ඔසඳ සහ සංගීත් ශතක රැස්කරද්දී චරිත්ගෙන් ආකර්ෂණීය ඉනිමක්

1254

වෙළඳසේවා ක්‍රිකට් සංගමය 26 වැනි වරටත් සංවිධානය කරන සිංගර් කුසලාන අන්තර් වෙළඳසේවා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද (19) පැවති තරගවල දී ශතක වාර්තා කිරීමට ඔසඳ ප්‍රනාන්දු සහ සංගීත් කුරේ සමත් විය.

ඊට අමතරව පිතිකරුවන් අතුරින් ආකර්ෂණීය ඉනිමක් ගොඩ නැගීමට L. B. ෆිනෑන්ස් කණ්ඩායමේ චරිත් අසලංක සමත් විය. ඔහු හේලීස් සමාගමට එරෙහිව ගොඩනැගූ නොදැවී ක්‍රියාත්මක ඉනිමට හයේ පහර 7ක් ඇතුලත් කළේය.

Red Bull ශූරතාවයට සියල්ල සූදානම්

6 වැනි වරටත් පැවැත්වෙන Red Bull කුසලාන විශ්ව විද්‍යාල ක්‍රිකට් ලෝක ශූරතාවලිය මේ මස 23 වැනිදා..

පැවති තරග අතුරින් ජෝන් කීල්ස් කණ්ඩායමට එරෙහිව MAS Silueta කණ්ඩායම ද කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායමට එරෙහිව කන්රිච් ෆිනෑන්ස් කණ්ඩායම ද හේලීස් කණ්ඩායමට එරෙහිව L. B. ෆිනෑන්ස් කණ්ඩායම ද සහ සම්පත් බැංකු කණ්ඩායමට එරෙහිව ඩිමෝ කණ්ඩායම ද ජයග්‍රහණ වාර්තා කළේය.

ජෝන් කීල්ස් සහ MAS Silueta අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 32ක ජයග්‍රහණයක් ලබා ගැනීමට MAS Silueta කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනූ ජෝන් කීල්ස් ක්‍රීඩකයින්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි MAS Silueta ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවි ලකුණු 260ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ජෝන් කීල්ස් කණ්ඩායමට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 228ක් පමණි.

MAS Silueta ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ වමතින් පන්දුවට පහර දුන් සංගීත් කුරේ ය. ඔහු ලකුණු 114ක් ලබා ගත්තා. සංගීත්ගේ එම ඉනිමට පන්දු 129ක් වැය වූ අතර හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුලත් වුනා.

ඊට අමතරව සාලින්ද උෂාන් පන්දු 66කට මුහුණ දී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 53ක් ලබා ගත්තේ ය.

පන්දු යැවීමේ දී ජෙහාන් ඩැනියෙල් ලකුණු 49කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක්වූයේ ය.

පිළිතුරු ඉනිමේ දී ආරම්භක වමත් පිතිකරු ලහිරු මිලන්ත පන්දු 36ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තේ ය. ඊට අමතරව දිමුත් කරුණාරත්න පන්දු 72ක දී හතරේ පහර 7ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තේ ය. ඔහුගේ දැවී යෑමත් සමඟින් ජෝන් කීල්ස් කණ්ඩායමේ පරාජය ඉක්මන් විය.

කඩුලු ලබා ගැනීමේ දී අවසන් පන්දු වාරවල දී පන්දු යැවීමට පිවිසි නිමන්ද සුබසිංහ ලකුණු 04කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව නුවන් ප්‍රදීප් සහ නායක බුද්ධික සංජීව ද කඩුලු 3 බැගින් දවා ගත්හ.

MAS Silueta කණ්ඩායම; කඩුලු 9ක් දැවී 260 (50.0) සාලින්ද උෂාන් 53, සංගීත් කුරේ 114, නිමන්ද සුබසිංහ 23, බුද්ධික සංජීව නොදැවී 19, ජෙහාන් ඩැනියෙල් 5/49

ජෝන් කීල්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 228 (37.3) ලහිරු මිලන්ත 44, දිමුත් කරුණාරත්න 76, රොෂේන් සිල්වා 34, ජෙහාන් ඩැනියෙල් 23, නුවන් ප්‍රදිප් 3/48, බුද්ධික සංජීව 3/52, නිමන්ද සුබසිංහ 3/04

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඉන්දියාවට තියුණු සටනක් දෙයි

ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය…

කොමර්ෂල් ක්‍රෙඩිට් සහ කැන්රිඩ් ෆිනෑන්ස් අතර තරගය

කොළඹ 7 වෙළඳසේවා පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 2ක ජයක් ලබා ගැනීමට කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනූ කැන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ ප්‍රථමයෙන් පන්දුවට පහර දීම ප්‍රතිවාදි කණ්ඩායම සතු කළ අතර ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 256ක් ලබා ගත්හ. එම ඉනිමේ දී ලහිරු මධුශංක සහ චතුරංග ද සිල්වා අර්ධ ශතක වාර්තා කළහ.

පිළිතුරු ඉනිමේ දී කන්රිච් ෆිනෑන්ස් ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 260ක් ලබා ගත්හ. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඔසඳ ප්‍රනාන්දු ය. ඔහු පන්දු125කට මුහුණ දී හතරේ පහර 10ක් සමඟින් ලකුණු 133ක් ලබා ගත්තේ ය.

කොමර්ෂල් ක්‍රෙඩිට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 256 (46.4) ලහිරු මධුශංක 51, චතුරංග ද සිල්වා 50, වනිඳු හසරංග 43, මාලින්ද පුෂ්පකුමාර 35, චාමර කපුගෙදර 27, ඩිලේශ් ගුණරත්න 3/39, ප්‍රමෝද් මධුශාන් 2/37, රොෂාන් ලක්සිරි 2/42, අලංකාර අසංක 2/56

කැන්රිච් ෆිනෑන්ස් කණ්ඩයම; කඩුලු 8ක් දැවී 260 (49.3) කවිඳු කුලසේකර 23, ඔසඳ ප්‍රනාන්දු 133, මුතුමුදලිගේ පුෂ්පකුමාර 29, සහන් විජේරත්න 23, මාලින්ද පුෂ්පකුමාර 2/62  


හේලීස් සහ L.B. ෆිනෑන්ස් අතර තරගය

පිට පිට තරග දෙකක දිනූ හේලීස් කණ්ඩායම තමන් විසින් රැස් කරන ලද අඩු ලකුණු ප්‍රමාණය හේතුවෙන් අද L. B. ෆිනෑන්ස් හා සමඟ පැවති තරගයෙන් කඩුලු 9ක පරාජයකට මුහුණ දුන්නේ ය.

කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් හේලීස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී රැස් කළේ ලකුණු 172ක් පමණි. L. B. ෆිනෑන්ස් ක්‍රීඩකයෝ එම ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී ලබා ගැනීමට සමත් වූහ.

හේලීස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ලහිරු තිරිමාන්න ය. ඔහු පන්දු 92කට මුහුණ දී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 92ක් ලබා ගත්තේ ය.

හඹා යන පිළිතුරු ඉනිමේ දී චරිත් අසලංක පන්දු 87කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහර 7ක් සමඟින් නොදැවී ලකුණු 81ක් ලබා ගත්තේ ය. ඔහුත් සමඟ අනෙක් අන්තයේ සිටි සධීර සමරවික්‍රම පන්දු 89ක දී හතරේ පහර 8ක් සමඟින් නොදැවී ලකුණු 80ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනා අතර දෙවැනි කඩුල්ලට වාර්තා වූ නොදැවුණ ලකුණු සබඳතාව 167කි.  

හේලීස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 172 (44.2): ලහිරු තිරිමාන්න 84, බිනුරු ප්‍රනාන්දු 28, නිමේෂ් ගුණසිංහ 25, චරිත් සුදාරක 2/19, ශිරාන් ප්‍රනාන්දු 2/31, රජීව වීරසිංහ 2/35

L.B. ෆිනෑන්ස් කණ්ඩායම; කඩුල්ලක් දැවී 173 (30.5): චරිත් අසලංක නොදැවී 81, සධීර සමරවික්‍රම නොදැවී 80

හොංකොං ක්‍රීඩකයන්ට ගෞරවාන්විත පරාජයක්

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (18) පැවති ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි…

සම්පත් බැංකුව හා ඩිමෝ අතර තරගය

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී ඩිමෝ ක්‍රීඩකයෝ කඩුලු 3ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වූහ.

කාසියේ වාසිය දිනාගත් සම්පත් බැංකු ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 185ක් ලබා ගත්හ. එම ඉනිමේ දී අර්ධ ශතකයක් රැස් කිරීමට චරිත බුද්ධික සමත් විය. පන්දු යැවීමේ දී මතීෂ පෙරේරා ලකුණු 31කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

පිළිතුරු ඉනිමේ දී රමේෂ් මෙන්ඩිස් නොදැවී අර්ධ ශතකයක් රැස් කළ අතර තරගය ජයග්‍රහණයෙන් කෙළවර කරන විට රමේෂ් සමඟ අනෙක් අන්තයෙන් ලකුණු 36ක් ලබා ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී කඩුල්ලේ රැඳී සිටියේ ය.

සම්පත් බැංකු කණ්ඩායම; සියලුම දෙනා දැවී 185 (43.4): චරිත බුද්ධික 55, රොමේෂ් බුද්ධික 32, තරිඳු කෞෂාල් 26, මතීෂ පෙරේරා 4/31, කවිශ්ක අංජුල 2/31, නිසල තාරක 2/41

ඩිමෝ කණ්ඩායම; කඩුලු 7ක් දැවී 188 (43.1): රමේෂ් මෙන්ඩිස් නොදැවී 54, තික්ෂිල ද සිල්වා 28, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 36, රංගන හේරත් 2/30, තරිඳු කෞෂාල් 2/31, හසන්ත ප්‍රනාන්දු 2/40

තරගාවලියේ තවත් තරග කිහිපයක් එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා පැවැත්වීමට නියමිත අතර තරග තොරතුරු සමඟ යාවත්කාලීන වීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<