ඩී. එස්. සේනානායක විද්‍යාලයට සුපිරි ජයක්

290
muditha lakshan

සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (14) සාර්ථකව නිමා විය. ඊයේ පැවති තරගවලින් ඩී. එස්. සේනානායක විද්‍යාලය කඩුලු 9ක ජයක් ලබා ගනිමින් මලියදේව විද්‍යාලය පරාජය කරන ලදි.  

ශතක හා අර්ධ ශතක රැසකින් වර්ණවත් වූ පාසල් ක්‍රිකට් පිටිය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න්..

තර්ස්ටන් විද්‍යාලය හා කෝට්ටේ ජනාධිපති විද්‍යාලය

දෙවන දිනයට ක්‍රියාත්මක වූ මේ තරගය ඊයේ දිනයට ආරම්භ වන විට කෝට්ටේ  ජනාධිපති විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 65ක් ලබාගෙන සිටි අතර ඔවුන් සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 138ක් පමණි.

එම ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් දිනිත් නෙලුම්දෙණිය ලකුණු 36ක් ලබාගෙන ජනාධිපති විද්‍යාල ලකුණු පුවරුව තරමක් හොඳ මට්ටමකට රැගෙන එන ලදි. පන්දු යැවීමේ දී තර්ස්ටන් විද්‍යාලය වෙනුවෙන් ඉතාමත් හොඳින් පන්දු යැවූ සඳරු ඩයස් ලකුණු 42කට කඩුලු 6ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

තක්ෂිල නිර්මාල්, ශෂික නිර්මාල්, විකුම් කල්හාර හා ඉරන්ද හෂාන් අර්ධ ශතක ලබාගෙන කෝට්ටේ ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම සවිබල ගන්වන ලදි. දඟපන්දු යවන ක්‍රීඩක  සඳරු ඩයස් ලකුණු 78කට කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි. ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම ලකුණු 287කට සීමා විය. අවසානයේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූ නමුත් තර්ස්ටන් විද්‍යාලය පළමු ඉනිමේ ජය ලබා ගත්තේය.

තර්ස්ටන් විද්‍යාල පළමු ඉනිම – 321/8d (72.1): රනේෂ් සිල්වා 59, බවන්ත ජයසිංහ 57*, පෘථිවි රූසර 54, ශාලක බණ්ඩාර 41, යොහාන් ලියනගේ 28, ඉරංග හෂාන් 4/64, කසුන් මාලිංග 2/19.

කෝට්ටේ ජනාධිපති විද්‍යාල පළමු ඉනිම – 138 (43): දිනිත් නෙලුම්දෙණිය 36, සඳරු ඩයස් 6/42, අයේෂ් හර්ෂණ 2/35.

කෝට්ටේ ජනාධිපති විද්‍යාල දෙවන ඉනිම (F/O) – 287 (66.4): තක්ෂිල නිර්මාල් 90, ශෂික නිර්මාල් 63*, විකුම් කල්හාර 63, ඉරන්ද හෂාන් 54, සඳරු ඩයස් 5/78, අයේෂ් හරිශ්චන්ද්‍ර 3/94, බවන්ත ජයසිංහ 2/43.

ගුරුකුල විද්‍යාලයේ මෙවන්ගෙන් අර්ධ ශතක දෙකක්

සිංගර් ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන…


මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

මාතර උයන්වත්ත ක්‍රිකට් පිටියේ පැවති මේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවත් මාතර සාන්ත තෝමස් විද්‍යාලය මේ තරගයේ පළමු ඉනිම ජය ගන්නා ලදි. ධර්මාශෝක විද්‍යාලය ඊයේ දිනය සඳහා පිටියට පිවිසෙන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 48ක් ලබාගෙන සිටි අතර සසිඳු එශාන් හා අරෝශන සොයිසා පිළිවෙළින් ලකුණු 41ක බැගින් ලබාගෙන ධර්මාශෝක පළමු ඉනිම වර්ණවත් කළේය.

ලකුණු 8ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිටියට පැමිණි සාන්ත තෝමස් විද්‍යාලය සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 137ක් ලබාගෙන සිටිය දී තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට විනිසුරුවරුන් තීරණය කරන ලදි. නමුත් මේ තරගයේ පළමු ඉනිම ජය ගත්තේ මාතර සාන්ත තෝමස් විද්‍යාලයයි. සංචිත රණසිංහ දෙවන ඉනිමේ දී නොදැවී ලකුණු 59*ක් ලබාගන්නා ලදි.  

සාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම – 248 (77.2): මිහිශාල් අමෝද 122, ගිශාන්තික ජයවීර 45, කවිඳු රිද්මාල් 28*, නිපුන් රුචිර 24, නවීන් රසාංග 3/29, කවිඳු නදීශාන් 3/97.

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම –  240 (80.1): සසිඳු මල්ෂාන් 41, අරෝෂන් සොයිසා 41, කවිඳු නදීශාන් 39, දිනුක ඩිල්ශාන් 34, චමිඳු ඩිල්ශාන් 25, කවිඳු රිද්මාල් 5/41, සෙනෙත් සිතාර 3/44.

සාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම –  137/4 (37): සංචිත රණසිංහ 59*, සචිර රශ්මික 26, තරිඳු ජයසේකර 21, මිහිසල් අමෝද 20, කවිඳු නදීශාන් 2/48.


කුරුණෑගල මලියදේව විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

ඊයේ නිමා වූ මේ තරගය කඩුලු 9කින් ජය ගැනීමට ඩී. එස්. සේනානායක විද්‍යාලය සමත් විය. කඩුලු 2ක් දැවී ලකුණු 239ක් ලබාගෙන සිටි ඩී. එස්. සේනානායක විද්‍යාලය සිය පළමු ඉනිමට තවත් ලකුණු 130ක් ලබාගත් පසුව සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කරන ලදි.  මුදිත ලක්ෂාන් සිය ශතකය සම්පූර්ණ කරගැනීම නිසා ඩී. එස්. සේනානායක විද්‍යාලයට ලකුණු 369ක් දක්වා යාමට හැකි විය.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම ලකුණු 209කට සීමා වෙද්දී ඉෂන්ජය හෙට්ටිආරච්චි ලකුණු 76ක් ලබාගෙන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. පන්දුවෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කර ඇති මුදිත ලක්ෂාන් පිතිකරණයෙන් ලබාගත් ශතකයට අමතරව පන්දු යැවීමෙන් දස්කම් දක්වන ලද්දේ කඩුලු 4ක් දවා ගනිමිනි.

මලියදේව විද්‍යාල පළමු ඉනිම – 201 (49.1): ගයන්ත වික්‍රමතන්ත්‍රී 45, කවීන් බණ්ඩාර 39, බ්‍රයන් කරුණානායක 32, සුපුන් සුමනරත්න 25, තරිඳු නවෝද්‍ය 4/60, අමිත දාබරේ  2/08.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 369/5d (60): මුදිත ලක්ෂාන් 123, අභිෂේක් ලියනාරච්චි 101, ටෙරෝන් බාස්කරන් 46, අමිත දාබරේ 38, අයන්ත ද සිල්වා 33*.

මලියදේව විද්‍යාල දෙවන ඉනිම –  209 (65.3): ඉෂන්ජය හෙට්ටිආරච්චි 76, බ්‍රයන් කරුණානායක 47, සුපුන් සුමනරත්න 42, මුදිත ලක්ෂාන් 4/57, මනේන්ද්‍ර ජයතිලක 4/35, යශේන් කෙනුල 2/18.

ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම – 42/1 (6.5): අමිත දාබරේ 16*.


වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය හා වෙස්ලි විද්‍යාලය

මෙතෙක් කල් පැවති ක්‍රිකට් තරග සුහද තරග ලෙස පැවැත්වූ අතර මෙවර ක්‍රිකට් තරගාවලියේ කාණ්ඩයන් යටතේ පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගය ලෙස වෙස්ලි විදුහල් පිටියේ පැවති මේ තරගය ක්‍රියාත්මක විය. D කාණ්ඩයේ තරගයක් වූ මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් වෙස්ලි විද්‍යාලය පළමුව පන්දුවට පහර දෙන ලදි.

මොවින් සුබසිංහ හා තිසුරක අක්මීමන ලබාගත් අර්ධ ශතක ඉනිම් නිසාවෙන් වෙස්ලි විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 317ක් ලබා ගත්තේය. වෙස්ලි විද්‍යාලය කඩුලු 9ක් දැවී සිටිය දී සිය පළමු ඉනිම අත්හිටුවීමට තීරණය කළේය.

පැතුම් විහඟ ලකුණු 64කට කඩුලු 3ක් දවාලමින් සිය  දස්කම් ප්‍රදර්ශනය කරන විට සංකිත හිරුශාන් හා අරින්ද පසිඳු අතරේ කඩුලු 2ක බැගින් බෙදී ගියේය. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත අන්තෝනි විද්‍යාලය කිසිවෙක් නොදැවී ලකුණු 24ක් ලබාගෙන සිටින ලදි.

වෙස්ලි විද්‍යාල පළමු ඉනිම – 317/9d (75): මොවින් සුබසිංහ 82, තිසුරක අක්මීමන 63, සහිල් ඩයස් 26*, බුද්ධිම ඩයස් 22, පැතුම් විහඟ 3/64, සංකිත හිරුශාන් 2/44, අරින්ද පසිඳු 2/54.

සාන්ත අන්තෝනි විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 24/0 (11):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරගය අද (15) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<