ආසියානු ලෝක කුසලාන තේරීම් තවත් පස්සට

263

බොහෝ රටවල තවමත් පැතිරී ඇති COVID-19 වයිරසය නිසා 2022 කටාර් FIFA පාපන්දු ලෝක කුසලානයේ හා 2023 AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලිය වෙනුවෙන් පැවැත්වීමට නියමිතව තිබුණු තේරීම් තරග 2021 වසර දක්වා කල් දමන්නට තීරණය කර තිබෙනවා. 

FIFA හා ආසියානු පාපන්දු සම්මේලනය එක්ව මේ තීරණය ගෙන ඇති අතර ඉහත කී තේරීම් තරග 2020 ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතව තිබුණා.

තවත් පාපන්දු පුවත්;

FIFA හා ආසියානු පාපන්දු සම්මේලනය මේ තීරණය ගෙන තිබෙන්නේ ක්‍රීඩකයින්ගේ, තරඟ නිලධාරීන්ගේ මෙන්ම සියලුම පාර්ශවවල ආරක්ෂාව උදෙසායි. ඒ අනුව FIFA හා ආසියානු පාපන්දු සම්මේලනය තත්වය හොඳින් සම්බන්ධීකරණය කර තේරීම් තරග පැවැත්වෙන ඉදිරි තරග දින දැනුම් දීමට නියමිතයි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<