මනෝහරන්ගෙන් විශිෂ්ට ශතකයක්; ප්‍රථම ඉනිමේ ජය සිල්වෙස්තරයින්ට

1017

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර පැවති “60 වන සුරතලුන්ගේ සංග්‍රාමය” ජය පරාජයෙන් තොරව අද (22) අවසන් වූ අතර එහි ප්‍රථම ඉනිමේ ජය හිමි කර ගැනීමට සාන්ත සිල්වෙස්තර ක්‍රීඩකයින් සමත් විය.

මනෝහරන් පවිත්‍රන් තරගයේ වීරයා සම්මානය හිමි කර ගනිද්දී, හොඳම පිතිකරුවාට හිමි සම්මානය හිමි කර ගැනීමට පුලින ගුණතිලක සමත් විය.

පළමු දිනය (21) සඳහා තරගය නතර කරන විට සාන්ත සිල්වෙස්තර කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 53ක් ලබාගෙන සිටි අතර විද්‍යාර්ථ විද්‍යාලයට ප්‍රථම ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 229ක් පමණි.

නායකත්වයේ ඉනිමක් දියත් කළ පුලින නොදැවී ශතකයක් වාර්තා කරයි

මහනුවර සාන්ත සිල්වෙස්තර විද්‍යාලය හා මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය අතර 60 වැනි වරටත් පවත්වනු ලබන “සුරතලුන්ගේ මහා ක්‍රිකට් සංග්‍රාමය” …

සිල්වෙස්තර පළමු ඉනිමේ පළමු කඩුල්ල අඩු ලකුණක දී බිඳ වැටීමෙන් අනතුරුව පිටියට එක්වූ පසන් හෙට්ටිආරච්චි ආරම්භක පිතිකරු කෙවින් ෂහසර සමඟ එක්වී ලකුණු 84 විශිෂ්ට සබඳතාවක් ගොඩනැගීමට සමත් විය. එම අගනා සබඳතාවය නිමා වූයේ කෙවින් දුවද්දී දැවී යාමකට හසුවීම නිසාවෙනි. ලකුණු 67ක් ලබා සිටි ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් හා එක් 6 පහරක් අන්තර්ගත විය.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිල්වෙස්තර කණ්ඩායම තම ප්‍රථම ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 147ක් ලබාගෙන සිටියේය.

පසන් සහ මනෝහරන් විද්‍යාර්ථ ක්‍රීඩකයින්ගේ පන්දුවලට පිටිය සිසාරා පහර එල්ල කළ අතර වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ මනෝහරන් පවිත්‍ර පන්දු 78කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කරන ලදි.

අවසානයේ සිල්වෙස්තර ක්‍රීඩකයන් කඩුලු 2ක් පමණක් දැවී සිය ප්‍රථම ඉනිම ජයග්‍රහණය කිරීමට සමත් වූයේ තවත් කඩුලු 8ක් ඉතිරිව තිබිය දීයි.

විද්‍යාර්ථ ක්‍රීඩකයන්ට මහත් හිසරදයක් වෙමින් පැවති ලකුණු 144 තෙවැනි කඩුල්ලේ සබඳතාවය නිමා කිරීමට කසුන් කරුණාතිලක සමත් විය. ඉතා විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පසන් හෙට්ටිආරච්චි පන්දු 217කින් ලකුණු 88ක් ලබාගත් අතර එයට හතරේ පහර 7ක් අන්තර්ගත විය. පන්දු යැවූ කසුන් අතටම පහසු උඩ පන්දුවක් ලබා දීම නිසා ඔහුගේ ඉනිම අවසන් විය.

පසන්ගේ දැවී යාමෙන් අනතුරුව සිල්වෙස්තර කඩුලු එක පෙළට දැවී ගිය අතර 5 වැනි පිතිකරු ලෙස නායක අවිදු හේරත් සහ 6 වැනි පිතිකරු ලෙස නිම්සර අතරගල්ල, කසුන් කරුණාතිලකගේ පන්දු හමුවේ දැවී ගියහ. එවිට මුලු ලකුණු තත්වය කඩුලු 5ක් දැවී ලකුණු 258ක් ලෙස දැක්විය.

ශ්‍රී ලංකාවේ දිගුම එක්දින ක්‍රිකට් සබඳතා

එක්දින ක්‍රිකට් සබඳතා වලින් තරග දිනවන්න පුළුවන්. මේ තමයි 1 සිට 11 දක්වා කඩුලු වෙනුවෙන් ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ හොඳම ලකුණු සබඳතා…

කඩුලු එක පිට දැවී ගිය ද එක් අන්තයක් ආරක්ෂා කර ගනිමින් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ මනෝහරන් පවිත්‍රන් අගනා ශතකයක් ලබා ගැනීමට සමත් විය. පන්දු 124කින් වාර්තා වූ එම ශතකයට හතරේ පහර 10ක් හා එක් හයේ පහරක් අන්තර්ගත විය. එම විශිෂ්ට ඉනිම නිමා වූයේ විද්‍යාර්ථ නායක පුලින එල්ල කරන ලද පන්දුවකට මනෝහරන් දැවී යාමත් සමඟිනි. මනෝහරන්ගේ එම දැවී යාමත් සමඟ සිය ප්‍රථම ඉනිම අත්හිටුවීමට සිල්වෙස්තර ක්‍රීඩකයන් තීරණය කළේය. සිල්වෙස්තර ක්‍රීඩකයන් සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 300ක් ලබා ගැනීමට සමත් විය.

ලකුණු 71ක් පිටුපසින් සිටිමින් විද්‍යාර්ථ දෙවැනි ඉනිම අරම්භ කළ කසුන් කරුණාතිලක හා ශාමල් ප්‍රියභාෂණ දෙදෙනාට පිටියේ ස්ථාවර වීමට සිල්වෙස්තර පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නැත. මුලු ලකුණු තත්වය 6ක් වන විට ප්‍රථම කඩුල්ල ලෙස ශාමල් ප්‍රියභාෂණ, නිම්සර අතරගල්ලගේ පන්දුවක් හමුවේ  දැවී ගිය අතර දෙවන කඩුල්ල ලෙස කසුන් කරුණාතිලක ද දවා ගැනීමට නිම්සරට හැකි විය.

ප්‍රථම දිනයේ දී ශතකයක් වාර්තා කළ අංක 4 පිතිකරු ලෙස පිටියට පැමිණි පුලින ගුණතිලක පිටිය සිසාරා පහර එල්ල කරමින් ලකුණු ලබා ගැනීමට උත්සහ කළ ද, අනෙක් අන්තයේ පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිකරණය නිසා 3 වැනි මෙන්ම 4 වැනි කඩුල්ල ද ඔවුන්ට අහිමි විය. එවිට මුලු ලකුණු තත්වය කඩුලු 4ක් දැවී ලකුණු 53ක් ලෙස සටහන් වී තිබුණි.

කෙසේ නමුත් ලකුණු 42ක් ලබා ගෙන සිටි පුලින ගුණතිලක දවා ගැනීමට රුසිදු නිස්සංක සමත් වූයේ ඔහු එවූ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනි.

ගම්පහත්, කොළඹත් ඇවිළෙන නීල හරිත සටන

කොළඹ ලුම්බිණි විද්‍යාලය සහ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය අතර 5 වැනි වරට පැවැත්වෙන “නීල හරිත වාර්ෂික මහා ක්‍රිකට් තරගය” මේ මස 23 සහ 24 දෙදින කොළඹ පී. සරා ඕවල්…

6 වැනි කඩුල්ල ලෙස ගිහාන් ජයසේකර ද, 7 වැනි කඩුල්ල ලෙස රවිෂ්ක උපනන්ද ද, නදීර බාලසූරිය හමුවේ දැවී ගිය ද එය සිල්වෙස්තර ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. තරගයේ නියමිත කාලය අවසන් වන විට විද්‍යාර්ථ කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස්කරගෙන සිටියේය.

තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස තරගය පුරා කඩුලු 5ක් දවා ගත් සිල්වෙස්තර විද්‍යාලයේ නදීර බාලසූරිය සම්මාන දිනාගත් අතර හොඳම පිතිකරු ලෙස විද්‍යාර්ථ විද්‍යාලයේ පුලින ගුණතිලක සම්මාන දිනා ගත්තේය. සිල්වෙස්තර විද්‍යාලයේ මනෝහරන් පවිත්‍රන් තරගයේ වීරයා ලෙස සම්මාන දිනා ගන්නා ලදි.

විද්‍යාර්ථ විද්‍යාලය: පළමු ඉනිම 229/10 (74) පුලින ගුණතිලක 102*, කසුන් කරුණානායක 28, ගිහාන් ජයසේකර 28, නදීර බාලසූරිය 3/27, රුසිඳු නිස්සංක 3/47, නිම්සර අතරගල්ල 2/62

සාන්ත සිල්වෙස්තර විද්‍යාලය: පළමු ඉනිම 300/6 (84.5) මනෝහරන් පවිත්‍රන් 101, පසන් හෙට්ටිආරච්චි 88, කෙවින් ශහසර 67,

විද්‍යාර්ථ විද්‍යාලය: දෙවන ඉනිම 111 /7 (29) පුලින ගුණතිලක 42, රවිෂ්ක උපනන්ද 36 ,මෙදුනක විජේතිලක 06 , නිම්සර අතරගල්ල 3/53,නදීර බාලසූරිය2/18 පසන් හෙට්ටිආරච්චි 1/05

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<