කටකතා ගැන Sehwagගෙන් පිළිතුරක්

509

ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සභාපති Chetan Sharma සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව තනතුර සඳහා අයෙකු සෙවීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ආරම්භ කළ අතර ඒ සඳහා ප්‍රබල නම් කිහිපයක් යෝජනා වූ බව වාර්තා වුනා.

හිටපු ක්‍රීඩක Virender Sehwagගේ නාමයත් ඒ අතර කතාබහට ලක් වූවත් එම කටකතා පිළිබඳ හිටපු සුපිරි ක්‍රීඩකයා පසුගිය දා අදහස් දක්වා තිබුණා.

ඔහුට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් තනතුර සඳහා කතා කළ බවට පළ වූ වාර්තා ගැන  අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කළේ, එලෙස යමක් සිදු නොවූ බවයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එම තනතුර සඳහා නාමයෝජනා කැඳවීමට කටයුතු කළ අතර ඒ සඳහා අයැදුම් කිරීමට ටෙස්ට් තරග හතක් හෝ එක්දින තරග දහයක් (හෝ පළමු පෙළ තරග 30ක්) ක්‍රීඩා කළ යුතුව තිබීම සහ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන වසර පහක් ගත වීම සුදුසුකම් ලෙස දක්වා තිබුණා.

ඒ සමඟ Gautam Gambhir, Yuvraj Singh and සහ Harbhajan Singh යන ක්‍රීඩකයින්ගේ නම් කතාබහට ලක් වූවත්, ඔවුන් ක්‍රීඩා පිටියෙන් සමුගෙන ගත වූ වසර ගණන අඩු වීම නිසා ඔවුන්ට ඒ සඳහා අයැදුම් කළ නොහැකි.

එයින් ඉතිරි වූ නමක් වූ Virender Sehwag සියලු අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ අතර ඔහු මෙම තනතුරට පත් කිරීමට ඔහු සමඟ සාකච්ඡා කර තිබූ බවට පුවත් ප්‍රචාරය වූවත් ඔහුගේ පිළිතුර සමඟ ඒ සියල්ල අවලංගු වෙනවා.

ඔහුට මීට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා අයැදුම් කරන ලෙස ද ප්‍රකාශ කර තිබූ නමුත්, පසුව එය Anil Kumble වෙත ගිය බව ද ඉන්දීය ක්‍රිකට් බලධාරියෙකු ප්‍රකාශ කළා.

දිනෙන් දින උණුසුම් වන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<