පළමු ඉනිමේ දී වැටුණු ඩී. එස් විද්‍යාලය දෙවන ඉනිමේ දී ගොඩ යයි

221

සිංගර් ශ්‍රී ලංකා ආයතනය හා ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ පාසල් ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් ඊයේ (6) පැවැත්විය.

දුලාජ් කඩුලු 8ක් ලබා ගනිද්දී පවන්ගෙන් ශතකයක්

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් …

මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය හා කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය

කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගණයේ දී C කාණ්ඩයේ මෙම තරගය ඉනිමකින් හා ලකුණු 4කින් ජය ගැනීමට සාන්ත සෙබස්තියන් විද්‍යාලය සමත් වි.

තරගයේ පළමු දිනය නිමා වන විට සංචාරක සාන්ත සෙබස්තියන් ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී පළමු ඉනිමට රැස් කරගෙන සිටි ලකුණු 222කට පිළිතුරු ලෙසින් සත්කාරක සාන්ත මරියා ක්‍රීඩකයෝ කඩුලු දෙකක් දැවී ලකුණු 18ක් ලබා සිටිය හ.

වර්ෂාව හේතුවෙන් තරගයේ පළමු දිනයේ දී පන්දුවාර 40ක් අහිමි වුවත් එයින් තරගයට වැඩි හානියක් නොවුනේ සාන්ත මරියා පළමු ඉනිම පන්දුවාර 32කුත් පන්දු 3ක් තුල අවසන් වීම නිසයි. එහි දී දඟපන්දු යවන ක්‍රීඩකයින් වන විනුජ රණසිංහ හා ටාශික් පෙරේරා අතරේ කඩුලු  3 බැගින් බෙදී ගියේය.

ලකුණු 160ක පළමු ඉනිමේ අවාසියක් සහිතව පිට පිට දෙවන වතාවටත් පිටියට පැමිණි සාන්ත මරියා පිතිකරුවන් හට ඉනිමක පරාජයෙන් ගැලවීමට ලකුණු 161ක ඉලක්කයක් වෙත යාමට තිබුණු නමුත් නදීර ප්‍රනාන්දු ඇතුළු සාන්ත සෙබස්තියන් විද්‍යාල පන්දු යවන්නන් ක්‍රීඩා කළ දක්ෂ ක්‍රීඩා විලාසය නිසා ඔවුන්ගේ දෙවන ඉනිම ද ලකුණු 157කට සීමා වූයේ සිය විද්‍යාලයට ඉනිමක පරාජයක් හිමිකර දෙමිනි. සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ගජිත කොටුවේගොඩ ලකුණු 41යි.

සාන්ත සෙබස්තියන් විද්‍යාලය පළමු ඉනිම – 222 (46.5) දුනිත් ජයතුංග 71, විනුජ රණසිංහ 55, ප්‍රවීන් කුරේ 27, අකලංක පෙතියගොඩ 4/42, ජෙහාන් අබේවර්ධන 2/28, හිරාන් බියගම 2/31.

සාන්ත මරියා විද්‍යාල පළමු ඉනිම – 61 (32.3): විනුජ රණසිංහ 3/10, ටාශික් පෙරේරා 3/17, ප්‍රවීන් කුරේ 2/01.

සාන්ත මරියා විද්‍යාල දෙවන ඉනිම (F/O) – 157 (60.4): ගජිත කොටුවේගොඩ 41, ජෙහාන් අබේවර්ධන 30, නදීර ප්‍රනාන්දු 4/21, විනුජ රණසිංහ 3/39, නුවනිඳු ප්‍රනාන්දු 2/32.

එක්දින කඩුලු ත්‍රිත්වවල සැඟවුණු රහස්

එක්දින ක්‍රිකට් තරගයකට ඕනෑම පන්දු යවන්නෙකුට කඩුලු ත්‍රිත්වයක් …

ඩී. එස්. සේනානායක විද්‍යාලය හා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලය

බොහෝ දෙනාගේ අවධානයට පාත්‍ර වූ මේ තරගයේ දී ඩී. එස්. සේනානායක විද්‍යාලය පිතිකරුවන් දෙවන ඉනිමේ දී නැවත වතාවක් නැගී සිටීම නිසා තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ඔවුන්ට හැකි විය. කෙසේ නමුත් තරගයේ පළමු ඉනිමේ ජය ලබාගත්තේ සංචාරක ධර්මාශෝක විද්‍යාලයයි.

B කාණ්ඩය නියෝජනය කරමින් ඊයේ (5) මත්තෙගොඩ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ධර්මාශෝක නායකයාගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඩී. එස්. සේනානායක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ ලකුණු 71ක් පමණි.

එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ අමිඳු දාබරේ ය. ඔහු ලකුණු 19ක් ලබා ගත්තේ ය. පන්දු යැවීමේ දී වමතින් දඟපන්දු යවන ලොහාන් ද සොයිසා ලකුණු 03කට කඩුලු 4ක් දවා ගනිමින් ඩී. එස්. ඉනිම විනාශ කිරීමට පෙරමුණ ගන්නා ලදි.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රීඩකයෝ තරගයේ දෙවන දිනය ආරම්භ වන විට කඩුලු 5ක් දැවී ලකුණු 111ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් පන්දු යැවීමෙන් ද දක්ෂතා දැක්වූ නායක දිනුක ඩිල්ෂාන් ලකුණු 44ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නොදැවී ලකුණු 38ක් ලබා සිටි කවිඳු නදීශාන් ඊයේ දිනයේ ක්‍රියාත්මක වූ පළමු පන්දුවාර  කිහිපය තුල දී ම සිය අර්ධ ශතකය සපුරා ගත්තේ මේ තරගයේ දී වාර්තා වූ පළමු අර්ධ ශතකයට උරුමකම් කියමිනි. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩක මුදිත ලක්ෂාන් ලකුණු 39කට ධර්මාශෝක කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දැක්විය.

සිය තුන් ඉරියව් දස්කම් ප්‍රදර්ශනය කළ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ මුදිත ලබාගත් ලකුණු 62ක හා අමිත දාබරේ ලබාගත් ලකුණු 53 සවියක් කර ගත් ඩී. එස්. සේනානායක විද්‍යාලය පළමු ඉනිමේ දී වූ අඩුපාඩුකම් මඟහරවා ගනිමින් දෙවන ඉනිමේ දී කඩුලු 9ක් දැවී ලකුණු 261ක් ලබාගෙන සිය ඉනිම අත්හිටු වූයේ ධර්මාශෝක විද්‍යාලයට ලකුණු 169ක ජයග්‍රාහී ඉලක්කයක් හිමිකර දෙමින් වුවත් තරගයේ  නියමිත කාල වේලාව අවසානයේ ධර්මාශෝක විද්‍යාලයට කඩුලු දෙකක් දැවී ලබාගැනීමට හැකි වූයේ ලකුණු 58ක් පමණි.

ඩී. එස්. සේනානායක විද්‍යාල පළමු ඉනිම – 71 (29.1) අමිඳු දාබරේ 19, ලොහාන් ද සොයිසා 4/03, දිනුක ඩිල්ශාන් 2/10

ධර්මාශෝක විද්‍යාල පළමු ඉනිම – 164 (47.2): කවිඳු නදීශාන් 52, දිනුක ඩිල්ශාන් 44, මුදිත ලක්ෂාන් 4/39.

ඩී. එස්. සේනානායක විද්‍යාල දෙවන ඉනිම  261/9d (51): මුදිත ලක්ෂාන් 62, අමිත දාබරේ 53, පසිඳු ආධිත්‍ය 32, අභිෂේක් ලියනාරච්චි 29, ලොහාන් ද සොයිසා 4/71, දිනුක ඩිල්ශාන් 3/69.

ධර්මාශෝක විද්‍යාල දෙවන ඉනිම – 58/2 (12): දිනුක ඩිල්ශාන් 24*.

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය

මහනුවර ත්‍රිත්ව විද්‍යාලයීය ක්‍රිකට් පිටියේ දී ජය පරාජයෙන් තොරව නිමාව දුටු මේ සුහද තරගය තුල අර්ධ ශතක දෙකක් කඩුලු 5 අවස්ථා 3ක් වාර්තා වීම කැපී පෙනුණි.

අයහපත් කාලගුණ තත්ත්වය මත පළමු දිනයට (5) තරගය නතර කරන විට පළමු ඉනිමට පන්දුවට පහර දෙමින් සිටි සත්කාරක ත්‍රිත්ව ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 184ක් ලබා සිටිය හ.

එම ඉනිම වෙනුවෙන් පුබුදු බණ්ඩාර අර්ධ ශතකයක් ලබා ගත්තේ ය. ඊට අමතර කවිශ්ක සේනාධීර ද ලකුණු 43ක් ලබා ගනිමින් දක්ෂතා දැක්විය. පන්දු යැවීමේ දී දඟපන්දු යවන ක්‍රීඩකයින් වන කනිෂ්ක මධුවන්ත හා රුවින් සෙනෙවිරත්න කඩුලු 5 බැගින් දවා ගත්තේ ය.

අවසානයේ ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම ලකුණු 211කට සීමා වූ අතර එයට පිළිතුරු දුන් සාන්ත පීතර විද්‍යාලයට සියල්ලන්ම දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 128ක් පමණි. අභිෂේක් ආනන්දකුමාර් ලකුණු 41කට කඩුලු 5යි.

අශාන් ලොකුකැටිය දියත් කරන ලද නොදැවුණු අර්ධ ශතක ඉනිම (ලකුණු 61*) සමඟින් නැවත වතාවක් හිස ඔසවන්නට වූ ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 120ක් ලබාගෙන සිටි මොහොතේ දී ඉනිම අත්හිටු වූයේ සාන්ත පීතර විද්‍යාලයට සිය ජයග්‍රහණය සඳහා ලකුණු 204ක ඉලක්කයක් හිමිකර දෙමිනි. නමුත් එම ලකුණු ප්‍රමාණය හඹා යාමට තරම් ප්‍රමාණවත් පන්දුවාර සංඛ්‍යාවක් ඉතිරිව නොතිබූ නිසාවෙන් තරගය ප්‍රතිඵලයක් රහිතව අවසන් විය.

ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම – 211(62.3): පුබුදු බණ්ඩාර 50, දිනෙත් සිරිවර්ධන 44, කවිෂ්ක සේනාධීර 43, ශේන් ගුණතිලක 34, කනිෂ්ක මදුවන්ත 5/43, රුවින් සෙනෙවිරත්න 5/67.

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම –  128 (62.4): ප්‍රභාසර හේරත් 26, අභිෂේක් ආනන්දකුමාර් 5/41, කවිෂ්ක සේනාධීර 4/47.

ත්‍රිත්ව විද්‍යාල දෙවන ඉනිම – 120/6d (42): අශාන් ලොකුකැටිය 61*, පුබුදු බණ්ඩාර 31.

සාන්ත පීතර විද්‍යාල දෙවන ඉනිම – 74/6 (25): භානුක ද සිල්වා 30, කවිෂ්ක සේනාධීර 3/27.

අද (7) කොළඹ නාලන්දා විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගය සජීවීව ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<