පකිස්තාන වේගපන්දු කැන්ගරු දේශයට රිදවයි

203
Pakistan's bowler Shaheen Shah Afridi (2R) celebrates with teammates including captain Sarfraz Nawaz (2L) after taking a wicket during the fifth T20 cricket match between Pakistan and Australia of a T20 tri-series including host nation Zimbabwe at The Harare Sports Club in Harare on July 5, 2018. / AFP PHOTO / Jekesai NJIKIZANA

මෙම දිනවල පාකිස්තානය, සිම්බාබ්වේ සහ ඕස්ට්‍රේලියාව අතර සිම්බාබ්වේ දී පැවැත්වෙන විස්සයි විස්ස තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ මේ දක්වා පැවැත්වූ තරගවල ප්‍රතිඵල අනුව පාකිස්තාන සහ ඕස්ට්‍රේලියානු කණ්ඩායම් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ඇති අතර අවසන් මහා තරගය ලබන ඉරිදා (08) පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අවසන් තරගයට පෙර ලීග් වටය යටතේ පාකිස්තානය සමඟ ඕස්ට්‍රේලියාව ගැටෙන තරගය අද (05) හරාරේ ක්‍රීඩාංගණයේ දී පැවැත්විය. මෙය අවසන් තරගය සඳහා හොඳ පෙරහුරුවක් සේම අවසන් ගැටුම පිළිබඳ අනාවැකි පල කළ හැකි තරගයක් බව විචාරකයන්ගේ අදහස විය.

ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ ලකුණු ලබා දෙන්නේ මෙහෙමයි

ලබන වසරේ සිට ආරම්භ වන ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතා තරගාවලියේ එක් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට…

කාසියේ වාසිය සමඟින් ඕස්ට්‍රේලියාව ප්‍රථමයෙන් පන්දු රකින්නට තීරණය කළ අතර පාකිස්තානය පෙර තරගයක දී ඔවුන් හමුවේ පරාජය වීම නිසා ඕස්ට්‍රේලියාව ඉතා හොඳ මානසික මට්ටමකින් තරගයට අවතීර්ණ විය.

නව පන්දුව වෙත ප්‍රවේගකාරී පහරවල් එල්ල කරන ක්‍රීඩකයින් දෙදෙනෙක් වන ෆකාර් සාමන් සමඟින් හැරිස් සොහෙල් පාකිස්තානය වෙනුවෙන් ඉනිම ආරම්භ කළ නමුත් පළමු කඩුල්ල ලෙස සොහෙල් ලකුණු නොලබා සිටිය දී දවා ගන්නට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නකු වන මාර්කස් ස්ටොයිනිස් සමත් විය.

කෙසේ වූවත් ෆකාර් සාමන් පිටිය පුරා දැවැන්ත පහරවල් එල්ල කරමින් ලකුණු පුවරුව ඉතා වේගයෙන් ඉහළ දමන්නට වූ අතර හතරේ පහර 9ක් සහ හයේ පහර 3කින් වර්ණවත් වූ තරගයේ පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 73 (42)ක්  ලබා ගන්නට ඔහු සමත් විය. එමෙන්ම එය ඔහුගේ විස්සයි විස්ස ක්‍රීඩා දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙස වාර්තා වුණේය.

ICC සාමාජිකත්වය ශ්‍රී ලංකාවට අහිමි වෙයි ද?

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) 75 වන කමිටු රැස්වීම ජූලි මස 2 වැනිදා…

ඔහු සමඟ අනික් අන්තයේ ක්‍රීඩා කළ හුසේන් තාලාට්, ෂොයිබ් මලික් සහ අසීෆ් අලී හොඳින් ලකුණු රැස් කරමින් සිය කණ්ඩායමේ ඉනිම ගොඩ නැගීමට විශාල දායකත්වයක් සැපයීය. තරගයේ අවසන් පන්දුවාරය විශේෂත්වයක් ගත් අතර එහි දී ලකුණු 18ක් ඕස්ට්‍රේලියාවේ ආරෝන් ටයිට එරෙහිව ලබා ගැනීමට පාකිස්තාන පිතිකරුවන් සමත් වීමත් සමඟ නියමිත පන්දුවාර 20 තුල දී දැවැන්ත ලකුණු 194ක් කඩුලු 7ක් පමණක් දැවී රැස් කරගන්නට පාකිස්තානය හැකි විය.

ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ආරොන් ටයි පන්දු යැවීමේ දී ලකුණු 35කට කඩුලු 3ක් දවා ගත් අතර ජේ. රිචඩ්සන් ලකුණු 43කට කඩුලු 2ක් ද, මාර්කස් ස්ටොයිනිස් හා ග්ලෙන් මැක්ස්වෙල් එක් කඩුල්ල බැගින් ද දවා ගත්හ.

වේගවත් ආරම්භයක අවශ්‍යතාව සමඟින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය වූ ආරොන් ෆින්ච් සහ ඩී. ශෝට් හට සාර්ථක වන්නට පාකිස්තාන වේගපන්දු බල ඇණිය ඉඩ ලබා නොදුන් අතර පන්දුව විශිෂ්ට ලෙස දෝලනයක් සහිතව මනාව පාලනය කරමින් යොමු කොට ලකුණු වේගය අඩුකරන්නට ඔවුන් සමත් විය.

වීසා හරස් වී හතුරුගේ සැලසුම් කල්යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන චන්දික හතුරුසිංහ මහතා ටෙස්ට් ක්‍රිකට් තරග…

තරගාවලියේ හොඳම ක්‍රීඩකයා බවට පත්ව සිටි ආරෝන් ෆින්ච් ලකුණු 16ක් ලබා සිටිය දී දවා ගන්නට යොවුන් ක්‍රීඩක ශහීන් අෆ්රිඩි සමත් වීමත් සමඟ ඕස්ට්‍රේලියානු පිතිකරු ලැයිස්තුවේ කඩා වැටීම ආරම්භ විය. ඉන් තවත් කඩුල්ලකට පසුව සිදු වූ ග්ලේන් මැක්ස්වෙල්ගේ ආගමනය නැවතත් ඕස්ට්‍රේලියාව වෙත බලාපොරොත්තු ගෙන දුන් නමුත් අෆ්රිඩි ඔහුව ද දවා ගැනීමත් සමඟ ඉනිමේ වේගය තවත් අඩු විය. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් සාර්ථක වූ පිතිකරුවන් දෙපල බවට පත් වූයේ පන්දු 34ක දී ලකුණු 28ක් වාර්තා කළ ආරම්භක පිතිකරු ජෝන් මැතිව් ෂෝර්ට් සහ පන්දු 24ක් තුල හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 37ක් වාර්තා කළ ඇලෙක්ස් කේරී ය. අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 149ක් ලැබූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ පකිස්ථාන කණ්ඩායම වෙත ලකුණු 45ක ජයක් හිමි විය.

පාකිස්තානය වෙනුවෙන් ශහීන් අෆ්රිඩි ලකුණු 37කට කඩුලු 3ක් දවා ගන්නට සමත් වූ අතර ඉතිරි කඩුලු හතර අනෙක් පන්දු යවන්නන් සිව් දෙනා අතරේ බෙදී ගියේය.

තරගයේ වීරයා : ෆකහර් සාමන්

  • පාකිස්තානය  194 – 7 (ෆකර් 73, අසීෆ් 37*, ආරොන් ටයි 3-35)
  • ඕස්ට්‍රේලියාව  149 – 7 (කරී 37*, අෆ්රිඩි  3-37)

                                               >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<