සමාගම් 07ක් කිරුළකට සූදානම්

184

වෙළඳසේවා ක්‍රිකට් සංගමය මඟින් සංවිධානය කරනු ලබන 2017/18 වසර සඳහා වන වෙළඳසේවා B කාණ්ඩයේ පන්දුවාර 50 ක්‍රිකට් ලීග් තරගාවලියට අනුග්‍රාහකත්වය දැක්වීම සඳහා ‘Fair and Lovely Men’ සන්නාමය ඉදිරිපත්ව ඇත.

සැප්තැම්බර් මස 09 වන දින ආරම්භ වන තරගාවලියේ මූලික වටයේ තරග ඔක්තෝබර් මස 04 වන දින දක්වා පැවැත්වෙන අතර තරගාවලිය සඳහා කණ්ඩායම් 7ක් සහභාගී වේ. ඒ අනුව මෙවර තරගාවලිය සඳහා එක්වන කණ්ඩායම් වන්නේ John Keells ‘B’, Powertek Cement, Mobitel ‘A’, MAS Silueta ‘A’, Singer Sri Lanka  ‘A’, Commercial Credit ‘B’ සහ Unilever Sri Lanka යන කණ්ඩායම් ය. මූලික වටයේ දී මෙම කණ්ඩායම් 7, තරගාවලියේ අවසන් පූර්ව වටයේ තම ස්ථානය වෙන්කර ගැනීමේ අරමුණින් තරග 21ක දී තරග වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර තරගය කල් යයි

ශ්‍රී ලංකාව සහ ලෝක කණ්ඩායම අතර ආධාර මුදල් එක්රැස් කිරීමේ අරමුණින් එළඹෙන සැප්තැම්බර් මස 08 වන දින ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතව…

මූලික වටයේ තරගවල දී ඉහළම දස්කම් දක්වන කණ්ඩායම් 4 තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබන අතර ඔක්තෝබර් මස 08 වන දින සිට 11 වන දින දක්වා එම තරග වටය පැවැත්වේ. අනතුරුව එහි දී ජයග්‍රහණය කරනු ලබන කණ්ඩායම් දෙක තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි. තරගාවලියේ අවසන් මහා තරගය ඔක්තෝබර් මස 14 වන දින වෙළඳසේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇත.

තරගාවලියේ තරග පැවැත්වීම සඳහා යොදා ගැනීමට නියමිත ක්‍රීඩාංගණ සංඛ්‍යාව 8කි.

තරගාවලියට අදාළ අනුග්‍රාහකත්ව චෙක්පත වෙළඳසේවා ක්‍රිකට් සංගමය වෙත පිරිනැමීම වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති නිරාන් මහවත්ත, එහි මහ ලේකම් නලින් වික්‍රමසිංහ, තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති සුජීව ද සිල්වා, Unilever Face Care ජ්‍යෙෂ්ඨ සන්නාම කළමනාකරු දමින්ද පෙරේරා සහ අලෙවි කළමනාකාරිනී (Skin Care & Face Care) නිලූෂි ජයතිලක යන අයගේ සහාභාගීත්වයෙන් ඊයේ (30) වෙළඳසේවා ක්‍රිකට් සංගම් පරිශ්‍රයේ දී සිදු විය.

“පසුගිය වසර දෙකේ දී මෙම තරගාවලිය පැවැත්වුණේ නැහැ. මෙවර තරගාවලිය මූලික තරග සහ පිළිමළුන් පිටුදැකීමේ තරග යන අදියර දෙක යටතේ පැවැත්වෙනවා. වෙළඳසේවා ක්‍රිකට් සංගමය විසින් පත්කරන ලද තරග තීරකවරුන්ගේ අධීක්ෂණය යටතේ තෝරාගත් ක්‍රීඩාංගණවල දී තරග 24ක් පැවැත්වීමට නියමිතයි. සාමාන්‍යයෙන් පිරිනැමෙන සම්මාන වන හොඳම පිතිකරු, හොඳම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා වැනි සම්මානවලට අමතරව ‘Fair & Lovely MEN Man of the Week’ නමින් විශේෂ සම්මානයක් පිරිනැමීමට ද යුනිලීවර් සමාගම කටයුතු යොදා තිබෙනවා.”

එම අවස්ථාවට එක්වෙමින් අදහස් දැක්වූ තරගාවලියේ සංවිධායක කමිටුවේ සභාපති සුජීව ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ ය.  

අවසන් වරට පවත්වනු ලැබූ තරගාවලියේ දී ශූරතාවය ජයග්‍රහණය කරනු ලැබූ Kanrich Finance කණ්ඩායම සහ අනුශූරතාවය ජයග්‍රහණය කළ LB Finance කණ්ඩායම මෙවර තරගාවලියේ A කාණ්ඩය දක්වා උසස් කර ඇත.  

මූලික වටයේ තරග කාලසටහන

දිනය තරග අංකය ස්ථානය සත්කාරක කණ්ඩායම සංචාරක කණ්ඩායම
සැප්. 09 – 1 MCA Unilever Sri Lanka John Keells ‘B’
සැප්. 13 – 2 BRC Powertek Cement John Keells ‘B’
3 Tyronne Fernando Mobitel ‘A’ MAS Silueta ‘A’
4 Moors Sports Club Singer SL ‘A’ Unilever Sri Lanka
සැප්. 17 – 5 Maggona Surrey MAS Silueta ‘A’ Commercial Credit ‘B’
6 BRC Unilever Sri Lanka Powertek Cement
7 Panagoda Army Mobitel ‘A’ Singer SL ‘A’
සැප්. 20 – 8 BRC Commercial Credit ‘B’ Singer SL ‘A’
9 Panagoda Army John Keells ‘B’ MAS Silueta ‘A’
10 Maggona Surrey Mobitel ‘A’ Powertek Cement
සැප්. 23 – 11 Maggona Surrey MAS Silueta ‘A’ Singer SL ‘A’
12 Panagoda Army Commercial Credit ‘B’ Mobitel ‘A’
සැප්. 27 – 13 Katunayake FTZ Singer SL ‘A’ Powertek Cement
14 BRC John Keells ‘B’ Commercial Credit ‘B’
15 Tyronne Fernando Unilever Sri Lanka Mobitel ‘A’
ඔක්. 01 – 16 MCA John Keells ‘B’ Mobitel ‘A’
17 Katunayake FTZ MAS Silueta ‘A’ Unilever Sri Lanka
18 P. Sara Oval Powertek Cement Commercial Credit ‘B’
ඔක් 04 – 19 MCA Powertek Cement MAS Silueta ‘A’
20 Katunayake FTZ Commercial Credit ‘B’ Unilever Sri Lanka
21 Colombo Colts Singer SL ‘A’ John Keells ‘B’

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට