Blue Star ගෝල ත්‍රිත්වය හමුවේ Defenders පරාජය වෙයි

Super League 2021

179

Defenders FC හමුවේ ගෝල 3-1ක ජයග්‍රහණයක් ලබා ගනිමින් Blue Star SC සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 7 වැනි සතිය අවසන් කරද්දී, අද පැවති Blue Eagles SC සහ Ratnam තරගය ගෝල රහිතව නිමාව දුටුවා.

Up Country Lions FC පරාජය කරමින් Blue Star අද තරගයට පිවිසෙන විට Defenders තරගය සඳහා අවතීර්ණ වුනේ Sea Hawks FC හමුවේ ගෝල සමව අවසන් වූ තරගයකට පසුවයි.

සවස 3:30ට පමණ ආරම්භ වූ Defenders සහ Blue Star තරගයේ ප්‍රථමයෙන් ගෝල වාර්තා කළේ Blue Star ක්‍රීඩක Arepade Jerry Ombembe විසිනුයි. 36 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයට එරෙහිව ගෝලයක් වාර්තා කරන්නට Defenders වෙනුවෙන් සජිත් කුමාර මෙන්ඩිස් සමත් වුනා. ඒ තරගයේ 43 වැනි මිනිත්තුවේ දීයි.

ඉන්පසුව පළමු අර්ධය අවසන් වන තෙක් කිසිදු ගෝලයක් කණ්ඩායම් දෙකෙන්ම වාර්තා නොවනු අතර දෙවැනි අර්ධයේ දී ගෝල ද්විත්වයක් වාර්තා කළ ශෙනාල් සංදේශ් තරගයේ ජයග්‍රහණය Blue Star වෙත දිනා දුන්නා.

අවසන් ලකුණු තත්වය: Defenders FC 1 – 3 Blue Star SC

ගෝල ලාභීන්:

  • Defenders: සජිත් කුමාර මෙන්ඩිස් 43’
  • Blue Star: Arepade Jerry Ombembe 36’, ශෙනාල් සංදේශ් 63’ & 85

අද පැවති තරග දෙකත් සමඟින් සුපර් ලීග් තරගාවලියේ 7 වැනි තරග සතිය නිමාවට පත් වන අතර 8 වැනි සතියේ කාලසටහන ඉදිරියේ දී නිකුත් කරනු ඇත. තරගාවලියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න <<