නාලන්දයේ රුසිරුගෙන් අගනා ලකුණු 188ක්

19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලිය 2022/23

198

වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග දෙකක් අද (10) ක්‍රියාත්මක වුනා. එහි දී මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

පළමු දිනයේ නිමාව සටහන් වන විට මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට වැඩි ගෞරවය හිමි වූ මැසනොඩ් – මාරිස් ස්ටෙල්ලා තරගය මීගමුවේ දී අද දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වුනා.

කවීන් ප්‍රනාන්දුගේ ශතකයෙන් වර්ණවත් වුනු මාරිස් ස්ටෙල්ලා පළමු ඉනිම දෙවැනි දිනයේ ආරම්භය වන විට 186/4ක් ලෙස සටහන් වුනා. දිනය ආරම්භයේ දී ඔවුන්ගේ පළමු ඉනිමේ අවසන් කඩුලු 6 ලකුණු 87ක් තුල දවා ගත් තුෂාන් උදයංග ඇතුළු ද මැසනොඩ් ක්‍රීඩකයින් ලකුණු 85ක පළමු ඉනිමේ අවාසියක් සහිතව සිය දෙවැනි ඉනිම දියත් කළා.

එහි දී සිතුම් ප්‍රනාන්දු, මිශේන් සන්කෙත් සහ තරීන් සන්කෙත් ලබා ගත් අර්ධ ශතක නිසාවෙන් ඔවුන්ගේ පළමු ඉනිමට සාපේක්ෂව දෙවැනි ඉනිම තුල ස්ථාවර ලකුණු සටනකට යන්නට ඔවුන්ට හැකියාවක් ලැබුණා. අවසානයේ දී ඔවුන් කඩුලු ක් දැවී ලකුණු 281ක් ලබාගෙන සිටිය දී තරගය අවසන් වුනා.

ThePapare.com විසින් සජීව ලෙස ඔබ වෙත රැගෙන ආ සාන්ත පීතර – නාලන්දා තරගය අද පළමු දිනයට ක්‍රියාත්මක වුනා. එහි දී කාසියේ වාසිය දිනා ගත් සාන්ත පීතර ක්‍රීඩකයින්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නාලන්දා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 340ක් ලබාගෙන සිය ඉනිම අත්හිටවූ අතර ආරම්භක දකුණත්  පිතිකරු රුසිරු විලෝචන ලකුණු 188ක් ලබාගෙන දස්කම් දැක්වූවා. ඔහුගේ ඉනිම 4 පහර 25කින් සහ 6 පහරකින් වර්ණවත් වුනා.

සදෙව් සමරසිංහ සහ විලෝචන දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 198ක සබඳතාවයක් ගොඩනැංවූ අතර සමරසිංහ ද ලකුණු 68ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී දකුණතින් වේගපන්දු යවන ලකිඳු සචින් කඩුලු 4ක් දවා ගත් අතර දිනයේ නිමාව සටහන් වන විට සාන්ත පීතර විද්‍යාලය කඩුල්ලක් දැවී ලකුණු 70ක් ලබාගෙන සිටියා. හෙට (11) තරගයේ දෙවැනි සහ අවසන් දිනයයි.

ද මැසනොඩ් විද්‍යාලය සහ මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය

  • ද මැසනොඩ් විද්‍යාලය – 188 (45.1): උවිඳු පෙරේරා 93, ජනිත් කවීන්ද්‍ර 28, ෂේන් ආධිත්‍ය 6/54, හස්තික සිල්වා 3/43 & & 281/8 (71.3): සිතුම් ප්‍රනාන්දු 85, මිශේන් සන්කෙත් 72, තරීන් සන්කෙත් 59, චිරාත් ආධිත්‍ය 2/45
  • මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – 273 (75.5): කවීන් ප්‍රනාන්දු 102, සදෙව් රත්නායක 55, තුෂාන් උදයංග 4/63, කවිඳු කෞශල්‍ය 3/53.

නාලන්දා  විද්‍යාලය සහ සාන්ත පීතර විද්‍යාලය

  • නාලන්දා විද්‍යාලය – 340/7d (85.4): රුසිරු විලෝචන 188, සදෙව් සමරසිංහ 68, කුශ්මිත සිල්වා 38, ලකිඳු සචින් 4/63
  • සාන්ත පීතර විද්‍යාලය (පළමු දිනය අවසානයේ) – 70/1 (12): විශේන් හැලඹගේ 31*, චමිඳු පෙරේරා 24, සජිත විතානගේ 1/2

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<