ඉබ්‍රහිමෝවිච් පාපන්දුවෙන් සමුගනියි

238
The Independent

“ඉබ්‍රා” යන සුරතල් නාමයෙන් හැඳින්වෙන ස්වීඩන් ජාතික පාපන්දු පුරාවෘත්තයක් වන Zlatan Ibrahimovic (ස්ලටන් ඉබ්‍රහිමෝවිච්) පාපන්දු දිවියට සමුදීමට තීරණය කොට ඇති බව BBC මාධ්‍යය විසින් වාර්තා කොට තිබුණා.

41 හැවිරිදි වියේ පසු වන ඔහු ඉතාලියේ සැන් සිරෝ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයන් ඉදිරියේ මෙසේ පැවසුවා.

මම පාපන්දු වලට සමුදෙනවා, ඒත් ඔබට නොවේ,” ඔහු වදන් හැසිරවීමේ අති දක්ෂයෙක්.

ලොව ප්‍රමුඛතම පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කළ ඉබ්‍රා ක්‍රීඩා සමාජ ගෝල 511ක හිමිකරුවෙක්. AC මිලාන්, ඉන්ටර් මිලාන්, පැරිස් සෙන්ට් ජර්මේන්, මැන්චෙස්ටර් යුනයිටඩ් වැනි කණ්ඩායම් සමඟින් ලීග් ශූරතා දිනා ඇති ඔහු පාපන්දු ලොවේ දැවැන්තයෙකු ලෙස හැඳින්වෙනවා. අයැක්ස්, බාසිලෝනා කණ්ඩායම් ද නියෝජනය කළ ඉබ්‍රා ස්වීඩනය වෙනුවෙන් ජාත්‍යන්තර ගෝල 62ක් වාර්තා කළා.

ඔහු පසුගිය තරග වාරයේ Serie A ශූරයන් වූ AC මිලාන් කණ්ඩායම නියෝජනය කළා.

මට දරාගන්න බැරි තරම් හැඟීම් තියෙනවා. මිලාන්, ගුඩ් බායි,” ඔහු පැවසුවේ හැඟුම්බරවයි.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<