කොදෙව්වෝ හමුවේ බංග්ලාදේශයට තියුණු ජයක්

215

පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදයේ දී බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් දේශය අතර අන්තර්ජාතික විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ආරම්භ විය. ශකීබ් අල් හසන්ගේ සහ කාලෝස් බ්‍රාත්වෙයිට්ගේ නායකත්වයෙන් කණ්ඩායම් දෙක තරගාවලිය සඳහා ඉදිරිපත් විය.

තරග තුනකින් සමන්විත තරගාවලියේ පැවති ප්‍රථම තරගය බටහිර ඉන්දීය කොදෙව් දේශය ජය ගත් අතර ඒ සඳහා වර්ෂාවේ දායකත්වය ද ඔවුන්ට හිමි විය. එහි දෙවන තරගය අද (05) ලොන්ඩර්හිල් හිදී අවසන් වූ අතර එහි දී ලකුණු 12කින් ජයග්‍රහණය වාර්තා කරගනිමින් තරගාවලිය සම කරගන්නට බංග්ලාදේශ කණ්ඩායමට හැකි විය.

නේපාලය තියුණු අවසානයකින් නෙදර්ලන්ත තරගාවලිය සම කරති

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියට කෝඩුකාරයන් වූ නෙදර්ලන්තය සහ නේපාලය අතර ඇම්ස්ටෙල්වීන් පිටියේ දී පැවති දෙවැනි එක්දින තරගයේ දී ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට….

කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දු යැවීම සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තීරණය කළ අතර එය එතරම් සාර්ථක තීරණයක් නොවීය.

පසුගිය තරගය සඳහා සහභාගී වූ කණ්ඩායම එලෙසින්ම මෙම තරගය සඳහා කොදෙව්වන් භාවිතා කළ අතර බංග්ලාදේශය වේගපන්දු බලඇණිය සවිමත් කරමින් මෙහෙදි හසන් වෙනුවට අබූ හයිඩේ පිටියට පිවිසියේය.

බංග්ලාදේශයේ මුල් කඩුලු කිහිපය ඉතා ඉක්මනින් දැවී ගිය අතර පන්දුවාර 8ක් අවසානයේ ලකුණු 48කට කඩුලු 3ක් දැවී තිබිය දී බංග්ලාදේශය වෙනුවෙන් පිටියේ එක්වූ ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් සහ නායක ශකීබ් අල් හසන් බංග්ලාදේශ ඉනිම ලකුණු 171ක් දක්වා ගෙන ගියේය. ඔවුන් දෙදෙනා ලකුණු 90ක සබඳතාවක් ගොඩ නැගීය. ශකීබ් පන්දු 38ක දී හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් වාර්තා කළේය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ තමිම් ඉක්බාල් පන්දු 44ක දී ලකුණු 74ක් රැස් කළේය. එම ඉනිමට මනරම් හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 4ක් ඇතුළත් විය.

පන්දු යැවීමේ දී ඒ. ආර්. නර්ස් පන්දුවාර 4ක දී ලකුණු 25කට කඩුලු 2ක් ද, එම්. ඒ. පෝල් පන්දුවාර 4ක දී ලකුණු 39කට කඩුලු 2ක් ද දවා ගැනීමට සමත් විය.

ධනංජය සහ දනංජය ගේ උත්සාහය ප්‍රතිවාදී දැඩි ඉලක්කය හමුවේ අපතේ යයි

ඉදිරිපෙළ පිතිකරුවෝ සියල්ලෝ ම තම යුතුකම ඉටුකරමින් සිටිය දී අතරමග දී ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ අභියෝග හමුවේ විනාශ කර ගනිද්දී පසු පෙළ පිතිකරුවන් ලෙසින් පිටියට…

ලකුණු 172ක දැවැන්ත ඉලක්කයක් සමඟින් පිටියට පිවිසි කොදෙව්වන්ට එතරම් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය. කෙසේ නමුත් ඇන්ඩි ෆ්ලෙචර් හුදකලා සටනක නිරත වෙමින් පන්දු 38ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ද සමඟින් ලකුණු 43ක් වාර්තා කිරීමට සමත් විය.

ඔහුට අමතරව ආර්. පවෙල් ද ලකුණු 43ක් පන්දු 34ක දී ලබා ගත්තේය. ඒ හැරුණු කොට කිසිදු පිතිකරුවෙකුට සාර්ථක වීමට බංග්ලාදේශය ඉඩ ලබා නොදුන්නේය. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 159ක් පමණක් කොදෙව්වන් රැස් කළේය.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නස්මුල් ඉස්ලාම් ලකුණු 28කට කඩුලු 3යි. මුස්තෆිසූර් රහමාන් ද ලකුණු 50ක් ලබා දී කඩුලු 3ක් දවා ගත්තේය. නායක ශකීබ් කඩුලු 2ක් දවා ගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්විය. ඒ අනුව ලකුණු 12 තියුණු ජයක් බංග්ලාදේශයට හිමි විය. තරගයේ වීරයා ලෙස තමීම් ඉක්බාල් නම් කෙරුණි.

බංග්ලාදේශය 171 – 5: තමීම් 74, ශකීබ් 60, නර්ස් 2-25, පෝල් 2-39

බටහිර ඉන්දීය කොදෙව් 159 – 9: පවෙල් 43, ෆ්ලෙචර්  43, නස්මුල් 3-28, මුස්තෆිසූර් 3-50

තරගයේ වීරයා: තමීම් ඉක්බාල්  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<