අන්ද්රේ 2010 මෙන් මෙවර ජයග්‍රාහී ගෝලය යොමු කරන්නට සූදානමින්

960

FIFA ලෝක ශ්‍රේණිගත කිරීම්වල සයවැනි ස්ථානයේ සිටින ස්පාඤ්ඤය සිය 11 වන ලෝක කුසලානයට සහභාගී වන්නේ ක්‍රීඩාලෝලීන් රැසකගේ බලාපොරොත්තු ගොන්නක් ඉටු කිරීමේ අරමුණින්. නමුත් ඉකුත් 13 වැනිදා වාර්තා වූ පුවත්වලට අනුව ස්පාඤ්ඤ කළමනාකරු ජූලියන් ලොපෙටෙගි (Julen Lopetegui) එම ධුරයෙන් හදිසියේ ඉවත්කර තිබෙනවා.

සයවැනි ලෝක කුසලානය සොයා යන බ්‍රසීලය

ලෝක කුසලාන පාපන්දු වංශකථාවේ බ්‍රසීල කණ්ඩායමට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බ්‍රසීල කණ්ඩායම තුළින් පාපන්දු ලෝකයට දැවැන්ත නාමයන් එක්වීම සහ ඔවුන්ටම ආවේණික…

ස්පාඤ්ඤයේ ලෝක කුසලාන ඉතිහාසයෙන් බිඳක්

ඉතා දිගු පාපන්දු ඉතිහාසයකට හිමිකම් කියන ස්පාඤ්ඤය පළමු වතාවට ලෝක කුසලාන වරම් හිමිකර ගත්තේ 1934 දීයි. ස්පාඤ්ඤ කණ්ඩායම අවසන් පූර්ව තරග දෙකකට ක්‍රීඩා කර ඇති අතර ඉන් පළමුවැන්න පැවැත්වුනේ 1950 දී බ්‍රසීලය සමඟයි. එම තරගාවලියේ දී සිව්වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට ඔවුන්ට සිදු වුනා.

Andres Iniesta celebrating in the 2010 FIFA World Cup Championship in Johannesburg, South Africa Source: Getty Images Europe

2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරගාවලියට ස්පාඤ්ඤය යුරෝපා ශූරයින් ලෙස සහභාගී වූ අතර සුපිරි ක්‍රීඩක අන්ද්රේ ඉනිඑස්ටාගේ විශිෂ්ට ගෝලයෙන් නෙදර්ලන්තය පරාජය කරමින් ලෝක ශූරයින් වන්නට ඔවුන් සමත් වුනා.

  • 1934 – අර්ධ අවසන් පූර්ව වටය
  • 1950 – සිව්වැනි ස්ථානය
  • 1962 – පළමු වටය
  • 1966 – පළමු වටය
  • 1978 – පළමු වටය
  • 1982 – පළමු වටය
  • 1986 – අර්ධ අවසන් පූර්ව වටය
  • 1990 – 16 දෙනාගේ වටය
  • 1994 – අර්ධ අවසන් පූර්ව වටය
  • 1998 – පළමු වටය
  • 2002 – අර්ධ අවසන් පූර්ව වටය
  • 2006 – 16 දෙනාගේ වටය
  • 2010 – ශූරයින්
  • 2014 – පළමු වටය

2014 වසරේ දී ප්‍රේක්ෂකයින්ගේ බලාපොරොත්තු සුන් කරමින් නොසිතූ විරූ ලෙස ස්පාඤ්ඤ කණ්ඩායම පළමු වටයෙන් තරගාවලියෙන් ඉවත් වූ අතර නෙදර්ලන්තය (5-1) හා චිලි දේශය (2-0) ඔවුන්ට දරුණු පරාජයන් අත්කර දුන්නා.

ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම

ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගවල දී ලෙච්ටෙන්ස්ටේන් (Liechtenstein) ගෝල 8-0ක් ලෙස පරාජය කරමින් ලෝක කුසලාන වරම් හිමිකර ගැනීමට ඔවුන් සමත්වුණු අතර ඉතාලිය හා ඇල්බේනියාව ද ඔවුන් අතින් පරාජයට පත්වුණා.

යුරෝපා තේරීම් තරගවල දී ස්පාඤ්ඤයේ ක්‍රීඩාවට සිදු කෙරෙන දේශපාලන බලපෑම් නිසා ඔවුන්ට ලෝක කුසලාන තරගාවලිය අහිමි කරන බවට FIFA බලධාරීන් අනතුරු ඇඟවූ අතර කෙසේ වෙතත් ඔවුන් යුරෝපා තේරීම් තරගවල දී අපරාජිතව සිටීමට සමත් විය.   

රොනාල්ඩෝ සමඟ ලෝක කුසලානය හඹා යන පෘතුගාලය

2016 යූරෝ කුසලාන පාපන්දු තරගාවලිය ජයග්‍රහණය කරමින් ලොවම මවිතයට පත් කළ පෘතුගාලය සාර්ථක ලෝක කුසලාන තරගාවලියක් බලාපොරොත්තුවෙන් මනා ආත්ම ශක්තියකින්…

ඊශ්‍රායලය ගෝල 1-0ක් ලෙස පරාජය කිරීමට ඔවුන් සමත් වූ අතර ජර්මනිය හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුවද, ආර්ජෙන්ටිනාව හමුවේ ගෝල 6-1ක විශිෂ්ට ජයක් වාර්තා කිරීමට ඔවුන් සමත් විය.

කළමනාකරු හා ක්‍රීඩා රටාව

ලොව පුරා ක්‍රීඩාලෝලීන් කලඹන පුවතක් පසුගිය දා මාධ්‍යට නිකුත් වූ අතර රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ පුහුණුකරු ලෙස වැඩ භාර ගැනීමෙන් අනතුරුව ලෝක කුසලානයේ පළමු තරගයට එක් දිනක් පමණක් ඉතිරිව තිබිය දී ස්පාඤ්ඤ කළමනාකරු ජූලියන් ලොපෙටෙගි (Julen Lopetegui) එම ධුරයෙන් ඉවත් කිරීමට ස්පාඤ්ඤ පාපන්දු බලධාරීන් තීරණය කර තිබෙනවා.

ස්පාඤ්ඤ එළඹෙන 15 වැනිදා පෘතුගාලය සමඟ සිය පළමු තරගයට සහභාගී වීමට නියමිත අතර මේ තීරණය මුළු මහත් පාපන්දු ලෝකයාම වික්ෂිප්ත කිරීමට සමත් වුනා.  

ජූලියන් ලොපෙටෙගි 2014 අසාර්ථක වූ ස්පාඤ්ඤ ලෝක කුසලානයට පසු ස්පාඤ්ඤ කළමනාකරු ලෙස වැඩ භාර ගත් අතර ඔහුට පෙර එම ධුරයේ කටයුතු කළේ සාර්ථක පුහුණුකරුවෙකු වූ විසේන්ටේ ඩෙල් බොස්ක්. (Vicente Del Bosque)

Coach, Julen Lopetegui Source: World Soccer/Getty Images

ජූලියන් ස්පාඤ්ඤ වයස අවුරුදු 19න් පහළ මෙන්ම 21න් පහළ කණ්ඩායම්වල ද පුහුණුකරු ලෙස කටයුතු කර ඇති ඉතා අත්දැකීම් බහුල කළමනාකරුවෙක්.

ඔහු විසින් අවසාන ලෝක කුසලානයේ භාවිතා කළ 4-3-3 ආකෘතිය වෙනස් කරමින් නව 4-5-1 ආකෘතියට ක්‍රීඩා කිරීමට පෙලඹුණේ ඔහු අඩුවෙන් ‘wing’ ක්‍රීඩකයින් යොදාගත් නිසයි.

ශූරතාවය සාර්ථකව රැකගන්නට ප්‍රබල ජර්මනියට හැකි වෙයි ද?

පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කළ කණ්ඩායමක් නැවතත් ඊළඟ තරගාවලියේ දී ද එහි ශූරතාවය දිනා ගන්නට අවසන් වරට සමත්ව ඇත්තේ 1962 වසරේ දී ය. ඒ බ්‍රසීල කණ්ඩායමයි.

කෙසේ වෙතත් ජූලියන්ගේ ඉවත් වීමෙන් අනතුරුව ස්පාඤ්ඤයේ නව ලෝක කුසලාන මුහුණුවර කෙසේ වේ දැයි නිශ්චිත ලෙස කිව නොහැක.   

වාසි හා අවාසි

ස්පාඤ්ඤ කණ්ඩායමේ ප්‍රධානතම ශක්තිය නම් ඔවුන්ටම අනන්‍ය ක්‍රීඩා විලාසයයි. කණ්ඩායමේ කොඳු නාරටිය දක්ෂ බාසිලෝනා හා රියාල් මැඩ්රිඩ් ක්‍රීඩකයින්ගෙන් නිර්මාණය වී තිබේ. සර්ජියෝ රාමෝස් හා ජෙරාඩ් පිකේ (Pique) ගෙන් සැදුම්ලත් ස්පාඤ්ඤ පසු පෙළ විනිවිද යෑමට අනෙක් කණ්ඩායම්වලට ඉතා අපහසු වනු ඇත.

ජූලියන් ලෝපේටේගි යොදා ගත් සැලසුම්වලට අනුව ස්පාඤ්ඤය නිවැරදි ක්‍රීඩක සංකලනය සොයා ගතහොත් ඔවුන් ඉතා ප්‍රබල තත්වයකට පත්වනු ඇත. සර්ජියෝ බොක්වෙට්ස් (Sergio Busquets) ඇඟිල්ලේ ආබාධයකට ලක්ව ඇති අතර ඔහුගේ ආබාධය සුවවේ නම් එය ස්පාඤ්ඤයට ඉතා වාසියක් වනු ඇත.

සුපිරි ඉදිරිපෙළ ක්‍රීඩක අල්වරෝ මොරාටා වෙනුවට ඩියෙගෝ කොස්ටා කණ්ඩායමට ඇතුළත් කර ඇති අතර එයත් ඔවුන්ට ප්‍රබල අවාසියක් වනු ඇත.

කෙසේ වෙතත් මේ සියලු අවාසි පරදවා ලෝක කුසලානය ඇරඹීමට දිනයකට පෙර සිය පුහුණුකරු අහිමි වීමේ අවාසිය ඔවුන්ට බලපානු ඇත.    

ස්පාඤ්ඤයේ ක්‍රීඩා තරු

හිටපු නායක ඩේවිඩ් විලා, සැවී හර්නැන්ඩේස් (Xavi Hernandez), සැබි අලෝන්සෝ (Xabi Alonso) හා ටොරෙස්, පුයෝල් වැනි 2010 ලෝක කුසලානයේ ක්‍රීඩා කළ විශාල ස්පාඤ්ඤ ක්‍රීඩා තරු අහිමි වීම ස්පාඤ්ඤයට රුසියාවේ දී දැඩි සේ දැනෙනු ඇත.  

Sergios Ramos

කෙසේ වුවත් ස්පාඤ්ඤ කණ්ඩායම නව මුහුණුවරකින් මෙවර ලෝක කුසලානයට පිවිසෙන අතර රියාල් මැඩ්රිඩ් කණ්ඩායම පිට පිට දෙවරක් ශූරයින්ගේ කුසලානයේ ජයග්‍රහණයට මෙහෙය වූ සර්ජියෝ රාමෝස් මෙවර ස්පාඤ්ඤ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත.

ග්‍රීස්මාන් සමඟින් රුසියාවට යන පෙරළිකාර ප්‍රංශය

2016 යුරෝපා කුසලාන පාපන්දු තරගාවලියේ ජයග්‍රහණය නූලෙන් ගිලිහුනත් ප්‍රබල ප්‍රංශ පාපන්දු කණ්ඩායම මෙවර ලෝක කුසලානයට පිවිසෙන්නේ ලෝක කුසලානයේ පහස ලැබිය…

පරිණත ඉතා හොඳ ශාරීරික ක්‍රීඩා විලාසයක නිරත වන ඔහුගේ ශක්තිමත් ක්‍රීඩා විලාසය හා වේගවත් පන්දු යොමු කිරීම් අනෙක් ක්‍රීඩකයින්ට ඉතා අභියෝගයක් වනු ඇත. එකම ගැටලුව නම් බොහෝ අවස්ථාවල  විනය විරෝධී ක්‍රියා සිදු කර ඔහු කහ කාඩ්පත් ලබා ගැනීමයි. ඉතා වැදගත් අවස්ථාවල දී දඬුවම් පහර කොටුව තුල ප්‍රතිවාදීන්ට දඬුවම් පහරවල් ලබා නොදී සිටිය හැකි නම් රාමෝස් ස්පාඤ්ඤයට රන් උල්පතක් වනු ඇත.

මැද පෙළ ශක්තිමත් කරන මෙවර බාසිලෝනා කණ්ඩායම වෙනුවෙන් සිය අවසන් තරග වාරය ක්‍රීඩා කළ අන්ද්රේ ඉනිඑස්ටා මෙවරත් 2010 දී මෙන් ලෝක කුසලානයේ ජයග්‍රාහී ගෝලය වාර්තා කරන තුරු සියලු දෙනා බලා සිටියි.

ප්‍රතිවාදීන්ට භයානකයි

Isco, during the qualifiers with Italy at Estadio Santiago Bernabeu Source: Zimbio/Getty Images Europe

රියාල් මැඩ්රිඩ් කණ්ඩායමේ මැද පෙළ ක්‍රීඩක ඉස්කෝ ප්‍රතිවාදීන්ට ඉතා භයානක වන අතර ඩේවිඩ් සිල්වා සමඟ තේරීම් තරගාවලිවල දී ක්‍රීඩා කළ විලාසයෙන් ඒ බව මනාවට  පැහැදිලි විය. ඔහු තේරීම් තරගාවලියේ දී ගෝල 11ක් වාර්තා කිරීමට සමත් විය.

තවත් රියාල් මැඩ්රිඩ් තරුවක් වන මාර්කෝ ඇසෙන්සියෝ ද තරග වෙනස් කළ හැකි ක්‍රීඩකයෙකු ලෙස කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇත.

අවසාන සංචිතය

ගෝල රකින්නන් – ඩේවිඩ් ඩි ගියා, පෙපේ රෙයිනා, කෙපා ඇරීසබලන්ගා (Kepa Arrizabalaga, David De Gea, Pepe Reina)

ආරක්ෂක ක්‍රීඩකයින් – ජෝර්ඩි ඇල්බා, නාචෝ මොන්රියාල්, සේසාර් ඇස්පිලිකුටා, ඩැනී කර්වහාල්, නාචෝ, අල්වෙරෝ ඔඩ්රිඕසෝලා,ජෙරාඩ් පිකේ, සර්ජියෝ රාමෝස් (Jordi Alba, Nacho Monreal, Cesar Azpilicueta, Dani Carvajal, Nacho, Alvaro Odriozola, Gerard Pique, Sergio Ramos)

මැදපෙළ – මාර්කෝ ඇසෙන්සියෝ, සේර්ජියෝ බොක්වෙස්ට්, අන්ද්රේ ඉනිඑස්ටා, ඉස්කෝ, කොකේ, සෝල් නිගුඑස්, ඩේවිඩ් සිල්වා, තියාගෝ අලකැන්ට්‍රා, ලුකාස් වස්කුඑස්  (Marco Asensio, Sergio Busquets, Andres Iniesta, Isco, Koke, Saul Niguez, David Silva, Thiago Alcantara, Lucas Vazquez)

ඉදිරිපෙළ – ලාගෝ අස්පාස්, ඩියෙගෝ කොස්ටා, රොද්‍රිගෝ (Iago Aspas, Diego Costa, Rodrigo)

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <