උෂාන් තිවංකට තවත් විශිෂ්ට ජයක්

242
Ushan Thiwanka

ශ්‍රී ලාංකික උස පැනීමේ ශූර උෂාන් තිවංක ඇමරිකාවේ විශ්වවිද්‍යාල ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙලේ (NCAA) දෙවැනි අදියරේ අවසන් තරගය ජයග්‍රහණය කරමින් උස පැනීම ශූරතාවය දිනා ගැනීමට සමත් ව තිබෙනවා.

උෂාන් එහි දී මීටර් 2.17ක උසක් සාර්ථකව තරණය කිරීමට සමත්ව තිබූ අතර මෙම ජයග්‍රහණය සමඟින් දෙවැනි කාණ්ඩයේ ජාතික ශූරයා ලෙස අභිෂේක ලබා ගැනීමට උෂාන්ට හැකි වීම විශේෂත්වයක්.

ඇමරිකාවේ වාසය කරමින් ටෙක්සාස් හී A&M විශ්වවිද්‍යාලයේ මලල ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන උෂාන් මෙම කාණ්ඩයේ උස පැනීම ශූරතාවය දිනා ගත් දෙවැනි අවස්ථාව මෙයයි.

නිමා වූ වසරේ උස පැනීමෙන් ඉහළ දස්කම් දැක්වූ ඔහු මෙම වසර ආරම්භ කරමින් ගෘහස්ථ තරගාවලියක මීටර් 2.25ක දස්කමක් දැක්වීමට සමත් වූ අතර ඉන් පසුව මීටර් 2.27ක දස්කමක් දක්වමින් තමන්ගේම ගෘහස්ථ ජාතික වාර්තාව අලුත් කිරීමට ඔහුට හැකි වුනා.

එමෙන්ම පසුගිය දා ඇමරිකාවේ පැවති Lone Star Conference සම්මාන උළෙලේ දී විශිෂ්ටතම පිටියේ මලල ක්‍රීඩකයාට (Outstanding Male Field Athlete) හිමි සම්මානයෙන් ද උෂාන් පිදුම් ලැබුවා.

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<