යොවුන් ක්‍රීඩකයන් තිදෙනෙක්ට තරඟ තහනමක්

2767
U19 Suspended cricketer

මෑතකදී පැවැත්වූ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේදී තරඟ නීති උල්ලංඝණය කිරීම හේතු කොටගෙන 19 න් පහළ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකුගේ තරඟ තහනමකට ලක් කිරීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර ඇත.

මෙම තීරණය ගෙන ඇත්තේ ඔවුන් 19 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරඟාවලියේ අවසන් භාගය තුළදී ඔවුන්ගේ හැසිරීම් පදනම් කරගෙනයි.

රිච්මන්ඩ් විදුහලේ වනිදු හසරංග, දඟපන්දු යවන චරිත් අසලංක හා ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිශ්ක ප්‍රනාන්දු යන ක්‍රීඩකයින් මෙසේ තරඟ තහනමට ලක් වූ ක්‍රීඩකයින් වේ.

ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල සහ ගාල්ල රිච්මන්ඩ් විදුහල, මාතර ශාන්ත සර්වේෂස් විදුහල සහ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල යන විදුහල් අතර පැවති තරඟ තීරණයකින් තොරව නිමාවට පත් වූයේ 19 න් පහළ ක්‍රීඩකයින්ගේ අනුමත කළ නොහැකි ක්‍රියාකලාපයන් හේතුවෙනි. ගල්කිස්සේ පැවති තරඟයේදී රිච්මන්ඩ් ක්‍රීඩකයින්ට චෝදනා එල්ල වූයේ ඔවුන් විනිසුරු තීරණයන් අභියෝගයට ලක් කිරීම හේතුවෙනි. උණවටුණේදී පැවති තරඟයද, ජය පරාජයකින් තොරව අවසන් වූයේ ක්‍රීඩකයින්ගේ කලහකාරී හැසිරීම් හේතුවෙනි.

වහිදු හසරංග තරඟ තුනක් ද, චරිත් අසලංක තරඟ දෙකක ද තහනමකට ලක් ව ඇත.  ක්‍රීඩක ආචාර ධර්මයන් පිළිනොපැදීම හේතුවෙන් ඔවුන් සදහා සීමිත පන්දු වාර හෝ විස්සයි විස්ස තරඟ තහනම් වනු ඇත. මෙම වසරේදි ඔවුන්ට කිසිදු තරඟයක් හිමි නොවෙනම් මෙම තහනම ලබන වසරට ද වලංගු වනු ඇත.

ශාන්ත තෝමස් විදුහලට ජයග්‍රහණය ලබා දීමට ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය තීරණය කර ඇත්තේ ඉහත සිදුවීම ආරම්භ වීමට පෙර පළමු ඉනිම් කිහිපයේදී ඔවුන් රැදී සිටි ස්ථානය මත පදනම් වෙමිනි.

මෙහිදී තරඟ තහනමට ලක් වූ ශාන්ත සෙබස්තියන් විදුහලේ ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු සිය වැරදි ක්‍රියා කලාපය පිළිගෙන ඇති අතර තමන් පිති හරඹයේ යෙදෙද්දී පන්දු රකින ක්‍රීඩකයෙක් වෙත පන්දුව එල්ල කළේ හිතාමතාම බව ඔහු පවසා ඇත. ඔහු තරඟ 5 ක (සීමිත පන්දු වාර හෝ විස්සයි විස්ස) තහනමකට ලක් කර ඇත.

නුදුරු දිනයකදී ශාන්ත සර්වේෂස් සහ ශාන්ත සෙබස්තියන් අතර අවසන් පූර්ව තරඟය නැවතත් පැවැත්වෙනු ඇත.