ගුවනේ දී මියෙන්නට පැතූ දේදුනු දේශයේ නියමුවා

230

හැත්තෑව දශකයේ මැද දිනක දකුණු අප්‍රිකාවේ බ්ලුෆොන්ටේන් නුවර කුඩා දරුවන් කිහිප දෙනෙකු ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙමින් සිටියහ. ඉන් එක්තරා දරුවෙකු වේගපන්දු යවන්නෙකි. ඔහු දිවවිත් තමාට හැකි උපරිම වේගයෙන් පන්දුව යොමු කළත් පිතිකරණයේ යෙදුණ ඔහුගේ මිතුරාට ඒ සෑම පන්දුවකටම පිළිතුරක් තිබුණේය. 

ක්‍රිකට් ලෝක කුසලානයක පහස ඉන්දියාවට ලබා දුන් ‘ජිමී’

ඉදිමුණ තොල් සගලකින් ද, ලේ තැවරුණ කමිසය ද හැඳගෙන ඔහු නැවත වතාවක් පිතිකරණයට පිටියට පිවිසියේය. මැල්කම් මාෂල්ගේ වේගවත් බවුන්සර්…

වේගපන්දු යැවූ කුඩා දරුවාට නිරන්තරයෙන්ම සිදු වූයේ වත්තේ සෑම කෙළවරකටම ගොස් පන්දුව ඇහිඳීමටය. නමුත් ඔහු ඒ කිසිම විටෙක තමා මේ පන්දු යවන්නේ දකුණු අප්‍රිකාවේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ අනාගත නායකයාට කියා දැන සිටියේ නැත. එමෙන්ම කෙදිනක හෝ ලොව බිහිවූ වේගවත්ම සහ බිහිසුණුම පන්දු යවන්නෙකුගේ විරුදාවලිය තමාට ලැබේ යැයි වේගපන්දු යැවූ ඇලන් ඩොනල්ඩ් කුඩා දරුවා සිහිනයකින්වත් සිතුවේ නැත.

“ඔහු කුඩා කාලයේ ඉඳලම නිවැරදි තාක්ෂණයෙන් පන්දුවට පහර දුන්නා. මට වැඩිපුරම සිදු වුනේ වත්ත වටේ දිව යමින් පන්දු ඇහිඳීමට. හැන්සි වගේම ඔහුගේ අයියා ෆ්‍රාන්ස් ඉතාම දක්ෂ ක්‍රීඩකයින්. ක්‍රිකට් හෝ රගර් ඒ දිනවල අපේ කැමතිම ක්‍රීඩාවන්. හැන්සිගේ පියා තමයි ඒ සෑම තරගයකම තරග තීරක. අපේ ක්‍රිකට් ඇත්තටම ගොඩ නැගුණේ ගේ පිටුපස කුඩා ඉඩක ක්‍රීඩා කිරීමෙන්”.

ඇලන් ඩොනල්ඩ් තම කුඩා කළ ක්‍රිකට් සගයා වුවද පසු කලෙක ජාතික කණ්ඩායමේ තමාගේ නායකයා වුවද හැන්සි ක්‍රෝන්යේ ගැන මතකය අවධි කරන්නේ එසේය.

සිරිමත් ගති නැති ක්‍රිකට් ක්‍රීඩාවේ හොලිවුඩ් තරුව

රන්වන් හිසකේ ඇති අප කතානායක ඕස්ට්‍රේලියානු තරුණයා තරමක් තරබාරුය. ඔහුගේ වයස දහඅට හැවිරිදිය. කෙළිදෙළෙන් ජීවත් වීමට ප්‍රිය කරන්නෙකි.

1969 වසරේ දකුණු අප්‍රිකාවේ ෆ්‍රී ස්ටේට් ප්‍රාන්තයේ බ්ලුෆොන්ටේන් හීදී උපත වෙසල් ජොහැන්නස් ක්‍රෝන්යේ හෙවත් හැන්සි ක්‍රෝන්යේ සෙසු දකුණු අප්‍රිකානු දරුවන් මෙන්ම ක්‍රීඩාව හා බැඳෙන්නේ ඉතාම කුඩා අවධියේදීය. හැන්සිට ක්‍රීඩාව ගැන ආභාෂය ලැබෙන්නේ ඔහුගේ පියා වන එවී ක්‍රෝන්යේ ගෙනි.

කුඩා කළ සිටම නායකත්වයේ ලක්ෂණ පෙන්වූ ක්‍රෝන්යේ 1988 වසරේ දී ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් කණ්ඩායම වෙනුවෙන් පළමුපෙළ වරම් දිනා ගත්තේය.

පළමුපෙළ තරගවල දී දැක්වූ සුවිශේෂී දස්කම් නිසාම 1990/91 තරගවාරයේ ඔරේන්ජ් ෆ්‍රී ස්ටේට් කණ්ඩායමේ නායකත්වය හැන්සි වෙත පිරිනමන්නට බලධාරීන් ක්‍රියා කර තිබුණි. ඒ වන විට හැන්සිගේ වයස අවුරුදු විසි එකකි. අනාගතයේ බිහිවීමට නියමිත විශිෂ්ට නායකයෙකුගේ ලක්ෂණ බලධාරීන් ඉතා ළාබාල අවධියේ දී ම හැන්සිගෙන් නිරීක්ෂණය කර තිබුණි.

1992 බෙන්සන් සහ ලෝක කුසලානයේ සත්කාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එක්දින වරම් දිනා ගත් හැන්සි එම වසරේම මැද භාගයේ බටහිර ඉන්දියානු කොදෙව් කණ්ඩායමට එරෙහිව ටෙස්ට් වරම් දිනා ගත්තේය. දකුණු අප්‍රිකානුවන් නැවත ජාත්‍යන්තර පිටියට පැමිණීමෙන් පසු මුහුණ දුන් මුල්ම ටෙස්ට් තරගය එය විය. බාබේඩෝස් හීදී පැවති මෙම තරගයේ දිගින් දිගටම ඉදිරියෙන් සිටි දකුණු අප්‍රිකානු කණ්ඩායම අවසානයේදී පරාජය වැළඳ ගත්තේ කිසිවෙකුත් නොසිතූ අයුරකිනි.

හැන්සි ක්‍රෝන්යේ දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායකත්වයට පත්වන්නේ 1993/94 ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව ඇඩිලේඩ් ටෙස්ට් තරගයේ දී ය. කෙතරම් විශිෂ්ට නායකයෙකු වුවත් හැන්සිගේ නායකත්ව ආරම්භය එතරම් යහපත් එකක් නොවේ. ඕස්ට්‍රේලියානුවන් ලකුණු 191කින් ජය ගත් මෙම තරගයේ දී හැන්සිගේ පිත්තෙන්ද එතරම් දායකත්වයක් කණ්ඩායමට ලැබුණේ නැත. පළමු ඉනිමේ ලකුණු නොලබා දැවී ගිය හැන්සි දෙවැනි ඉනිමේ ලකුණු තුනකට දැවී ගියේය.

හැන්සි ක්‍රෝන්යේගේ නායකත්වය යටතේ ඕස්ට්‍රේලියානුවන් හැර අනෙකුත් සියලුම කණ්ඩායම්වලට එරෙහිව ටෙස්ට් තරගමාලා ජයගැනීමට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණි.

ක්‍රිකට් ක්‍රීඩාවේ තුන්කල් දුටු නවසීලන්ත ප්‍රාඥයා

1962 වසරේ සැප්තැම්බරයේ දිනක නවසීලන්ත ඕල්බ්ලැක්ස් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු වොලබීස් කණ්ඩායම නවසීලන්තයේ ඊඩන් පාක් ක්‍රීඩාංගණයේ…

එක්දින තරග පිටියේ ද හැන්සි ක්‍රෝන්යේ යනු සුවිශේෂි ක්‍රීඩකයෙකු මෙන්ම විශිෂ්ට ඝනයේ නායකයෙකු ද වෙයි. 1996, 1999 ලෝක කුසලාන දෙකටම දකුණු අප්‍රිකානු කණ්ඩායමට නායකත්වය දුන් හැන්සිට ලෝක කුසලානයක පහස අහිමි වී ගියේ ඉතාම අවාසනාවන්ත අයුරිනි.

හැන්සි ක්‍රෝන්යේ යනු ලොව බිහි වූ උපක්‍රමශීලි සහ විශිෂ්ටතම නායකයෙකු ලෙස අවිවාදයෙන්ම හැඳින්වේ. විශේෂයෙන්ම නව තාක්ෂණය ක්‍රිකට් ක්‍රීඩාවට ගෙන ඒමට හැන්සි ක්‍රෝන්යේගෙන් මෙන්ම එවකට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ පුහුණුකරුවා වූ බොබ් වුල්මර්ගෙන් ලැබුණා වූ දායකත්වය අති විශාලය. නමුත් ඇතැම් අවස්ථාවන්හි එවැනි උපක්‍රම හැන්සිගේ අවාසියට හැරුණු අවස්ථාවන් ද නැත්තේම නොවේ.

1999 වසරේ එංගලන්තයේ පැවති ලෝක කුසලානයේ ඉන්දියාව සමග පැවති තරගය අතරතුර කුඩා මයික්‍රෆෝනයක් භාවිතා කරමින් පුහුණුකරු බොබ් වුල්මර් සමග අදහස් හුවමාරු කර ගත් අවස්ථාව ඉන් එකකි.

වරක් දකුණු අප්‍රිකාවේ එක්තරා ප්‍රදේශයක ගමන් කරමින් සිටිය දී හැන්සිගේ මෝටර් රථය අනතුරකට ලක්විය. ඒ අවස්ථාවේ රිය පදවමින් සිටියේ හැන්සිය. මෙම අනතුරෙන් කුඩා දැරියක එම ස්ථානයේම මිය ගියාය. හැන්සි වරද පිළිගනිමින් ඉදිරියට ආවත් ප්‍රදේශවාසීන් ගෙන් ඔහුට ලැබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. අවසානයේ හැන්සි ජීවිතය බේරාගත්තේ කෙළින්ම පොලීසියට මෝටර් රථය ධාවනය කිරීමෙනි.

ක්‍රිකට් පිටිය අතික්‍රමණය කළ ‘සූලු’ වීරයා

එවර ලෝක කුසලාන තරගාවලියේ සුවිශේෂීම දස්කම් අතර සිටි ක්‍රීඩකයා ඔහුය. ලෝක කුසලාන අවසන් මහා තරගය තිබුණේ ඔහුගේ දෑස මානයයේය. නමුත් ඒ …

අදාළ සිද්ධිය හැන්සි ක්‍රෝන්යේ නම් පුද්ගලයාගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කළේය. ඔහු වඩාත් ආගම දහමට යොමුවූ අතර ක්‍රීඩාව ගැන වැඩිපුර අවධානයක් යොමු කළේය. වරක් දකුණු අප්‍රිකාවේ පළවන ක්‍රිස්තියානි සඟරාවකට ලිපියක් ලියූ හැන්සි තමන්ට ගොඩබිමින් සහ ගුවනෙන් සංචාරය කිරීමට සිදුවන බවත් උඩුගුවනේ දී මරණය තමා කරා එනු ඇති බවත් සඳහන් කොට තිබුණි. එය 2002 වසරේ ඔහු ගමන් ගත් ගුවන් යානය අනතුරකට පත්වී මිය යන්නට දශකයකට පමණ පෙර ලියූවක් විය.

හැන්සි ක්‍රෝන්යේ යනු සෑමවිටම විනෝදයට බර ක්‍රීඩකයෙකි. වරක් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම ඉන්දියානු උපමහද්වීපයේ සංචාරයක නිරත වෙමින් සිටියහ. පුරුද්දක් ලෙසින් කණ්ඩායම භාරව සිටි වෛද්‍යවරයා මැලේරියා මර්ධන පෙති කණ්ඩායමේ සාමාජිකයින් අතර බෙදා දෙනු ලැබීය. නමුත් එක්තරා දිනයක වෛද්‍යවරයාගෙන් හැන්සි ඉල්ලා සිටියේ මැලේරියා පෙති බෙදීම තමාට බාර කරන ලෙසය.

ඒ අනුව මැලේරියා මර්ධන පෙති කණ්ඩායමේ සෙසු සාමාජිකයින් අතරේ බෙදා දුන් හැන්සි කණ්ඩායමේ ශරිර සුවතාවය සහ පන්දු රැකීමේ පුහුණුකාරීත්වය දැරූ පැඩී අප්ටන්ට පමණක් නිදි පෙත්තක් ලබා දුන්නේය.

එදා පුහුණු සැසියට පැමිණි අප්ටන්ට සිදු වූයේ පැය කිහිපයක් යනතුරු පැත්තකට වී නිදාගන්නටය. හැන්සි ඇතුළු අනෙකුත් දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින්ට මෙය ඉතාම විනෝදබර අත්දැකීමක් විය.

කෙතරම් තීක්ෂණ බුද්ධියක් ඇත්තෙක් වුවත් හැන්සි ක්‍රෝන්යේ නම් චරිතයේ අඳුරු පැතිකඩක් නොතිබුණා නොවේ. මුදලට දැඩි ලෙස ගිජු කමක් දැක්වූ ඔහු මුදලට තරග පාවාදීමේ චෝදනා වලට ලක්වූයේ 2000 වසරේ ඉන්දියානු සංචාරය අතරතුරදීය. 

හැන්සි ක්‍රෝන්යේ වැන්නෙකු කිසිම දිනක එවැන්නකට සම්බන්ධ වේ යැයි දකුණු අප්‍රිකානුවන් මෙන්ම සෙසු ක්‍රිකට් ලෝකයම විශ්වාස කලේ නැත. නමුත් සියල්ලන්ම පුදුමයට පත් කරමින් හැන්සි තමන් අතින් වරදක් සිදු වූ බව පිළිගත්තේය. බුකීකරුවන් සමග හැන්සිගේ ඉතිහාසය අවුරුදු ගණනක් පිටුපසට ඇදී ගොස් තිබුණි. ක්‍රිකට් ලෝකයේ සදාතනික විරුවාට ද්‍රෝහියෙකු ලෙස හංවඩු ගැසීමට එයම ප්‍රමාණවත් විය. ඒ වෙනුවෙන් හැන්සිට ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමක් ඔහුට පැනවිණි. 

2002 වසරේ ජුනි පළවෙනිදා ඔහු ගමන් ගත් ගුවන් යානය අනතුරකට ලක්වීමෙන් වයස අවුරුදු 32 දී ජීවිතය හැර ගියේය. හැන්සිගේ මරණය තරමක අභිරහසක් ලෙසින් පෙනෙන්නට තිබුණි.

අවුරුදු ගණනකට පෙර කීවා සේම හැන්සි ක්‍රෝන්යේ නම් සුවිශේෂී නියමුවා උඩුගුවනේ දී ජීවිතයට සමුදුන්නේය. බරපතල වරදකට දෝහියෙකු වූවත් දකුණු අප්‍රිකානුවන්ට හැන්සි ක්‍රෝන්යේ යනු සදාතනික වීරයෙක් බව නොකියාම බැරිය.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<