බෝල්ට් නැවතත් ක්‍රීඩා පිටියට?

335
zimbio.com

තම පුහුණුකරු නැවත වතාවක් තමන්ට ක්‍රීඩා කිරීම සඳහා ආරාධනා කළහොත් තමන් ධාවන පථයට පැමිණීමට සූදානමක් ඇතැයි ජැමෙයිකානු සුපිරි කෙටිදුර ධාවනශූර Usain Bolt පසුගිය දා ප්‍රකාශ කරන ලදි.

200m වාර්තාව සුළු මොහොතකට අලුත් වෙයි

මේ වන විට 33 වැනි වියේ පසුවන බෝල්ට් පසුගිය දා Variety magazine සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ ඔහුගේ ක්‍රීඩා දිවිය නැවත ගොඩ නැගීමට තමන් හට කිසිදු සැලසුමක් නොතිබූ බවයි.

“මගේ පුහුණුකරු ග්ලේන් මිල්ස් නැවතත් පැමිණිලා මට කිව්වොත් අපි මේක කරමු කියලා මම ඒක කරනවා. මොකද මම මගේ පුහුණුකරුව බොහෝ විශ්වාස කරනවා. ඉතින් ඔහු කිව්වොත් අපි මේක කරන්න යනවා කියලා, මම දන්නවා ඒ දේ වෙන්න පුළුවන් කියලා.

මා නැවතත් ධාවන පථයට එන විට මගේ පුහුණුකරු ඉතා කලබලයට පත්වනවා. ඉතින් ඒ නිසයි මම එයින් ඈත් වෙලා සිටින්නේ. ග්ලේන් මිල්ස්ට ඇමතුමක් දෙන්න, මම නැවත පැමිණෙන්නම්” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා. 

මීට අමතරව පසුගිය මැයි මාසයේ පිය පදවියට පත්වීම පිළිබඳව අදහස් දක්වමින් බෝල්ට් ප්‍රකාශ කර සිටියේ තමන් පිය පදවියට හුරු වීම සඳහා කටයුතු කරන බවත් එය ලෝක වාර්තාවක් පිහිටුවීමට වඩා දුෂ්කර බවයි.

“පළමු සතිය තුල මා නින්දට වැටෙනු ඇතැයි බිය වූ නිසා රාත්‍රිය මුළුල්ලේ ඇය දෙස බලා සිටියා. ඒ නිසා මම අසනීප තත්වයට පවා පත්වුනා. මම අධික ලෙස නින්දට ප්‍රිය කරන පුද්ගලයෙක්, නමුත් මම ඉගෙන ගත්තා මම අවදිව සිටින්නට යන බව. මොන දේ වුනත් මම නැගිටලා ඉන්නවා. මම එය ඉක්මනටම හොඳින් ඒ දේවල් ඉගෙන ගන්නවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදි.

දශකයකට ආසන්න කාලයක් කෙටිදුර ධාවන පිටියෙහි රජු කිරුළ දැරීමට සමත් වූ බොල්ට් 100m සහ 200m ඉසව්වල ලෝක වාර්තා පිහිටුවීමට සමත් වූ අතර ඔලිම්පික් තරගාවලි තුනක් මුළුල්ලේ 100m සහ 200m ඉසව් හි සිය ආධිපත්‍ය පැතිර වූ ඔහු 2017 වසරේ පැවති ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියෙන් අනතුරුව ක්‍රීඩා පිටියෙන් සමුගන්නා ලදි.

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<