Gayle නැවතත් CPL තරගාවලියට

140
(espncricinfo)

සුපිරි පිතිකරු Chris Gayle 2021 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා එක්වන බව නිවේදනය කර තිබෙනවා. පෞද්ගලික හේතුවක් මත ඔහු 2020 කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කළේ නැහැ.

Gayle 2021 CPL තරගාවලිය සඳහා St. Kitts & Nevis Patriots කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතයි. ඒ බව ඔවුන්ගේ නිල Instagram පිටුවේ සඳහන් කර තිබුණා.

තවත් ක්‍රිකට් පුවත්:

Gayle වසර හතරක් Jamaica Tallawahs කණ්ඩායම නියෝජනය කළ අතර එම කණ්ඩායම සමඟ ඔහු CPL කුසලාන දෙකක් ජයග්‍රහණය කරන්නටත් සමත් වුනා. පසුව ඔහු St. Kitts & Nevis Patriots කණ්ඩායම සමඟ එක්වුණු අතර 2017 වසරේ දී ඔහු එම කණ්ඩායම අවසන් මහා තරගය කරා ගෙන එන්නටත් සිය දායකත්වය ලබා දුන්නා. 

පසුව Gayle 2019 තරග වාරය සඳහා නැවත වතාවක් Jamaica Tallawahs සමඟ එක්වීම විශේෂත්වයක්.

2020 තරග වාරයට පෙර Gayle, Tallawahs කණ්ඩායමේ පුහුණුකරු Ramnaresh Sarwan ප්‍රසිද්ධියේ විවේචනය කරමින් එම කණ්ඩායමෙන් ඉවත් වුනා. 

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<