බටහිර ඉන්දීය ලෝක කුසලාන සංචිතය තවත් සන්නද්ධ කරයි

2153

එළඹෙන 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත බටහිර ඉන්දීය කොදෙව් සංචිතය පසුගිය දා නම් කරන ලදි. එම ලෝක කුසලාන සංචිතයට අමතරව නම් කරන ලද අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවක් අද (19) බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

ජේසන් රෝයිගේ හැඟීම්බර ශතකයේ කතාව

එංගලන්තය හා පාකිස්තානය අතර පැවැත්වෙන එක්දින තරගාවලිය පිළිබඳව….

නිමාවට පත්වු ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම නියෝජනය කළ ඩ්වේන් බ්‍රාවෝ සහ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ කිරන් පොලාඩ් එම අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවට නම් කර තිබීම විශේෂත්වයකි.

පසුගිය 2018 වසරේ ඔක්තොම්බර් මාසයේ දී ජාත්‍යන්තර එක්දින පිටියෙන් සමුගැනීම නිවේදනය කළ ඩ්වේන් බ්‍රාවෝ නැවත එරට ජාතික කණ්ඩායමේ අතිරේක ක්‍රීඩකයෙක් ලෙස මෙලෙස නම් කර තිබේ.

වසර 10ක් පුරා ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දක්වන කිරන් පොලාඩ් මෙවර සිව්වැනි වරටත් IPL ශූරතාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට දිනා දීමට විශාල මෙහෙයක් ඉටු කරන ලදි.

මොවුන් දෙදෙනා ඇතුළුව එළඹෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා අතිරේක ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ ලේඛනයක් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

බංග්ලාදේශය හා අයර්ලන්තය සමග නිමාවට පත්වු තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම නියෝජනය කළ තුන් ඉරියව් ක්‍රීඩකයින් වන සුනිල් ඇම්බ්‍රිස් සහ රේමන් රෙයිෆර්ද් මෙම අතිරේක ක්‍රීඩකයින් අතරට ඇතුළත් වේ.

මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ……..

අසනීප තත්වයේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් ආරම්භක පිතිකරුවෙකු වන එවින් ලුවිස් වෙනුවට යොදාගත හැකි වන පරිදි මෙලෙස සුනිල් ඇම්බ්‍රිස් අතිරේක ක්‍රීඩකයෙක් ලෙස කැඳවා ඇති අතර පන්දු යැවීමේ බලඇණිය ශක්තිමත් කිරීමේ අරමුණින් රේමන් රෙයිෆර් කැඳවා තිබේ.

මෙම අතිරේක ක්‍රීඩකයින් පිළිබද මාධ්‍ය වෙත අදහස් දක්වමින් බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන තේරිම් නිලධාරි රොබට් හෙයන්ස් පවසා ඇත්තේ මෙවර ලෝක කුසලානයට සහභාගී වන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම අතිරේක ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව නිවේදනය කළ බවය.

මෙම ක්‍රීඩකයින් තමන්ට අවස්ථාවක් ලැබුණ විගසම සිය කණ්ඩායම වෙනුවෙන් උපරිමය ඉටු කරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් එළඹෙන 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින් මේ වන විට එංගලන්තයට ළඟා වී ඇති අතර ඔවුන් එහි දී පුහුණු කඳවුරක් සඳහා ද සහභාගී වීමට නියමිතයි.

එම පුහුණු කඳවුර එංගලන්තයේ සවුතැම්ප්ටන් හිදී අද (19) ආරම්භ වන අතර එය එළඹෙන 23 වැනිදා දක්වා දින 4ක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිතයි.

ලෝක කුසලානය සඳහා නම් කළ 15 දෙනෙකුගෙන් යුත් බටහිර ඉන්දීය කොදෙව් සංචිතය සඳහා මෙම අතිරේක ක්‍රීඩකයින් 10 දෙනා ද එම පුහුණු කඳවුරට සහභාගී වීම අනිවාර්ය කර තිබේ.

මෙවර ලෝක කුසලානය හිරු නොබසින අධිරාජ්‍යයට?

12 වැනි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඇරඹීම සඳහා ඇත්තේ…..

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනයේ විධායක නිලධාරි ජොනි ග්‍රේව් මාධ්‍ය වෙත සඳහන් කර ඇත්තේ නිමාවට පත්වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් කණ්ඩායමේ ක්‍රීඩකයින් රැසකටම එකට එක්වීමට අවස්ථාව නොලැබුණු පසුබිමක මෙම පුහුණු කඳවුර එයට මහඟු අවස්ථාවක් බවයි.

ඉන්දීය ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසු බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එකට එක්වන පළමු අවස්ථාව මෙය වීම හේතුවෙන් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තානයත් සමඟ පැවැත්වෙන පළමු තරගය ජය ගැනීම සඳහා වන සැලසුම් මෙම පුහුණු කඳවුරේ දී සැකසීම සිය කණ්ඩායමේ අපේක්ෂාව බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

බටහිර ඉන්දීය කොදෙව් ලෝක කුසලාන සංචිතය – ජේසන් හෝල්ඩර් (නායක), ක්‍රිස් ගේල්, කෙමාර් රෝච්, ඩැරන් බ්‍රාවෝ, ඔන්ඩ්‍රේ රසල්, ශායි හෝප්, ශෙල්ඩන් කෝට්ට්‍රෙල්, එවින් ලුවිස්, ශෙනෝන් ග්‍රේබ්‍රියල්, කාර්ලෝස් බ්‍රත්වෙයිට්, ඈශ්ලි නර්ස්, ශිම්රෝන් හෙට්මයර්, ෆැබියන් අලන්, ඔශේන් තෝමස්, නිකොලස් පූරන්.

අතිරේක ක්‍රීඩකයින් – සුනිල් ඇම්බ්‍රිස්, ඩ්වේන් බ්‍රාවෝ, ජෝන් කැම්ප්බල්, ජොනතන් කාටර්, රොස්ටන් චේස්, ශේන් ඩොර්විච්, කීමෝ පෝල්, කාරි පිරර්, රේමන් රෙයිෆර්, කිරන් පොලාඩ්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<