නව ඔලිම්පික් දිනයන්ට බ්‍රිතාන්‍යයේ ප්‍රසාදය

77

මෙම වසරේ ජූලි මස 24 වනදා සිට අගෝස්තු මස 09 වනදා දක්වා ජපානයේ ටෝකියෝ නුවර දී පැවැත්වීමට නියමිතව තිබූ ගිම්හාන ඔලිම්පික් උළෙල, මතුව ඇති කොරෝනා වෛරස තත්වය නිසාවෙන් වසරක් කල් දැමීමට බලධාරීන් තීරණය කළ අතර එහි නව දිනයන් ඊයේ (30) දින මාධ්‍යට නිකුත් කෙරුනි. 

ඔලිම්පික් සඳහා නව දින නිකුත් වෙයි

මෙම වසරේ ජූලි මාසයේ ජපානයේ ටෝකියෝ නුවර දී පැවත්වීමට නියමිතව තිබූ 32 වන ගිම්හාන ඔලිම්පික් උළෙල………………

ඒ අනුව 32 වන ගිම්හාන ඔලිම්පික් උළෙල ලබන වසරේ ජූලි මස 23 වනදා සිට අගෝස්තු මස 08 වනදා දක්වා පැවැත්වීමට නියමිතව ඇත. මෙම ක්‍රීඩා උළෙල පෙර සැලසුම් පරිදි පැවැත්වීමට ජපන් බලධාරීන් දැඩි ස්ථාවරයක සිටියත් බොහෝ ක්‍රීඩකයන් හා මළල ක්‍රීඩා සංගමයන්ගෙන් එල්ල වූ විවේචන නිසාවෙන් ක්‍රීඩා උළෙල කල් දැමීමට සිදුවිය. 

කෙසේ නමුත් මෙම කල් දැමීමට ගත් තීරණය බොහෝදෙනාගේ පැසසුමට ලක්වූ අතර ඊයේ දින නව දිනයන් නිකුත් වූ පසු බ්‍රිතාන්‍ය ක්‍රීඩකයන් විසින් එයට ඉතා යහපත් ප්‍රතිචාර දක්වා ඇත. ඒ පිළිබඳව අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය මළල ක්‍රීඩිකා බින්කා වෝල්ක්ඩන් ප්‍රකාශ කර සිටියේ මෙමඟින් නව සැලසුම් සඳහා අවධානය යොමු කළ හැකි බවයි. 

Bianca Walkden 2016 රියෝ ඔලිම්පික් උළෙල අතරතුර.

“මෙම නව දිනයන් තහවුරු කිරීම ගැන මා සතුටට පත්වෙනවා. එමඟින් අපේ සැලසුම් සහ පුහුණුවීම් ඉදිරියට කරගෙන යා හැකියි. මෙම නිවේදනයට පෙර මා සිතා සිටියා එය බොහෝ විට මෙම වසරේ දිනයන්ට සමාන වේවි කියා. නමුත් එය තහවුරු වීම ඉක්මන් වීම සතුටට කරුණක්. එය අවලංගු නොවී ඉදිරියට යාම පිළිබඳව මා සතුටට පත්වෙනවා. මෙය කල් යාමක් මිස අවලංගු වීමක් නොවන බව ක්‍රීඩකයන් ලෙස අප මතකයේ තබා ගත යුතුයි. ඒ වන විට ලෝකය මෙම වෛරසය පරාජය කර පෙර තත්වයට පැමිණෙනු ඇතැයි මම බලාපොරොත්තු වෙනවා.” යැයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියාය. 

මීට අමතරව අදහස් දැක්වූ බ්‍රිතාන්‍ය මළල ක්‍රීඩක ඇඩම් ජෙමිලි ප්‍රකාශ කර සිටියේ මෙම ක්‍රීඩා උළෙල ගිම්හාන කාලය තුළදීම පැවැත්වීම ඉතා හොඳ දෙයක් බවත්, එය තුළින් ක්‍රීඩකයන්ට තම ශරීරය හොඳින් තබාගෙන ක්‍රීඩා කළ හැකි බවත්ය.  

මහගෙදරම ආරම්භ වූ නූතන ඔලිම්පික් උළෙල

පුරාවෘත්තයන් හා මුසු වූ පුරාතන ඔලිම්පික් උළෙල අවසන් වීමෙන් අනතුරුව බොහෝ හේතු නිසාවෙන් 19 සියවසේ…………………….

මෙම තීරණය පිළිබඳව බොහෝ ක්‍රීඩකයන් තම ප්‍රසාදය පළකර ඇති අතර සෑමදේටම ප්‍රථමයෙන් ක්‍රීඩකයන්ගේ සෞඛ්‍ය වැදගත් බව ඔවුන්ගේ මතයයි. කෙසේ නමුත් දිනෙන් දින වේගයෙන් පැතිරෙන මෙම වෛරස තත්වය ඉක්මණින් පහව ගොස් ක්‍රීඩාවට නැවත හිස එසවීමට හැකි දිනයක් එනතුරු සියල්ලන් ඉතා අවදානයෙන් බලා සිටී.

>> තවත් මලල ක්රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්රීඩා පිටුවට <<