රියෝ උණුසුම – අවසානය ලං වෙද්දී උණුසුම ඉහලට

305
Rio Olympic news summary august 21 round up

රියෝ ඔලිම්පික් තරග බිමේ අවසන් ශ්‍රී ලංකා නියෝජනය අද තරග බිමට පිවිසීමට නියමිතයි. අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ සහභාගී වන පිරිමි මැරතන් තරගය අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6ට ආරම්භ වනු ඇත. මෙරට වේලාවෙන් අද උදෑසන අවසන් වූ රියෝ ඔලිම්පික් උළෙලේ අවසානයට පෙර දිනයේ තොරතුරු කිහිපයක් අදත් රියෝ උණුසුම තුලින්.

පසුගිය ලිපි: රියෝ උණුසුම – නව ඔලිම්පික් ශූරයෙක් ඕනෑ කර තිබේ

ෆෙලික්ස් විශිෂ්ටයන් අතරට

Rio 2016 Olympicsඔලිම්පික් මලල ක්‍රීඩා පිටියේ විශිෂ්ටතම ක්‍රීඩිකාව අැය බව තවදුරටත් තහවුරු කරන්නට ඇමරිකාවේ ඇලිසන් ෆෙලික්ස් සමත් විය. ඒ තම රන් පදක්කම් පැසට 6වන ජයග්‍රහණයත් එක් කර ගනිමිනුයි.

ඇමරිකාවෙන් බිහිවූ 30 හැවිරිදි මේ සුපිරි ක්‍රීඩිකාව අද උදෑසන රියෝ ඔලිම්පික් තරග බිමට පිවිසියේ බොහෝ විට තම අවසන් ඔලිම්පික් ඉසව්ව විය හැකි කාන්තා මීටර් 400×4 අවසන් තරගයට සහභාගී වන්නටයි. කිසිදු අභියෝගයකින් තොරව එම ඉසව්වේ රන් පදක්කම ඇමරිකානු ක්‍රීඩිකාවන් සතුවීම හේතුවෙන් ෆෙලික්ස් තම 6වන ඔලිම්පික් රන් පදක්කම ගෙල පැළදීමේ භාග්‍ය ලැබීය.

ඇමරිකානුවන් තරගය අවසන් කරන්නට ගත කළ කාලය මිනිත්තු 3යි තත්ත්පර 19.06ක්. එම ඉසව්වේ දෙවන ස්ථානය ජමෙයිකාවටත් ලෝකඩ පදක්කම මහා බ්‍රිතාන්‍යටත් හිමි විය.

මේ අනුව ඇලිසන් ෆෙලික්ස් ද ඔලිම්පික් මලල ක්‍රීඩා තරග බිමේ උසෙයින් බෝල්ට් හා සමාන පදක්කම් සංඛ්‍යාවක් දිනාගෙන ඇති අතර එකම වෙනස වන්නේ ඉන් පදක්කම් 3ක් රිදී පදක්කම් වීමයි.Rio 2016 Olympics


400×4 පිරිමි ජයත් ඇමරිකාවට.

LaShawn Merrittමීටර් 400×4 පිරිමි ඉසව්වත් නැවත ඇමරිකාවේ ආධිපත්‍යට නතු කර ගන්නට ලශෝන් මෙරිට් ප්‍රමුඛ කණ්ඩායම සමත් විය. ඒ අදාළ ඉසව්ව මිනිත්තු 2යි තත්පර 57.30කින් අවසන් කරමිනි.

එම ඉසව්වෙත් රිදී පදක්කම දිනා ගත්තේ ජමෙයිකා කණ්ඩායමයි. පසුගිය ඔලිම්පික් උළෙලේ මෙම ඉසව්වේ රන් පදක්කම් ලාභීන් වන බහාමාස් කණ්ඩායමට මෙවර ලෝකඩ පදක්කමෙන් සෑහීමකට පත් වන්නට සිදුවිය.

Rio 2016 Olympics

මෝ ෆාරා බ්‍රිතාන්‍ය ඉතිහාසයට එක්වෙයි.

Rio 2016 Olympicsතම උපන් රට නොවුනත් මහා බ්‍රිතාන්‍යය වෙනුවෙන් ඔලිම්පික් තරග බිමට දායාදවූ සාර්ථකම මලල ක්‍රීඩකයා බවට පත්වන්නට මොහොමඩ් ෆාරා සමත් විය. ඒ දුර ධාවන රන් පදක්කම් ද්විත්වය යලිත් වරක් තමන් සතු කර ගනිමිනුයි.

ෆාරා අද පිරිමි මීටර් 5000 ඉසව්ව කිසිදු අභියෝගයකින් තොරව ජය ගත්තේ මිනිත්තු 13 තත්පර 03.30ක කාලයක් වාර්තා කරමිනුයි. ඉසව්වේ රිදී පදක්කම ඇමරිකාව නියෝජනය කරන පෝල් චෙලිමෝ හටත් ලෝකඩ පදක්කම ඉතියෝපියාවේ හාගොස් ජෙබ්රිවෙට් හටත් හිමිවිය.

ෆාරා 2012 වසරේ දිනා ගත් පිරිමි මීටර් 10,000 සහ 5,000 රන් පදක්කම් දෙකම මෙවරද ආරක්ෂා කර ගත්තා පමණක් නොව සමස්ත පදක්කම් සටහනේ චීනය අභිබවා ඉදිරියෙන් රැඳී සිටින්නට මහා බ්‍රිතාන්‍ය කණ්ඩායමට අනගි දායකත්වයක් ලබා දෙන්නටද සමත් විය.

Rio 2016 Olympics

ඔලිම්පික් පාපන්දු ඉතිහාසයේ පළමු වරට රන් පදක්කම බ්‍රසීලයට

Rio 2016 Olympicsපාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායමක් වුවත් මෙතුවක් කාලයකට පාපන්දු  ක්‍රීඩාවෙන් ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගන්නට බ්‍රසීලය සමත්ව සිටියේ නැහැ. නමුත් තම මව්බිමට පැමිණි පළමු ඔලිම්පික් උළෙලේදීම එම අභියෝගය සාර්ථක කර ගන්නට ඔවුන්ට හැකි විය.

ලෝක ශූර ජර්මානු කණ්ඩායම සමග බ්‍රසීලය රන් පදක්කම් සටනට එක් වුනේ මරකානා ක්‍රීඩාංගනයේදී. මෙම තරගයේ නියමිත කාලය අවසන් වන විට කණ්ඩායම් දෙකම එක් ගෝලය බැගින් ලබා සම Brazil Fotballතත්ත්වයේ පසුවිය. අතිරේක කාලයේදීද කණ්ඩායම් දෙක වෙන් කර ගැනීමට නොහැකි වීම හේතුවෙන් තරගයේ තීරණය ලබාදීමට සිදුවුනේ දඬුවම් පහර මගිනුයි.

දඬුවම් පහර 5-4ක් ලෙස සාර්ථක කරගත් බ්‍රසීල ක්‍රීඩකයන් ඉතිහාසය අලුතින් ලියන්නට සමත් විය.


චීන ක්‍රීඩිකාවන් සර්බියාව හඬවයි

Rio 2016 Olympicsරන් පදක්කම සඳහා  වැඩි බලාපොරොත්තු තබා තිබූ සර්බියාව තරග වට 3 -1 ක් ලෙස පරදවමින්, කාන්තා වොලිබෝල් රන් පදක්කම දිනා ගන්නට චීනය සමත් විය. මූලික වටයේ තරගයකදී චීන කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පහසුවෙන් පරාජය කර තිබු සර්බියානු ක්‍රීඩිකාවන් අවසන් තරගයේ පළමු වටයද ලකුණු 25 – 19ක් ලෙස පහසුවෙන් ජය ගන්නට සමත් විය.

කෙසේ වෙතත් චීන පුහුණුකාරිය පිටියේ වෙනස්කම් කිහිපයක් සිදු කරමින් සර්බියාවේ ප්‍රබලතම ප්‍රහාරක ක්‍රීඩිකාව ආවරණය කිරීමත් සමග ඔවුන්ට තරග සැලසුම් වෙනස් කර ගැනීමට නොහැකිව අසරණ වීම නිසා චීනය ඉදිරි තරග වට 3ම ජය ගත්තේ රන් පදක්කමේ අයිතියද තහවුරු කර ගනිමිනුයි.

වොලිබෝල් රන් පදක්කම සමග මහා බ්‍රිතාන්‍ය සමග රන් පදක්කම් පරතරය 1ක් දක්වා අඩු කර ගන්නට චීනය සමත් වුවත් සමස්ත පදක්කම් සටහනේ දෙවන ස්ථානය තහවුරු කර ගැනීමට නම් චීනයට, අවසන් දිනය තුලදී ඉතා ඉහල දස්කම් දැක්වීමට සිදු වනු ඇති.

රියෝ උණුසුම රැගත් අවසන් ලිපියත් සමඟින් හෙටත් හමුවෙමු. ඔබට ක්‍රීඩාශීලී දවසක්!

– අද දිනය නිමාවන විට පදක්කම් සටහන –

Rio 2016 Olympics

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට