ආබාධයක් නිසා ක්‍රීඩකයෙකුට යොවුන් ලෝක කුසලානය මඟ හැරෙන ලකුණු

120

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් තුන්කොන් ක්‍රිකට් තරග සංචාරයට සහභාගී වූ තුන් ඉරියව් ක්‍රීඩක චමිඳු වික්‍රමසිංහ ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ. 

ඒ නිසාවෙන් එළඹෙන ජනවාරි මස 17 වැනිදා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිත යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔහුට අහිමි වීමේ අවදානමක් මතුව ඇත.

ඕස්ට්‍රේලියාව පාලනය අතට ගද්දි ස්මිත් ශතකයකට මාන බලයි

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර බොක්සිං දින ………

19න් පහළ කණ්ඩායමේ කළමනාකරු ෆර්විස් මහරුෆ් මහතාගෙන් කළ විමසුමක දී පවසා සිටියේ වික්‍රමසිංහ පිට කොන්දේ ආබාධයකට ලක්ව ඇති බවත්, එය සුව වීම සඳහා මාසයකට ආසන්න කාලයක් යන නිසාවෙන් දැනට තිබෙන තත්ත්වය අනුව ඔහුට ලෝක කුසලාන තරගාවලිය අහිමි වීමේ වැඩි ඉඩක් ඇති බවත් ය.

දකුණතින් වේගපන්දු යවන්නෙකු සහ වමත් ආරම්භක පිතිකරුවෙකු වන වික්‍රමසිංහ මහනුවර අන්තෝනි විද්‍යාලය නියෝජනය කරමින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සඳහා තේරීපත් විය. 

පසුගිය දා නිමා වූ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේ ශූරතාව දිනා ගත් නමුත් වික්‍රමසිංහ හට ක්‍රීඩා කිරීමට හැකි වූයේ තරග දෙකක් පමණි. ඒ අනුව ඔහුගෙන් හිස්වූ ස්ථානයට වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලයේ තවත් දක්‍ෂ තුන් ඉරියව් ක්‍රීඩකයකු වන අවිෂ්ක තරිඳු ලෝක කුසලාන සංචිතයට කැඳවීමට බොහෝ දුරට ඉඩ ඇති බව වාර්තා වේ.

13 වැනි වතාවට පැවැත්වීමට නියමිත 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ජනවාරි 17 වැනිදා සිට පෙබරවාරි 9 වැනිදා දක්වා දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙනු ඇත. 

ඕස්ට්‍රේලියාව පාලනය අතට ගද්දි ස්මිත් ශතකයකට මාන බලයි

ඕස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර බොක්සිං දින ……..

කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය කාණ්ඩ 4ක් යටතේ පැවැත්වේ. ශ්‍රී ලංකාව එහි A කාණ්ඩය යටතේ තරග වදින අතර ශ්‍රී ලංකාවට අමතරව ජපානය, නවසීලන්තය හා ගියවර ලෝක ශූරතාව දිනා ගත් ඉන්දියාව A කාණ්ඩය යටතේ තරග වදිනු ලැබේ. 

තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා යොවුන් සංචිතය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත්ව නොමැති නමුත් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම ජනවාරි මස 9 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට අපේක්ෂාවෙන් සිටියි.

ශ්‍රී ලංකා තරග කාලසටහන (මූලික වටයේ),

  • ජනවාරි 19 (ඉරිදා) – ඉන්දියාව සමඟ බ්ලූම්ෆොන්ටයින් හිදී (North West University Oval)
  • ජනවාරි 22 (බදාදා) – නවසීලන්තය සමඟ බ්ලූම්ෆොන්ටයින් හිදී (Mangaung Oval)
  • ජනවාරි 25 (සෙනසුරාදා) – ජපානය සමඟ පොචෙෆ්ස්ට්රූම් හිදී (Mangaung Oval)

තරගාවලියේ සියලු තතු ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<