දිල්මින් හා සන්තුෂ් පාසල් ක්‍රිකට් පිටියේ කඩුලු දඩයමක

389

පාසල් කෙළිමඬල කාර්යබහුල කරන සිංගර් කුසලාන අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින තරග රැසක් අද (25) ආරම්භ වෙද්දී, අද අවසන් වූ තරගයකින් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට හැකි විය.

රවිඳුගේ කඩුලු 10 මාරිස් ස්ටෙල්ලා ජය වේගවත් කරයි

අනාගතයේ ලොව දිනන ක්‍රිකට් තරු සොයා යන ගමනට සහය වනු පිණිස ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය හා සිංගර් ආයතනය එක්ව සංවිධානය කරනු ලබන පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට්…

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා මාතර සාන්ත තෝමස් විද්‍යාලය

‘D කාණ්ඩයේ’ තරගයක් වූ මෙම තරගය අද (25) දෙවන දිනය වෙනුවෙන් ආරම්භ වන විට මාතර සාන්ත තෝමස් විද්‍යාලය කිසිවෙක් නොදැවී දැවී ලකුණු 12ක් ලබාගෙන සිටියේය.

හරිඳු ජයසේකර, කවිඳු රිද්මල් හා මිහිසල් අමෝද එක්ව සාන්ත තෝමස් විද්‍යාලයට පළමු ඉනිමේ ජයක් ගෙන ඒමට වෑයම් කළත් ඩිල්ෂාන් ද සිල්වා ඇතුළු ධර්මපාල විද්‍යාල පන්දු යවන්නන් හමුවේ එම වෑයම සාර්ථක නොවීය. පන්දු යැවීමේ දී ඩිල්ෂාන් කඩුලු 4ක් දවා ගත්තේ ය. වර්ෂාවෙන් බාධා එල්ල වීම නිසා මේ තරගය යම් වේලාවක් නවතා දමන්නට සිදු විය.

ලකුණු 45ක පළමු ඉනිමේ වාසියක් ද අතැතිව පන්දුවට පහර දුන් ධර්මපාල විද්‍යාලය තරගයේ දෙවන හා අවසන් දිනය අවසානයේ දී කඩුලු 4ක් දැවී ලබා ගත්තේ ලකුණු 41ක් පමණයි. සචිර රශ්මික ලකුණු 9කට කඩුලු 4ක් දවා ගන්නා ලදි.

ධර්මපාල විද්‍යාල පළමු ඉනිම – 204 (66.1): ඩී. ඒ. එගොඩගේ 89, කේ. එන්. එච්. එල් හේවනායක 37, සිනෙත් සිතාර 5/45.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම – 159 (95.5): හරිඳු ජයසේකර 41, කවිඳු රිද්මල් 32, මිහිසල් අමෝද 27, ඩිල්ෂාන් ද සිල්වා 4/32, එස්. එන්. සෝමසුන්දර 3/25.

ධර්මපාල විද්‍යාල දෙවන ඉනිම – 34/4 (22.4): සචිර රශ්මික 4/09.


මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා ගාල්ල මහින්ද විද්‍යාලය

පැහැදිලි කාලගුණික තත්වයක් යටතේ ඉහළ නැගුණු මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත ජෝසප් විද්‍යාලය පළමුව පන්දුවට පහර දී ලකුණු 223ක් ලබා ගත්තේ ශෙවෝන් ඩැනියල් හා ජොහාන් ද සිල්වා ලබා ගත් ලකුණු සවියක් කරගෙනයි.

එහි දී ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 68ක් හා ලකුණු 37ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේ දී ගාල්ල මහින්ද විද්‍යාලය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ සුභානු රාජපක්ෂ හා පසන් පෙතනගොඩ කඩුලු 3 බැගින් දවා ගන්නා ලදි. තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ගාල්ල මහින්ද විද්‍යාලය එක් කඩුල්ලක් දැවී ලකුණු 13ක් ලබාගෙන සිටියේය.

සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 223 (56.5): ශෙවෝන් ඩැනියල් 68, ජොහෑන් ද සිල්වා 37, ජෙහාන් ප්‍රනාන්දුපුල්ලේ 28, සුභානු රාජපක්ෂ 3/44, පසන් පෙතනගොඩ 3/50, විනුර දුල්සර 2/15.

ගාල්ල මහින්ද විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 13/1 (8):

අතීත ක්‍රිකට් හී රස කතා 10ක්

ක්‍රිකට් ක්‍රීඩාව මුළු ලෝකය පුරාම ඉතාම ජනප්‍රිය ක්‍රීඩාවක්. ක්‍රිකට් ක්‍රීඩාව තුළින් ලැබෙන වින්දනය ඊට ප්‍රධාන හේතුවක්. මෙම ක්‍රීඩාවේ ආකෘතියට අදාලව ක්‍රීඩාව තුල දී සිදු වූ සුවිශේෂී සිදුවීම්…

ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලය හා ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය

ගල්කිස්ස සාන්ත තෝමස් පිටියේ දී C කාණ්ඩයේ තරගයක් ලෙස පැවැත්වූ මේ තරගයේ පළමු දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත තෝමස් විද්‍යාලය කඩුලු 8ක් දැවී ලකුණු 158ක් ලබාගෙන  සිටියේ සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිමට වඩා ලකුණු 68ක් ඉදිරියෙන් සිටිමිනි.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ද මැසනොඩ් විද්‍යාලය සිය පළමු ඉනිම වෙනුවෙන් සියල්ලන්ම දැවී ලකුණු 83ක් ලබා ගත්තේ දෙදින තරගයේ පළමු දිනයේ පන්දුවාර 31කුත් පන්දු 3ක් වැය කරමිනි. එහි දී ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ දකුණතින් පිත්ත හසුරුවන හසිඳු ගිම්හාන ලකුණු 21ක් ලබා ගන්නා ලදි.

පිට දඟපන්දු යවන ක්‍රීඩක දිල්මින් රත්නායක කඩුලු 4යි. සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිමට පිළිතුරු දුන් සත්කාරක සාන්ත තෝමස් විද්‍යාලයේ ඩියෝන් ප්‍රනාන්දු  හා රවිඳු ද සිල්වා පිළිවෙළින් ලකුණු 42ක් හා ලකුණු 24ක් ලබාගෙන තරගයේ ආරම්භක දිනය තුලම සිය විද්‍යාලයේ පළමු ඉනිමේ ජය තහවුරු කළේය.

සාන්ත ඇලෝසියස් විද්‍යාල පළමු ඉනිම – 83 (31.3): හසිඳු ගිම්හාන 21, දිල්මින් රත්නායක 4/06, ඩෙලෝන් පීරිස් 3/34, කලන පෙරේරා 2/16.

සාන්ත තෝමස් විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 151/8 (37): ඩියෝන් ප්‍රනාන්දු 42, තෙවින් ඊරියගම 24*, රවිඳු ද සිල්වා 24, මනුෂ්ක සමිත් 2/32, නිදුක සමරසේකර 2/33, සඳුන් මදුසංක 2/37.

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා කොළඹ සාන්ත පීතර විද්‍යාලය

මූලික වටයේ B කාණ්ඩයේ තරගයක් ලෙස පැවති මේ තරගයේ අද (25) දිනය අවසන් වන විට සිය පිළිතුරු පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි සාන්ත පීතර විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 24ක් ලබාගෙන ඉතාමත් අසීරු තත්වයක සිටියේය. ඒ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය ඔවුන්ගේ පළමු ඉනිමට සියල්ලන්ම දැවී ලබාගත් ලකුණු 168ට පිළිතුරු ලෙසයි.

කාසියේ වාසිය දිනා ගත් සාන්ත බෙනඩික්ට් විද්‍යාලය වෙනුවෙන් වමතින් පිත්ත හසුරුවන සෙනේෂ් ප්‍රනාන්දු සිය විද්‍යාලය වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්තේ ය. ඊට අමතරව නදුන් ඩිල්ශාන් හා මාර්ක් මතියාස් පිළිවෙළින් ලකුණු 33ක් හා ලකුණු 32*ක් රැස්කරගෙන සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම ගොඩනැංවීමට සෙනේෂ් හට සහය විය.

ලකුණු 90කට කඩුලු 8ක් දැවී ගොස් තිබූ සාන්ත බෙනඩික්ට් විද්‍යාලය අවසන් කඩුලු 2ක රැකගනිමින් සාන්ත පීතර විද්‍යාල පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් ලබා දුන්නේ ලකුණු 73ක් පමණ ඔවුන්ගෙන් උදුරා ගනිමිනි. මේ තරගයේ පන්දු යැවීමේ දී සුපිරි පන්දුකරණයක නිරත වූ සන්තුෂ් ගුණතිලක ලකුණු 5කට කඩුලු 6ක් දවා ගන්නා විට රුවින් සෙනෙවිරත්න විසින් කඩුලු 2ක් දවා ගත්තේය.

මේ තරගය සාන්ත පීතර විද්‍යාලයීය ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

සාන්ත බෙනඩික්ට් විද්‍යාල පළමු ඉනිම – 163 (53.3): සෙනේෂ් ප්‍රනාන්දු 68, නදුන් ඩිල්ශාන් 33, මාර්ක් මතියාස් 32*, සන්තුෂ් ගුණතිලක 6/05, රුවින් සෙනෙවිරත්න 2/47

සාන්ත පීතර විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 24/5 (10):

පළමු දිනයට ක්‍රියාත්මක වූ තරග හෙට (26) දෙවන දිනයටත් ක්‍රියාත්මක වෙනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<