තර්ස්ටන් සහ සාන්ත පීතරයන් සිය කාණ්ඩයේ පෙරමුණ සමඟින් ඉදිරි වටයට

19න් පහළ පාසල් එක්දින ක්‍රිකට් තරගාවලිය 2022

325

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරන වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තරග පහක් අද (24) නිමාවට පත්වුනා.

එම තරගයන්ගෙන් ජයග්‍රහණ හිමි කරගැනීමට සාන්ත පීතර, කොළඹ රාජකීය, ගාල්ල මහින්ද, කොළඹ සහිරා සහ කොළඹ තර්ස්ටන් විද්‍යාල සමත් වූ අතර B කාණ්ඩයේ Z සහ X කාණ්ඩයන්ගේ පෙරමුණ සමඟින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ තර්ස්ටන් සහ බම්බලපිටිය සාන්ත පීතර කණ්ඩායම් සමත් වුනා.

අද (24) දිනයේ පැවති තරගයන්ගෙන් වැඩිම ලකුණු ලාභියා වූ තර්ස්ටන් විද්‍යාලයේ බවන්ත ජයසිංහ නොදැවී ලකුණු 113ක් සහ විහස් තෙව්මික ලකුණු 112ක් රැස් කරගැනීමට සමත් වන විට සහිරා විද්‍යාලයේ Raaed Rizwan නොදැවී ලකුණු 106ක් රැස් කළා.

අද දිනයේ කැපී පෙනෙන පන්දු යවන්නන් වූ මහින්ද විද්‍යාලයේ කුශාන් මධූෂ, ආනන්ද විද්‍යාලයේ චමෝද් ලක්ෂාන්, තර්ස්ටන් විද්‍යාලයේ නිපුන් ප්‍රේමරත්න සහ සාන්ත පීතර විද්‍යාලයේ නිමාන් උමේෂ් කඩුලු 4 බැගින් දවා ගත්තා.

Tier A

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ කොළඹ රාජකීය විද්‍යාලය 

  • කාසියේ වාසිය – ඩී.එස්. සේනානායක විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණය

ඩී. එස්. සේනානායක විද්‍යාලය – 181/9 (50): විශ්ව ශිවංක 55, අභිෂේක් ලියනආරච්චි 35, ගවිරු සෙනහස් 29, ගීශාන් බාලසූරිය  3/25, ඩෑන් පොඩ්ඩිවෙල 3/36, වෙනූෂ ආකාශ් 2/48.

කොළඹ රාජකීය විද්‍යාලය – 187/5 (33.5): උවිඳු වීරසේකර 61*, සදීෂ රාජපක්ෂ 37, ළහිරු ගනේවත්ත 24, සිනෙත් ජයවර්ධන 20, පූර්ණ සුලක්ෂන 3/42.

කොළඹ රාජකීය විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

Tier B

කොළඹ තර්ස්ටන් විද්‍යාලය සහ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

  • කාසියේ වාසිය – තර්ස්ටන් විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – UC ක්‍රීඩාංගණය අම්බලන්ගොඩ

තර්ස්ටන් විද්‍යාලය – 357/3 (50): බවන්ත ජයසිංහ 113*, විහස් තෙව්මික 112, පසිඳු රත්නායක 55, තරිඳු හර්ශන 54.

ධර්මාශෝක විද්‍යාලය – 229 (32.2): හසිත රාජපක්ෂ 96, මනීෂ රශ්මික 27, ඉශාන් අනුරුද්ධ 21, නිපුන් ප්‍රේමරත්න 4/45, විහස් තෙව්මික 2/31, බවන්ත ජයසිංහ 2/66.

තර්ස්ටන් විද්‍යාලයට ලකුණු 128ක ජයක්.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ කොළඹ සහිරා විද්‍යාලය

  • කාසියේ වාසිය – ආනන්ද විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සහිරා විද්‍යාල ක්‍රීඩාංගණය

ආනන්ද විද්‍යාලය171(47): හංසජ ජයසිංහ 26, නෙත්ම කරුණාරත්න 25, නුෂාල් ධර්මරත්න, සචින් ජයසිංහ 23, ඉරුත් ගිම්ශාන් 23, චමෝද් ලක්ෂාන් 4/31.

සහිරා විද්‍යාලය174/3 (30.2): Raaed Rizwan 103*, මොහොමඩ් යසීර් 50, ඉසුරු අයේෂ් 2/21.

සහිරා විද්‍යාලයට කඩුලු 7ක ජයක්.

මහනුවර ධර්මරාජ විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය

  • කාසියේ වාසිය – ධර්මරාජ විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – මහනුවර ධර්මරාජ විද්‍යාලීය ක්‍රීඩාංගණය

ධර්මරාජ විද්‍යාලය – 183/9 (50): සචින්ත දිසානායක 59, පුලිඳු පෙරේරා 33, මලිත හපුආරච්චි 25, කුශාන් මධූෂ 4/20, ශෙහාන් හසරංග 2/32, හිරුණ මන්දිල 2/38.

මහින්ද විද්‍යාලය – 186/5 (38.2): ප්‍රමේෂ් මධුභාෂණ 73, හිරුණ මන්දිල 69, පුලිඳු පෙරේරා 1/28.

මහින්ද විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

වත්තල සාන්ත අන්තෝනි විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය

  • කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – සාන්ත පීතර විද්‍යාලීය ක්‍රීඩාංගණය

සාන්ත අන්තෝනි විද්‍යාලය – 103 (31.3): දිලිප් ප්‍රනාන්දු 23, නිමාන් උමේෂ් 4/24.

සාන්ත පීතර විද්‍යාලය – 105/4 (25.5): ඩිලාන් දම්සර 45*, අමිත සංදීප 3/22.

සාන්ත පීතර විද්‍යාලයට කඩුලු 6ක ජයක්.

වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ ක්‍රිකට් තරගාවලියේ සියලුම තොරතුරු ඔබ වෙත ගෙන ඒමට ThePaapre.com අප සූදානම්. රැඳී සිටින්න අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<