විශිෂ්ටතම ක්‍රීඩකයාට හිමි සම්මානය උෂාන්ට

182
Ushan Thiwanka Perera

ශ්‍රී ලංකා ජාතික උස පැනීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන උෂාන් තිවංක, ඇමරිකාවේ පැවති Lone Star Conference සම්මාන උළෙලේ දී විශිෂ්ටතම පිටියේ මලල ක්‍රීඩකයාට (Outstanding Male Field Athlete) හිමි සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

පසුගිය දා පැවති  Lone Star Conference Indoor Track and Field Championships තරගාවලියට සහභාගි වූ උෂාන් තිවංක එහි දී ගෘහස්ථ උස පැනීමේ ජාතික වාර්තාව අලුත් කිරීමට සමත් වුනේ මීටර් 2.27ක දක්ෂතාවයක් වාර්තා කරමිනුයි.

එම දක්ෂතාවයත් සමඟින් ඉසව්වේ ප්‍රථම ස්ථානය සමඟින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට උෂාන් සමත් වූ අතර ඔහුගේ එම දක්ෂතාවය ද සැලකිල්ලට ගනිමින් මෙම සම්මානය පිරිනමා තිබෙනවා.

පසුගිය වසරේ දී උස පැනීම ඉසව්වෙන් ඉහළ දස්කම් දක්වමින් එම ඉසව්වේ ගෘහස්ථ සහ එළිමහන් වාර්තා ද්විත්වය (මීටර් 2.30) බිඳ හෙළීමට සමත් වූ උෂාන් මෙම වසරේ සහභාගී වූ පළමු තරගයේම මීටර් 2.25ක කැපී පෙනෙන දස්කමක් දැක්වීමට සමත් වුනා.

උෂාන්ට අමතරව ඔහුගේ විශ්වවිද්‍යාලය වන Texas A&M University නියෝජනය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 21 දෙනෙකු මෙහි දී ඇගයීමට ලක්වූ අතර ඒ අතරට විශේෂ සම්මාන තුනක් ද ඇතුළත් වුනා.

උෂාන්ට අමතරව Minna Svaerd විශිෂ්ටතම පිටියේ ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගනිද්දී Iniuto Ukpong වසරේ ගෘහස්ථ අධ්‍යන මලල ක්‍රීඩිකාව (Women’s indoor academic athlete of the year) ලෙස විශේෂ සම්මානයට පාත්‍ර වුනා.Ushan Thiwankaසම්මාන දිනූ සෙසු ක්‍රීඩක ක්‍රීඩිකාවන්

Athlete School Year Points Event winner
Angel Contreras UT Tyler SO 20 5000 meters
Benjamin Azamati West Texas A&M SO 20 60 meters, 200 meters
Johnathon Harper Texas A&M-Kingsville SR 18.50
Innocent Murwanashyaka West Texas A&M JR 18 3000 meters
Sifiso Miya West Texas A&M FR 18
Delan Edwin A&M-Commerce JR 15.50
Tyrin Lewis West Texas A&M SR 15 60 hurdles
Trayveon Franklin A&M-Commerce JR 14 Triple Jump
J.T Smith A&M-Commerce FR 13
Danree Delancy Texas A&M-Kingsville SO 12 Shot Put
Elvis Kryukov Angelo State SO 12 Heptathlon
Dodley Thermitus A&M-Commerce JR 12 Long Jump
Dean Wallace Texas A&M-Kingsville JR 11.50
Emmett Seals Angelo State JR 11.25 400 meters
Jeb Williamson DBU FR 11
Butare Rugenerwa West Texas A&M JR 11 Mile
Jared Gilley DBU SR 10.75 800 meters
Quinton Sansing West Texas A&M SR 10.50
Ushan Perera A&M-Commerce FR 10 High Jump
Canon Andrews Angelo State SR 10 Weight Throw
Jacobee Jones Angelo State SO 10 Pole Vault
Jeremiah Lauzon West Texas A&M FR 8.50 4×400 Relay
Ohdel James West Texas A&M FR 8.50 4×400 Relay
Malick Diop West Texas A&M SO 2.50 4×400 Relay
Jelte van Atten Oklahoma Christian SO 8.50 Distance Medley Relay
Owen Pearce Oklahoma Christian FR 8.50 Distance Medley Relay
Camden Miller Oklahoma Christian SO 3.50 Distance Medley Relay
Ethan Anthony Oklahoma Christian SO 2.50 Distance Medley Relay

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<