ස්ටෝක්ස්ට පාකිස්තාන තරගාවලිය අහිමි වෙයි

203

එංගලන්ත කණ්ඩායම සතුව සිටින ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වන බෙන් ස්ටෝක්ස් හට පුද්ගලික හේතුවක් නිසාවෙන් පාකිස්තානය සමඟ පැවැත්වෙන ඉදිරි ටෙස්ට් තරග දෙක සඳහා සහභාගී වීමට නොහැකි බව එංගලන්ත ක්‍රිකට් පරිපාලනය වෙත දන්වා තිබේ.

බංග්ලාදේශ නායකයාගේ ප්‍රකාශය ශ්‍රී ලංකාවට වක්‍රාකාර අභියෝගයක් ද?

ස්ටෝක්ස්ගේ පියා හදිසියේම රෝහල් ගත කිරීම නිසාවෙන් ස්ටෝක්ස් හට එංගලන්තයේ සිට නවසීලන්තය බලා පිටත්ව යාමට සිදුව ඇති අතර එංගලන්ත ක්‍රිකට් ආයතනය ඔහුව තරගාවලියෙන් නිදහස් කිරීම සඳහා අවසර ලබා දී ඇත.

කොදෙව් කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවති ටෙස්ට් තරගාවලිය පසුගිය දා අවසන් වූයේ 2-1ක් ලෙස එංගලන්තයට ජය හිමිකර දෙමිනි. එහි දී පළමු ටෙස්ට් තරගය සඳහා ජෝ රූට් පුද්ගලික හේතුවක් නිසා (දෙවන වරටත් පිය පදවිය ලැබීම) සහභාගී නොවූ අතර ඒ නිසාවෙන් එහි නායකත්වය හිමි වූයේ ස්ටෝක්ස් හටයි.  ස්ටොක්ස් එම තරගය පුරාවට ලකුණු 89ක් සහ කඩුලු 6ක් දවාගෙන දස්කම් දැක්විය. එසේම පාකිස්තානය සමඟ පසුගිය දා ආරම්භ වූ ටෙස්ට් තරගාවලිය තුල ද 1-0ක් ලෙස මේ වන විට ඉදිරියෙන් සිටින්නේ එංගලන්ත කණ්ඩායමයි.

ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තරගයක් වන පාකිස්තානු තරගාවලිය සඳහා ටෙස්ට් තරග තුනක් ඇතුළත් අතර එහි දෙවන තරගය අගෝස්තු 13 වැනිදා සවුත් හැම්ටන් හිදී පැවැත්වේ. ක්‍රීඩාවේ නවමු අත්දැකීම් විඳගන්න, ඔබත් ThePapare.com වෙබ් අඩවිය දැන්ම subscribe කරන්න.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<