තරග පාවා දුන් ක්‍රීඩකයාට නිදහසට කරුණු කියන්න දිනයක්

66

පාකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ උමර් අක්මාල් තරග පාවාදීමකට සම්බන්ධ වූ බව පසුගිය දා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දූෂණ මර්දන ඒකකය විසින් තහවුරු කර තිබුණි. ඒ අනුව අක්මාල්ට නිදහසට කරුණු දැක්වීම සඳහා අප්‍රේල් මස 27 වැනිදා වෙන්කිරීමට පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

ICCයෙන් ක්‍රිකට් ක්‍රීඩකයින්ට අනතුරු ඇඟවීමක්!

COVID-19 වසංගතයෙන් ක්‍රීඩකයින් ඇතුළු සියලුදෙනා ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල ……..

ICCයේ දූෂණ මර්දන ඒකකය විසින් අක්මාල් තරග පාවා දුන් බව තහවුරු කළ වහාම එම සිදුවීම සම්බන්ධයෙන් අක්මාල් විසින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය වෙත සිය ප්‍රතිචාරය දන්වා තිබුණි.

එම ප්‍රතිචාරය සලකා බලා, එහි අඩංගු කරුණු පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලයේ දූෂණ විරෝධී විනය කමිටුවේ සභාපති මෙන්ම විශ්‍රාමික හිටපු ලාහෝර් මහාධිකරණ විනිසුරු ෆසාල්-ඊ-මිරාන් චෞහාන් වෙත යොමුකර ඇති අතර ඒ කරුණු කාරනා සලකා බැලූ පාකිස්තාන ක්‍රිකට් ආයතනය අක්මාල් වෙත නිදහසට කරුණු ඉදිරිපත් කිරීම සඳහා උක්ත සඳහන් දිනය ලබා දී තිබේ.

ලාහෝර් ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී පැවැත්වෙන මෙම නිදහසට කරුණු දැක්වීම කොරෝනා වයිරසය ව්‍යාප්ත නොවන පරිදි දුරස්ථභාවය සහ ආරක්‍ෂිත ක්‍රම අනුගමනය කරමින් පැවැත්වීමට සියලුම කටයුතු සංවිධානය කර ඇති බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම තරග පාවාදීමේ සිදුවීම සම්බන්ධයෙන් 2020 පෙබරවාරි මස 20 වැනිදා උමර් අක්මාල්ට තාවකාලික ක්‍රිකට් තහනමක් පනවන ලදි. ඒ හේතුවෙන් ඔහුට පාකිස්තාන සුපර් ලීග් තරගාවලියට ද සහභාගී වීමට නොහැකි විය.

IPL ඉතිහාසයේ හොඳම පන්දු ‍යවන්නා මාලිංග

VIVO IPL හෙවත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 13 වන සංවත්සරය වෙනුවෙන් ……….

විවිධ සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය. ඒ අනුව ඔහු 2.4.4 වගන්තිය උල්ලංඝනය කර ඇති අතර එම වගන්තිය දූෂිත ප්‍රවේශයන් අනාවරණය කිරීමට අපොහොසත් වීම සම්බන්ධ වගන්තියකි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනයේ දූෂණ විරෝධී නීති සංග්‍රහයේ 4.6.6 වගන්තියට අනුව එයට විරුද්ධව කරුණු දැක්වීමේ හැකියාව ඔහුට පවතියි.

4.6.6 වන වගන්තියේ මෙසේ කියැවේ;  

“දූෂණ විරෝධී විනිශ්චය සභාව ඉදිරියේ විභාගයට ඇති අයිතිය (වගකීම් හෝ සම්බාධක හෝ දෙකම සඳහා) සහභාගීවන්නා කැමති නම්, ඔහු/ඇය සහභාගීවන්නාගේ ආකාරය පැහැදිලි කරන නඩු විභාගයක් සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කළ යුතුය. එයින් චෝදනාව එල්ලවන්නා එමඟින් ලැබිය හැකි දඬුවම් සඳහා ප්‍රතිචාර දක්වන ආකාරය සඳහන් කළ යුතුය.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<