වෙලාවට වැඩ නොකිරීමේ පල විපාක

216
dailytimes.com.pk

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශය අතර ඩකා හිදී පැවති දෙවන විස්සයි විස්ස තරගය අතරතුර දී කණ්ඩායම් දෙකම නියමිත වේලාවට පන්දුවාර යොමුකර අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් දෙපාර්ශවයේම ක්‍රීඩකයන්ගේ තරග මුදලින් කොටසක් (නායක 20%,සෙසු ක්‍රීඩකයින් 10%) දඩ වශයෙන් අය කරගැනීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

විනිසුරු සමඟ වාදයට ගොස් ශකීබ්ට සිදු වූ අකරතැබ්බය

සඳුදා (17) දිනයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති පළමු විස්සයි විස්ස තරගය අතරතුර දී ක්‍රීඩක විනය නීති……

මෙහි දී බංග්ලාදේශ කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ගේ තරග ගාස්තුවෙන් 20%ක් සහ කණ්ඩායමේ අනෙකුත් සාමාජිකයන්ගෙන් 10%ක දඩ මුදලක් අය කරගැනීමට තරග තීරක වශයෙන් ක්‍රියා කළ ජෙෆ් ක්‍රෝ මහතා තීරණය කළේය.

ප්‍රතිවාදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ නායක වශයෙන් කටයුතු කළ කාලෝස් බ්‍රාත්වේට්ගේ තරග මුදලින් 40%ක් සහ අනෙක් කොදෙව් ක්‍රීඩකයින් සියල්ලන්ගෙන්ම 20%ක ගාස්තුවක් දඩ වශයෙන් අය කරගැනීමට ක්‍රෝ මහතා කටයුතු කර ඇත.

ඇඩිලේඩ් ක්‍රීඩකයෝ තෙවැනි විනිසුරුගේ තීරණය කනපිට හරවයි

බිග් බෑෂ් ලීගයේ අටවැනි අදියරේ ආරම්භය සනිටුහන් කරමින් ගියවර ශූරයින් වන ඇඩිලේඩ් ස්ට්‍රයිකස් කණ්ඩායම සහ බ්‍රිස්බන් හීට් කණ්ඩායම අතර……

ඒ අනුව කණ්ඩායම් දෙකේම නායකයින් යුගලය එළඹෙන  මාස 12ක කාලය තුල දී නැවත වරක් මෙම වරදම සිදු කිරීමෙන් අනතුරුව වැරදිකරුවන් බවට සනාථ වුවහොත් ඔවුන් දෙදෙනාම තරග තහනමකට ලක්වීමේ අවදානමකට හසුවීමේ වැඩි ඉඩකඩක් පවතී.

නායකයින් දෙදෙනා විසින් තමන් සිදු කළ වරද සහ ඒ සඳහා පැනවූ දඬුවම් පිළිගන්නා හෙයින් තවදුරටත් මේ පිළිබඳ විධිමත් විමර්ශනයක් මෙහෙයවීම අවශ්‍ය නොවන බව තරග තීරක ජෙෆ් ක්‍රෝ මහතා අවසන් තීරණයකට එළැඹුණේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<