ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ අටවැනි දිනය වූ ඊයේ (26) දිනයේත් පදක්කම් බලාපොරොත්තු කිහිපයක්ම බිඳ වැටුණු නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පෙරළිකාර ජයග්‍රහණ කිහිපයක් ද වාර්තා කිරීමට සමත් වුනා.
පෙරළිකාර ජයග්‍රහණයකින් දිනය ආරම්භ කිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩකයින් සමත් වූයේ මාලදිවයින වට 3-1ක් ලෙස පරාජය කරමිනි.
සචින් හා බුවනෙක තවත් පියවරක් ඉදිරියට; කාලිංග හා ප්‍රසාද් අවසන් මහා තරගයට
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ හත්වැනි දිනය වන ඊයේ (25) දිනයේ …
පළමු වටය (16-25) ලකුණු නවයකින් පරාජය වූවද දෙවන (25-18), තෙවන (27-25) හා සිව්වන වටය (25-15) ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 13-16 ස්ථාන තීරණය කරන අවසන් පූර්ව තරගයට පිවිසීමට සමත් විය.
කරාතේ ක්‍රීඩාවෙන් ඊයේ තරග වැදුණු ප්‍රසන්න වීරකෝන් ඇෆ්ගනිස්තානයේ ඔස්මානි ගුල් ලකුණු 4-2ක් ලෙස පරාජය කරමින් සිය පූර්ව-අවසන් පූර්ව තරගය ජය ගන්නට සමත් විය. කෙසේ වෙතත් අවසන් පූර්ව වටයේ දී කිලෝග්‍රෑම් 60 කාණ්ඩයෙන් තරග කළ ප්‍රසන්නට මලයාසියානු ක්‍රීඩක ප්‍රේම් කුමාර් හමුවේ ලකුණු 3-1ක් ලෙස පරාජය වී තරගාවලියෙන් ඉවත් වන්නට සිදු විය.
දිනයේ පෙරළිකාරම ජයග්‍රහණය වාර්තා කළ ශ්‍රී ලංකා හොකී ක්‍රීඩකයෝ සත්කාරක ඉන්දුනීසියාව ගෝල 3-1ක් ලෙස පරාජය කිරීමට සමත් වුනා. A කාණ්ඩයෙන් තරග කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජපානය හා කොරියාව හමුවේ පරාජය වුවද විශිෂ්ට ක්‍රීඩා රටාවක් සමඟින් ඔවුන් හොං කොං හා ඉන්දුනීසියාව පරාජය කළේ නැවතත් ඉදිරියට යාමේ බලාපොරොත්තු දල්වමිනි.
දිනුක පියවරක් ඉදිරියට යද්දී හොකී ක්‍රීඩකයෝ පළමු ජය වාර්තා කරයි
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ සයවැනි දින වූ ඊයේ (24) දිනයේ …
මේ වන විට ශ්‍රී ලංකාව A කාණ්ඩයේ ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ රැඳී සිටින අතර ශ්‍රී ලංකාව මීළඟට ප්‍රබල ඉන්දියාව සමඟින් අගෝස්තු 28 වැනිදා තරග වදිනු ඇත.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ බොක්සිං ක්‍රීඩක ඉශාන් බණ්ඩාර පිරිමි කිලෝග්‍රෑම් 52 බර පන්තියෙන් සිය අවසන් 16 දෙනාගේ වටයේ තරගයට සහභාගී වූ අතර එහි දී ඔහුට අවාසනාවන්ත පරාජයක් හිමි විය. තායිලන්තයේ Tongdee Yuttapong සමඟින් ඔහු තරග කළ අතර Yuttapongගෙන් දැඩි පහර එල්ල වීම නිසා විනිසුරු තරගය නතර කර තායිලන්ත ක්‍රීඩකයා හට ජයග්‍රහණය ලබා දෙන ලදි.
බැඩ්මින්ටන්, වොලිබෝල් කණ්ඩායම් තරමක් හෝ දස්කම් අතරට
ඉන්දුනීසියාවේ පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේ තරග පැවැත්වෙන පස්වැනි දිනය වන …
අවසන් ශ්‍රී ලංකා බොක්සිං බලාපොරොත්තුව වූ පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම් ලාභිනි අනුෂා කොඩිතුවක්කු සිය 16 දෙනාගේ වටයෙන් පරාජය වූයේ අවසන් ශ්‍රී ලංකා බලාපොරොත්තුවත් බිඳ දමමිනි. කිලෝග්‍රෑම් 51 බර පන්තියෙන් ඇය ජපානයේ Wada Madoka හා තරග කළ අතර විනිසුරු තීරණ 1-4 ක් ලෙස ජපන් ක්‍රීඩිකාව තරගය ජය ගන්නා ලදි.

ප්‍රසාද් විමලසිරි දුර පැනීමේ අවසන් මහා තරගයට පිවිසුණු අතර එහි දී ඔහුට හිමි වූයේ හත්වැනි ස්ථානයයි. ඔහු සිය පළමු උත්සාහයේ දී මීටර 7.86ක දුරක් වාර්තා කළ අතර එය මේ තරගයේ ඔහුගේ හොඳම උත්සාහය විය. ඔහුගේ දෙවන උත්සාහය මීටර 7.75ක් වූ අතර තෙවැන්න 7.51ක් විය. ඔහුගේ සිව්වැනි හා පස්වැනි උත්සාහයන් නිශ්ප්‍රභ වූ අතර ඒ අනුව ප්‍රසාද්ගේ බලාපොරොත්තු ද බිඳී ගියේ ඔහු හත්වැනි ස්ථානයට ඇද දමමිනි. ප්‍රසාද්ගේ හොඳම පෞද්ගලික දක්ෂතාව වූ මීටර 8.14ක දුරට ඔහු මේ තරගාවලියේ දී ළඟාවීමට සමත් වූයේ නැත.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<






















