ත්‍රිත්වයින් හමුවේ ආනන්ද ක්‍රීඩකයින් අසරණ වෙයි

19න් පහළ පාසල් දෙදින ක්‍රිකට් තරගාවලිය 2022

3207

වයස අවුරුදු 19න් පහළ පාසල් ක්‍රිකට් තරගාවලියේ දෙදින තරග දෙකක් අද (19) නිමාවට පත් වුනා.

එම තරගවල දී ත්‍රිත්ව විද්‍යාලය හමුවේ ආනන්ද විද්‍යාලය පරාජයට පත් වන විට, සාන්ත ඇලෝසියස් – ඩී. එස්. සේනානායක තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනා.

කොළඹ ආනන්ද විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර අස්ගිරිය ක්‍රීඩාංගණයේ දී පැවති තරගයෙන් ඉනිමක සහ ලකුණු දෙකක දැවැන්ත ජයක් ලබා ගැනීමට ත්‍රිත්ව ක්‍රීඩකයින් සමත් වුනා.

එහි දී ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් සුපුන් වඩුගේ (ලකුණු 61) සහ අක්‍රම් මුතාලිබ් (ලකුණු 52) දස්කම් දක්වන විට, දඟපන්දු යවන ක්‍රීඩක තීරක රණතුංග සහ ජාතික 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ මතීෂ පතිරණ ලකුණු 17කට කඩුලු 3ක් දවා ගත්තා.

ආනන්ද විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමෙන් වැඩි සාර්ථකත්වයක් අත්කර ගත් නෙත්ම සමරවීර කඩුලු 5ක් දවා ගන්නට සමත් වුනා.

තීරක, මතීෂ, අක්‍රම් සහ සුපුන් ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල සාන්ත අලෝසියස් විද්‍යාලය අතර පැවති තරගයේ දෙවැනි දිනයට අයහපත් කාලගුණයෙන් බාධා එල්ල වීම නිසා තරගයේ දෙවැනි දිනය ක්‍රියාත්මක කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ.

එම නිසා එම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වුනු අතර සාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ආධිත්‍ය අබේවර්ධන පන්දු යැවීමෙන් කඩුලු 4ක් දවා ගන්නට සමත් වුනා.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කොළඹ ආනන්ද විද්‍යාලය

  • කාසියේ වාසිය – ත්‍රිත්ව විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – අස්ගිරිය ක්‍රීඩාංගණය

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 230 (59.3): සුපුන් වඩුගේ 61, අක්‍රම් මුතාලිබ් 52, පවන් පතිරාජ 36, තීරක රණතුංග 24, නෙත්ම සමරවීර 5/29, ඉසුරු අයේෂ් 3/81.

ආනන්ද විද්‍යාල පළමු ඉනිම – 87 (28.1): නුශාල් ධර්මරත්න 35, දිනුක තෙන්නකෝන් 3/11, මතීෂ පතිරණ 3/17, මනුල කුලරත්න 2/34 සහ 141 (47.2) ඉරුත් ගිම්හාන් 43, හංසජ ජයසිංහ 41, තීරක රණතුංග 5/32, දිනුක තෙන්නකෝන් 2/20.

ත්‍රිත්ව විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 2ක ජයක්

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය

  • කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය
  • ක්‍රීඩාංගණය – ඩී. එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණය

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 163 (49.4): සෙනුර සිල්වා 30, බුද්ධිම පෙරේරා 26, ආධිත්‍ය අබේවර්ධන 4/32, භාෂණ ද සිල්වා 2/13.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 182/5 (38): භාෂණ ද සිල්වා 40, චාර්ය යසාර 39, විදුර ලක්ෂාන් 37, දිනෙත් නිම්සර 25*, දේශාන් හෙට්ටිගේ 2/35.

තරගය ජය පරාජයෙන් තොරව අවසන්

ක්‍රීඩා ලොව තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<