකතු වූ අතර එය දුලන්දිත් දෙත්වර විසින් සාර්ථක කරගත්තේය. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (34-15)

අවසානයේ ත්‍රිත්ව විද්‍යාලය ලකුණු 34-15ක් ලෙස සහිරා විද්‍යාලය පරාජය කරමින් ශූරතා කුසලාන තරගාවලියේ 6 වන ස්ථානය දිනා ගනිමින් තරගාවලිය අවසන් කරන ලදි. සහිරා විද්‍යාලයට එම ලැයිස්තුවේ අවසන් ස්ථානය හිමි විය.

අවසන් ලකුණු තත්වය: ත්‍රිත්ව විද්‍යාලය 34 – 15 සහිරා විද්‍යාලය

ThePapare.com තරගයේ වීරයා: ටෙහාන් කරුණානායක (ත්‍රිත්ව විද්‍යාලය)

ලකුණු ලබාගත් ක්‍රීඩකයින්:

  • ත්‍රිත්ව විද්‍යාලය – ප්‍රවින්ද විජේතිලක (2T), අවිශ්ක ෂේයික් (1T), විශ්ව රණරාජා (1T), රෙෂාන් බණ්ඩාරනායක (1T), දුලන්දිත් නෙත්වර (1T), අකිත සකලසූරිය (2C)

  • සහිරා විද්‍යාලය – මුමාර් ඩීන් (1T), ලුක්මන් අහමට් (1T), මින්හාජ් සම්සුදීන් (1C, 1P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<