නිශාන් සහ ශෙසදගෙන් නොදැවී අර්ධ ශතක

391
U19 Schools Cricket

සිංගර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අද (10) දිනය නිමාවට පත්වූයේ පළමු ඉණිමේ ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා වෙමිනි. එහිදී සාන්ත බෙනඩික්ට් විද්‍යාලය, සාන්ත පීතර විද්‍යාලය  හා සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමු ඉණිමේ ජයග්‍රහණ ලබා ගැනීමට සමත් විය. එයට අමතරව තවත් තරඟ දෙකක ආරම්භය ද අද සිදුවිය.

පසුගිය ලිපි: යොහාන් පීරිස්ගෙන් නොදැවී ශතකයක්

ගාල්ල මහින්ද විද්‍යාලය හා කොළඹ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අතර තරඟය

මෙම තරඟය B කාණ්ඩයේ තරඟයක් ලෙසින් ඊයේ (09) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් පිටියේදී ආරම්භ විය.

තරගයේ පළමු දිනය අවසන් වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි මහින්ද විද්‍යාල ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 226ක් ලබාගෙන සිටියහ. අනතුරුව සාන්ත බෙනඩික්ට් විද්‍යාලයේ පළමු ඉණිම ආරම්භ වූ අතර, එහිදී ඩිලාන් චතුරංග දක්ෂ ඉණිමක් දියත් කරමින් නොදැවී ලකුණු 102*ක් ලබා ගැනීමට සමත් විය. මහින්ද විද්‍යාලයේ පළමු ඉණිමේ වැඩිම ලකුණු ලාභියා වූ විනුර හිරන්ජිත් තුන් ඉරියව් දස්කම් දක්වමින් කඩුලු 2ක් දවාගන්නා ලදි.

මහින්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 227 (පන්දුවාර 98.5): විනුර හිරන්ජිත් 58, කවිදු එදිවීර 42, රිශාන් කාවින්ද 28, ප්‍රමිත් හංසික 28, මහේෂ තීක්ෂණ 3/35

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 6ක් දැවී ලකුණු 244 (පන්දුවාර 91): ඩිලාන් චතුරංග 102*, ශෙහාන් ප්‍රනාන්දු 39, චමිදු විජේසිංහ 38, දුලන්ත ලෙවින් 33,  විනුර හිරන්ජිත් 2/24


මහනුවර ධර්මරාජ විද්‍යාලය හා බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර තරඟය

A කාණ්ඩයේ තරගයක් ලෙසින් මහනුවර ධර්මරාජ විද්‍යාල පිටියේදී ඊයේ (09) පළමු දිනය ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයගත් සත්කාරක විද්‍යාලය පළමුව පන්දුවට පහරදෙන ලදි.

පළමු දිනය අවසානයේ පීතර ක්‍රීඩකයෝ තම පළමු ඉණිමට කඩුලු කඩුලු 2ක් දැවී ලකුණු 79ක් ලබාගෙන සිටියහ. එම ඉණිම ලකුණු 275ක් දක්වා ගෙනගිය අතර, එම ඉණිම එම ලකුණෙන් නැවැත්වීමට ඔවුන් තීරණය කරන ලදි. එහිදී සජිත් ප්‍රනාන්දු ලකුණු 78ක් ලබාගෙන දස්කම් දැක්වීය. එයට අමතරව නොදැවී ක්‍රීඩා කල ලක්ෂාන් රොද්‍රිගෝ ලකුණු 77*යි.

අනතුරුව තම දෙවන ඉණිම ඇරඹූ ධර්මරාජ විද්‍යාලය වෙනුවෙන් දේශාන් ගුණසිංහ ලකුණු 35ක් ලබා ගත්තේය.

ධර්මරාජ විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 168 (පන්දුවාර 66.3): ගිහාන් විතාරණ 45, නිවන්ත හේරත් 43, මොහොමඩ් අමීන් 6/53, චතුර ඔබේසේකර 4/51

සාන්ත පීතර විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 275 dec (පන්දුවාර 67.5): සජිත් ප්‍රනාන්දු 78, ලක්ෂාන් රොද්‍රිගෝ 77*, සුලක්ශන ප්‍රනාන්දු 46, දේශාන් ගුණසිංහ 2/51

ධර්මරාජ විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 126 (පන්දුවාර 60): දේශාන් ගුණසිංහ 35, චතුර ඔබේසේකර 3/50


වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය අතර තරඟය

ඇල්බට් එෆ්.පීරිස් පිටියේදී කාසියේ වාසිය ජයග්‍රහණය කල සාන්ත ජෝසප් වාස් විද්‍යාලය පළමුව පන්දුවට පහරදුනි.

පළමු දිනයේ අවසානය වන විට තම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත මරියා විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 32ක් ලබාගෙන සිටියේය. දෙවන ඉණිමට ලකුණු 113ක් ලබාගෙන ඉණිම අත්හැර සාන්ත මරියා විද්‍යාලයේ සියල්ලන්ම දවාලමින් තරගය ජයග්‍රහණය කිරීම ජෝසප් වාස් අභිලාෂය වුවද එය අසාර්ථක විය.

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය පළමු ඉණිම – කඩුලු 8ක් දැවී ලකුණු 310 dec (පන්දුවාර 83.4): යොහාන් පීරිස් 101*, සඳරුවන් ප්‍රනාන්දු 98, ගයාන් උඩගේ 3/63

සාන්ත මරියා විද්‍යාලය පළමු ඉණිම  – සියල්ලන්ම දැවී ලකුණු 103 (පන්දුවාර 35.1): ධනංජය පෙරේරා 7/29

සාන්ත ජෝශප් වාස් විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 5ක් දැවී ලකුණු 113 dec (පන්දුවාර 32): ධනංජය පෙරේරා 41

සාන්ත මරියා විද්‍යාලය දෙවන ඉණිම – කඩුලු 7ක් දැවී ලකුණු 116 (පන්දුවාර 39): එච්.ශ්‍රියන්ත 32, ධනංජය පෙරේරා 4/37, මදුෂාන් රණතුංග 2/45


බොරැල්ල ඩී.එස්.සේනානායක විද්‍යාලය හා මරදාන නාලන්ද විද්‍යාලය අතර තරඟය

නාලන්ද පිටියේදී අද (10) කාසියේ වාසිය දිනූ සත්කාරකයින් පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි. තරගයේ පළමු දිනය අවසානයේ තම දෙවන ඉණිම ක්‍රීඩා කරමින් සිටින ඩී.එස් සේනානායක විද්‍යාලය කඩුලු 3ක් දැවී ලකුණු 31යි.

විහාන් ගුණසේකර හා ටොරින් පිටිගල ලකුණු 25 බැගින් ලබාගෙන පළමු ඉණිමට ලකුණු 163ක් දක්වා යාමට අඩිතාලම සකස් කරවිය. නාලන්ද විද්‍යාලයේ පළමු ඉණිමට ලක්ෂිත රසාංජන ලකුණු 27ක් ලබා ගත්තේය. මුදිත ලක්ෂාන් ලකුණු 30ක් තුල කඩුලු 7ක් දවාලන ලදි.

ඩී.එස්.සේනානායක විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 163 (පන්දුවාර 44.2): විහාන් ගුණසේකර 25, ටොරින් පිටිගල 25, මුදිත ලක්ෂාන් 22, උමේක්ෂ ඩිල්ශාන් 2/19

නාලන්ද විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 116 (පන්දුවාර 28): ලක්ෂිත රසාංජන 27, අවිශ්ක පෙරේරා 26, මුදිත ලක්ෂාන් 7/30

ඩී.එස් සේනානායක විද්‍යාලය දෙවන ඉණිම (පළමු දිනය අවසානයේ දී) -කඩුලු 3ක් දැවී ලකුණු 31 (පන්දුවාර 9): කලණ පෙරේරා 2/15


මරදාන සහිරා විද්‍යාලය හා මොරටුව මොරටු විද්‍යාලය අතර තරඟය

C කාණ්ඩයේ තරගයක් වූ මෙහිදී කාසියේ වාසිය ජයගත් මොරටු විද්‍යාලය තම තණතීරුවේ දී පළමුව පන්දු යවන ලදි. පළමු දිනය අවසානයේදී තම පළමු ඉණිම ක්‍රීඩා කරන මොරටු විද්‍යාලය කිසිවෙකු නොදැවී ලකුණු 129යි.

සහිරා විද්‍යාලයේ පළමු ඉණිමට මොහොමඩ් ශැකායි ලකුණු 32ක් එක් කරන ලදි. එම ඉණිමේ කඩුලු 5ක් දවාලීමට රශාන් ප්‍රනාන්දු (5/28) සමත් විය. අනතුරුව තම පළමු ඉණිම ඇරඹූ මොරටු විද්‍යාලය සුපිරි ආරම්භක සබඳතාවයක් ගොඩනංවමින් පළමු දිනය අවසන් වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 129ක් ලබා ගැනීමට සමත් විය. එහිදී ශෙසද සොයිසා (60*) ක් හා නිශාන් මදුශ්ක (57*) පළමු කඩුල්ලේ සබඳතාවයට රැකගනිමින් කඩුල්ලේ රැදීසිටියි.

සහිරා විද්‍යාලය පළමු ඉණිම – සියල්ලන්ම දැවී ලකුණු 136 (පන්දුවාර 47.5): මොහොමඩ් ශැකායි 32, මොහොමඩ් රමීස් 29, සජිත් සමීර 27, රශාන් ප්‍රනාන්දු 5/28

මොරටු විද්‍යාලයේ පළමු ඉණිම (පළමු දිනය අවසානයේ දී) – කිසිවෙකු නොදැවී ලකුණු 129 (පන්දුවාර 46): ශෙසද සොයිසා 60*, නිශාන් මදුශ්ක 57*

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට