ඩේවිඩ් වෝනර්ට අනතුරක්

812
Warner retires hurt after bouncer blow

ඕස්ට්‍රේලියාවේ ඩාවින් මරාරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවති අන්තර් සංචිත තරගයක් අතරතුර දී හේසල්වුඩ් යැවූ පන්දුවක් වැදීම නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් පිටියෙන් ඉවත්ව යන ලදී.

ඩාවින් හිදී පැවැත්වෙන අන්තර් සංචිත තරගයේ දෙවන දිනයේ දෙවන භාගයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර් මෙම සිදුවීමට මුහුණ දෙන ලදි. එහි දී ජොස් හේසල්වුඩ් යොමු කළ පන්දුවක් ඔහුගේ බෙල්ල ප්‍රදේශයේ වැදීම නිසා ඔහු පිටියෙන් ඉවත්ව ගිය අතර කෙසේ නමුත් ඔහු මේ වන විට ඉන් සුවය ලබමින් සිටියි.

“පිට පිටම ඇතිවූ ආබාධ පරාජයට මූලික හේතුවයි” – දිනේෂ් චන්දිමාල්

මීට හරියටම වසරකට පෙරාතුව ලොව අංක එකේ ටෙස්ට් කණ්ඩායම ලෙසින් කිරුළු දරාගෙන මෙරටට පැමිණි ඕස්ට්‍රේලියානු කණ්ඩායම …

පන්දුව වැදීමෙන් අනතුරුව ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් ද ඔහුගේ තත්වය පිළිබඳව සොයා බැලීමට ‘ස්ලිප්’ ස්ථානයේ සිට පැමිණි අතර අනතුරුව වෛද්‍ය රිචඩ් සෝ මහතා විසින් ඔහුව විවේකාගාරය වෙත රැගෙන යන ලදි. එහි දී පන්දුව වැදුණු ස්ථානයට අයිස් තබමින් වෛද්‍යවරයා විසින් ඔහුට ප්‍රතිකාර කර ඇත.

තරගයේ පළමු ඉනිමේ දී වෝනර් ලකුණු 04 කට දැවී ගිය අතර මෙම සිදුවීමට පෙර ඔහු දෙවන ඉනිමේ දී පන්දු 14ක දී ලකුණු 02ක් පමණක් රැස්කරගෙන සිටියේ ය. එහි දී ජොස් හේසල්වුඩ් යොමු කළ පන්දුවකට ‘හුක්’ පහරක් එල්ල කිරීමට තැත් කිරීමේ දී වෝනර් මෙම අනතුරට මුහුණ දුන් අතර ඒ අනුව ඔහුට ඉදිරියේ දී බංග්ලාදේශ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියට පෙර පිතිකරණයේ යෙදීමට එතරම් කාලයක් නොලැබී ගියේය.

තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 14 දෙනෙකුගෙන් යුත් ඕස්ට්‍රේලියානු සංචිතය මෙම සිකුරාදා (18) බංග්ලාදේශය බලා පිටත්වන අතර තරගාවලියේ පළමු තරගය මෙම මස 27 වන දින ඩකා හිදී ආරම්භ වේ.

මෙම අන්තර් සංචිත තරගයේ පළමු ඉනිමේ දී වොනර්ගේ කණ්ඩායම වාර්තා කළ 6/360ට පිළිතුරු ලෙස ස්මිත්ගේ කණ්ඩායම පළමු ඉනිමට 6/181 ක් වාර්තා කරගෙන සිටිය දී ඉනිම අතිහිටුවන ලදී. එහිදී ස්ටීවන් ස්මිත් නොදැවී ලකුණු 84 ක් හා ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 45ක් රැස්කරගනු ලැබීය.

ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බංග්ලාදේශ සංචාරය – 2017

ඕස්ට්‍රේලියානු සංචිතය: ස්ටීවන් ස්මිත් (C), ඩේවිඩ් වෝනර් (VC), ඇෂ්ටන් ඒගාර්, ජැක්සන් බර්ඩ්, හිල්ටන් කාට්රයිට්, පැට් කමින්ස්, පීටර් හෑන්ඩ්ස්කෝම්බ්, ජොස් හේසල්වුඩ්, උස්මාන් කවාජා, නේතන් ලයන්, ග්ලේන් මැක්ස්වෙල්, මැතිව් රෙන්ෂෝ, මිචෙල් ස්වෙප්සන්, මැතිව් වේඩ්

බංග්ලාදේශ සංචිතය (පළමු සංචිතය): තමීම් ඉක්බාල්, ඉම්රුල් කයිස්, සෞම්‍යා සර්කාර්, මුෂ්ෆිකර් රහීම්, ශකීබ් අල් හසන්, සබීර් රෙහ්මාන්, මශ්රෆී මොර්ටාසා, මහමුඩුල්ලා රියාද්, ලිතන් කුමාර් දාස්, මොමිනුල් හක්, මෙහෙදි හසන්, ටයිජුල් ඉස්ලාම්, මුස්ටෆිසුර් රෙහ්මාන්, ටස්කින් අහමඩ්, සුභාශිෂ් රෝයි, කම්රුල් ඉස්ලාම් රාබී, රූබල් හොසේන්, නුරුල් හසන්, සන්ජාමුල් ඉස්ලාම්, මොසඩෙක් හොසේන්, මොහොමඩ් සයිෆුද්දීන්, එනමුල් හක්, අබුල් හසන් රාජු, අල් අමීන් හොසේන්, නසීර් හොසේන්, මුක්තාර් අලි, තන්බීර් හේදර්, සක්ලේන් සජීබ්, ශෆියුල් ඉස්ලාම්

  • අගෝස්තු 11-17 ඕස්ට්‍රේලියාවේ තරගාවලියට පූර්ව පුහුණු කඳවුර, ඩාවින්
  • අගෝස්තු 18 ඕස්ට්‍රේලියානු කණ්ඩායම පැමිණීම
  • අගෝස්තු 22-23 තරගය (TBC)
  • අගෝස්තු 27-31 පළමු ටෙස්ට් තරගය, ඩකා
  • සැප්තැම්බර් 4-8 දෙවන ටෙස්ට් තරගය, චිතගොං

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට